සාන්ත තෝමස් – රාජකීය ගැටුමට වර්ෂාව හරස් වෙයි

90

වාර්ෂිකව පැවැත්වෙන රාජකීය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර පාපන්දු තරගය ඊයේ (02) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවත්විය. එහි දී ගෝල 1-1ක් ලෙස තරගය සමව නිමාවට පත්විය. තරගාවලිය පැවැත්වූයේ 26 වැනි වතාවටය. 

Ronaldo අවසන් මිනිත්තුවේ දී ජයග්‍රහණයට පාර කපයි

90+6 වැනි මිනිත්තුවේ දී Cristiano Ronaldo සාර්ථක කර ගත් දඬුවම් පහරෙන් Juventus ගෝල 2-1ක් …

තරගයේ ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර සාන්ත තෝමස් කණ්ඩායම එල්ල කල අභියෝගය හමුවේ රාජකීය කණ්ඩායම යම් පසුබෑමකට ලක්වූ ආකාරයක් දක්නට ලැබුණි. 

තරගයේ ආක්‍රමණය වැඩි කල සාන්ත තෝමස් කණ්ඩායම රාජකීය ක්‍රීඩකයෙකු කළ වරදක් උපයෝගී කරගනිමින් ගෝල සීමාව ආසන්නයේ දී ම දඬුවම් පහරක් ලබා ගත් අතර එය සාර්ථක කර ගත් ශෙවාන් එබනීසර් ඉක්මන් ගෝලයක් වාර්තා කළේ රාජකීය කණ්ඩායමට ආරම්භයේ දී ම දරුණු ප්‍රහාරයක් එල්ල කරමිනි. (සා. තෝමස් 1 – 0 රාජකීය)

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම යලිත් කරට කර සටනකට අවතීර්ණ වූ අතර රාජකීය කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත විය. සාන්ත තෝමස් ඉදිරිපෙළ ක්‍රීඩකයන් ප්‍රබල ආරක්ෂක වලල්ලක් ගොඩනගාගෙන සිටි අතර එය බිඳ දැමීම සඳහා රාජකීය කණ්ඩායම දිගු පහරවල් වලට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුණි. 

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර තම බලාපොරොත්තු සඵල කරගැනීමට රාජකීය කණ්ඩායම සමත් වූ අතර තරගයේ 31 වැනි මිනිත්තුවේ දී එම ගෝලය වාර්තා විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් වාර්තා කර සිටිය දී ය. 

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 01 – 01 සාන්ත තෝමස් විද්‍යාලය 

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමට නියමිත කාලය වන විට කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් තිබූ අතර ක්‍රීඩා පිටිය තුල ක්‍රීඩා කිරීමට අපහසු ස්වාභාවයක් ඇති බව පෙනෙන්නට විය. 

අයහපත් කාලගුණය හා අයහපත් ආලෝක තත්ත්වයන් නිසා තරගයේ දෙවන අර්ධය අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය. 

Lionel Messiගේ සුපිරි දස්කම් නිසා Barcelonaට ජය

Lionel Messiගේ සුපිරි ගෝල ද්විත්වයේ සවියෙන් Real Valladolid ගෝල 5-1ක් ලෙස පරාජය …

ඒ අනුව 26 වැනි සාන්ත තෝමස් – රාජකීය පාපන්දු තරගය නිමා වූයේ කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබාගෙන ජය පරාජයෙන් තොරවය. 

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 1 – 1 රාජකීය විද්‍යාලය

මෙම තරගයේ විනිසුරු ලෙස කටයුතු කල මොහොමඩ් රියාසි ගේ තීරණ යම් මතභේදාත්මක තත්ත්වයක පැවති අතර තරගයේ පළමු අර්ධයේ අවසන් මිනිත්තු කීපය තුලදී තෝමස් කණ්ඩායමේ ගොල රකින ක්‍රීඩකයා විසින් අයහපත් ආලෝක තත්ත්වයන් පිළිබඳව කීපවරක් විනිසුරු හට දන්වා සිටියද ඔහුගේ තීරණය වූයේ තරගය පවත්වාගෙන යාමටයි. ඉන් මිනිත්තු කීපයකට පසුව රාජකීය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා වීමද විශේෂත්වයකි.

තරගය නැවත දිනකදී පවත්වන්නේදැයි විද්‍යාල දෙකෙහි සංවිධායක කමිටු තීරණය කරනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<