ඔලිම්පික් රනින් දිනූ ලොව කුඩාම රටවල්

245

ඔලිම්පික් තරගාවලියක පදක්කමක් දිනා ගැනීම ලොව පුරා සිටින ක්‍රීඩකයන්ගේ ප්‍රධාන සිහිනයක් යැයි කිවහොත් නිවැරදියි. නමුත් රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන ඔලිම්පික් උළෙලේ දී පදක්කමක් දිනා ගැනීම පහසු දෙයක් නොවෙයි.

ජීවන පිටියේ සටන පැරදුණු ඔලිම්පික් ජයග්‍රාහකයෝ

ජනගහනය අතින් ලොව දෙවැනි තැන සිටින අසල්වැසි ඉන්දියානුවන් පවා මෙතෙක් ඔලිම්පික් ඉතිහාසය තුළ ලබා ඇති පදක්කම ගණන 28ක් පමණක් වීම එහි ඇති තරගකාරීත්වයට කදිම නිදසුනයි.

නමුත් ඔලිම්පික් ඉතිහාසය දෙස බැලීමේ දී ඔලිම්පික් උළෙලවල්හී පදක්කම් දිනා ගැනීමට සමත් වූ කුඩා රටවල් කිහිපයක්ම දැකගත හැකි වන අතර ඒවායෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ රටවල් කිහිපයක් ද ඇත.

Luxembourg (ලක්සම්බර්ග්)

1952 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ 1500m ඉසව්ව නියෝජනය කළ Luxembourg ක්‍රීඩක Joseph Barthel විසින් එම ඉසව්ව මිනිත්තු 3:45:20ක කාලයකින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

Joseph Barthel තරගය නිමා කරමින් Image Courtesy: Getty Images

1990 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සිට ඔලිම්පික් උළෙලවල් සඳහා සහභාගි වූ Luxembourg දේශය වෙනුවෙන් 1920 ඔලිම්පික් උළෙලේ දී ජෝසප් අල්සින් දිනා ගත් රිදී පදක්කමට අමතරව මේ දක්වා ඔලිම්පික් ඉතිහාසය තුළ ඔවුන් ලබා ගත් එකම රන් පදක්කම මෙයයි.

625,978ක පුද්ගල ජනගහනයකින් යුත් Luxembourg යුරෝපා මහද්වීපයේ පිහිටි කුඩා රටක් ලෙස සැලකෙන අතර ජනගහනය අනුව ලෝක රටවල් වර්ගීකරණයේ 169 වැනි ස්ථානයේ පසුවේ.

Suriname (සූරිනේම්)

1988 ගිම්හාන ඔලිම්පික් උළෙලේ 100-metre butterfly ඉසව්ව නියෝජනය කල Suriname පිහිනුම් ක්‍රීඩක ඇන්තෝනී නෙස්ටි (Anthony Nesty) විසින් එම තරගයේ අවසාන කොටසේ දී ඉතා තියුණු සටනකින් අනතුරුව එම ඉසව්ව තත්පර 53.00 කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඇන්තෝනී නෙස්ටි (Anthony Nesty)  Image Courtesy: Getty Images

එම පදක්කම Suriname ක්‍රීඩකයෙකු විසින් ගිම්හාන ඔලිම්පික් උළෙලක දී ලබාගත් මුල්ම පදක්කම වූ අතර 1992 ඔලිම්පික් තරගාවලියට ද සහභාගි වූ ඔහු එහි දීත් 100-metre butterfly ඉසව්ව තුන්වැන්නා ලෙස අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඇන්තෝනියෝ විසින් පදක්කම් දිනා ගැනීමෙන් අනතුරුව 1992 වසරේ සිට මේ දක්වා පැවති සියලුම ඔලිම්පික් උළෙලවල් සඳහා Suriname නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ නමුත් ඉන් කිසිවෙකුටත් පදක්කම් දිනා ගැනීමට හැකියාව ලැබී නැත.

දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටි රටක් වන Suriname 586,632ක පුද්ගල ජනගහනයකින් යුක්ත වන අතර ජනගහනය අනුව ලෝක රටවල් වර්ගීකරණයේ 171 වැනි ස්ථානයේ පසුවේ.

තහනම් පාරෙන් ගොස් ඔලිම්පික් පදක්කම් අහිමි කර ගත් ජයග්‍රාහකයන්

Bahamas (බහමාස්)

1952 වසරේ දී තම මුල්ම ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වූ බහමාස් (Bahamas) රාජ්‍යය වෙනුවෙන් ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම, 1964 ඔලිම්පික් තරගාවලියේ යුගල Sailing ඉසව්ව නියෝජනය කළ Durward Knowles සහ Cecil Cooke විසින් දිනා ගැනීමට සමත් විය.

Durward Knowles (වමේ) සහ Cecil Cooke (දකුණේ)

එම රන් පදක්කම එරට ඔලිම්පික් ඉතිහාසයේ දිනාගත් මුල්ම පදක්කම වූ අතර එතැන් පටන් ඔලිම්පික් තරගාවලීන් හී ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ බහමාස් (Bahamas) රාජ්‍යය වෙනුවෙන් 2000 ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් දෙකක් ද, 2004 ,2012 සහ 2016 ඔලිම්පික් තරගාවලිවල දී රන් පදක්කම බැගින් දිනා ගනිමින් මේ දක්වා ඔලිම්පික් ඉතිහාසය තුළ රන් පදක්කම් 6ක් දිනා ගැනීමට බහමාස් (Bahamas) ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී ඇත.

දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටා කුඩා දේශයක් වන බහමාස් හී පුද්ගල ජනගහනය 393,244 වන අතර ජනගහනයට අනුව ලෝක රටවල් වර්ගීකරණයේ 178 වැනි ස්ථානයේ පසුවේ.

Grenada (ග්‍රෙනාඩා)

2012 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වූ Grenada ක්‍රීඩක කිරානි ජේම්ස් (Kirani James) විසින් 400m ඉසව්ව තත්පර 43.94ක කාලයකින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

Kirani James               Image Courtesy: Getty Images

එම පදක්කම Grenada දේශය වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක දී දිනා ගත් මුල්ම පදක්කම වූ අතර ඔලිම්පික් තරගාවලියක රන් පදක්කමක් දිනූ කුඩාම රට ලෙස ද Grenada දේශය ඉතිහාසගත විය. 

ජනගහනය අනුව රටවල් වර්ගීකරණයෙහි 195 වැනි ස්ථානයේ පසුවෙන Grenada දේශය දකුණු ඇමරිකානු මහද්වීපයේ කැරිබියන් දූපත් සමූහයේ පිහිටා ඇති අතර 112,523ක පුද්ගල ජනගහනයකින් සමන්විත වේ. 

මූලාශ්‍ර: Olympic Channel

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<