ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

69

2020 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ඊයේ (06) කටාර් හිදී පැවැත්විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 46ක් සහභාගී වීම කැපී පෙනුනි.

යොවුන් Chelsea ක්‍රීඩකයින් පිටිය පෙරළද්දී Dortmundගෙන් සුපිරි තරගයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනය ඊයේ (5) ආරම්භ වුනා. ඉතා උණුසුම් තරගය…

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදින අතර එයට සත්කාරක කටාර් රාජ්‍යය, ටර්ක්මෙනිස්තානය සහ යේමනය ඇතුළත් වේ. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ සත්කාරක කටාර් රාජ්‍යය සමඟින් පැවති අතර එහි දී ගෝල 5-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට කටාර් කණ්ඩායම සමත් විය. තරගය දෝහා හිදී පැවැත්විය.

තරගයේ ආරම්භයේ දී ම තරමක දුර්වල ක්‍රීඩා රටාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දිස්වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගත් කටාර් කණ්ඩායම, තරගයේ මිනිත්තු 4ක් පමණක් ගතවූ පසු තම පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඒ මෙක්කි මොහ්සෙන් විසිනි.

තරග ආරම්භයේ දී ම වාර්තා වූ පළමු ගෝලයෙන් යම් පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත තවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට කටාර් කණ්ඩායම සමත් වූයේ තරගයේ 19 වැනි මිනිත්තුවේ දී ය. ආක්‍රමණශීලී තරග රටාවක ප්‍රතිඵලයක් ලෙස එම මිනිත්තුවේ දී කටාර් රාජ්‍යයේ දෙවන ගෝලය වාර්තා විය. ඒ free kick අවස්ථාවක දී ය. එම ගෝලය වාර්තා කිරීමට මොස්ටාෆා එසාම් සමත් විය. අනුව තරගයේ ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට කටාර් කණ්ඩායම සමත් විය.

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරු කටයුතු කළ අතර තවත් කහ කාඩ්පතක් තරගයේ 26 වැනි මිනිත්තුවේ දී ලබා දීමට සිදු විය.

සාන්ත තෝමස් – රාජකීය ගැටුමට වර්ෂාව හරස් වෙයි

වාර්ෂිකව පැවැත්වෙන රාජකීය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර පාපන්දු තරගය ඊයේ (02)…

කෙසේ වෙතත් තරගයේ මීළඟ මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර තරගයේ 40 වැනි මිනිත්තුව වන තෙක්ම කිසිදු කණ්ඩායමක් ගෝල ලබා ගැනීමට අසමත් විය. 

තරගයේ 42 වැනි මිනිත්තුවේ දී කටාර් කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා වූ අතර එම ගෝලය ද මෙක්කි මොහ්සෙන් විසින් වාර්තා කළේය. එම ගෝලය වාර්තා වී වැඩි වේලාවක් ගත වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. දිගු දුර ගෝලයක් වූ එම ගෝලය ශබීර් රසූනියා විසින් වාර්තා කළේය.

 පළමු අර්ධය: කටාර් රාජ්‍යය 3 – 1 ශ්‍රී ලංකාව

තරගයේ දෙවන අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රබල කටාර් ආක්‍රමණයන් සාර්ථකව මැඬලීමට සමත් වූ අතර මුල් මිනිත්තු කිහිපය තු ළදී ගෝලයක් වාර්තා කිරීමට කටාර් ක්‍රීඩකයන් ගත් උත්සාහයක් කිහිපයක් ව්‍යර්ථ කිරීමට සමත් විය. 

කෙසේ වෙතත් දෙවන අර්ධයේ කටාර් කණ්ඩායමේ පළමු ගෝලය 58 වැනි මිනිත්තුවේ දී වාර්තා විය. එම ගෝලය own goal ලෙස වාර්තා වූ අතර ඒ සමඟින් ගෝල 4-1ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට කටාර් කණ්ඩායම සමත් විය. එම ගෝලය corner අවස්ථාවක දී අවිශ්ක දේශාන් විසින් කළ වැළැක්වීමක දී වාර්තා විය. 

සිව්වැනි ගෝලය වාර්තා වී වැඩි වේලාවක් ගත වීමට පෙර තම පස්වැනි ගෝලය ද වාර්තා කිරීමට කටාර් කණ්ඩායම සමත් වූයේ තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ය. ඒ ජසීම් ෆහාඩ්ගේ පහරකිනි. 

Ronaldo අවසන් මිනිත්තුවේ දී ජයග්‍රහණයට පාර කපයි

90+6 වැනි මිනිත්තුවේ දී Cristiano Ronaldo සාර්ථක කර ගත් දඬුවම් පහරෙන් Juventus ගෝල 2-1ක්…

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී අඩුපාඩු රැසක් සිදු කළ අතර තුන් වතාවක දී ම කහ කාඩ්පත නිකුත් කිරීමට විනිසුරුවරුන් ක්‍රියා කළේය. තුන්වැනි කහ කාඩ්පත තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ලබා දීමට ඔවුන් කටයුතු කළේය.

කටාර් කණ්ඩායම තරගයේ අවසන් අවස්ථාවේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් තවත් ගෝලයක් ලබා ගැනීම සඳහා උත්සාහ කළ අතර එම අවස්ථාවන් ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ප්‍රතිවාදී ක්‍රීඩකයන් හොඳින් අධ්‍යනය කරමින් ඔවුන්ගේ දුර්වලතා වලින් උපරිම ප්‍රයෝජනයට ගැනීමට කටාර් ක්‍රීඩකයන් සමත් වූ අතර තරගය පුරා තම ග්‍රහණය මදක් හෝ ලිහිල් නොකිරීමට ඔවුන් ක්‍රියා කළේය.

ඉන්පසු තරගයේ නියමිත කාලය අවසන් වන තුරුම ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වූ බැවින් තරගය නිමා වූයේ ගෝල 5-1ක් ලෙස කටාර් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

 අවසන් ලකුණු තත්ත්වය: කටාර් රාජ්‍යය 05 – 01 ශ්‍රී ලංකාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<