වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සම්මාන උළෙලට මොකද වෙන්නේ?

61

එළඹෙන අප්‍රේල් මාස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2019 වර්ෂයට අදාළ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල, පවතින කොරෝනා වයිරස තත්වය මත කල් දැමීමට තීරණය කළ බව සම්මාන උළෙලේ සභාපති සමන් අමරසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

ප්‍රංශ සංවිධායකයන් බලාපොරොත්තු අත්නොහරී

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා බොහෝ තරගාවලීන් කල් ……….

කොරෝනා වයිරස තත්වය නිසාවෙන් දේශීය හා විදේශීය ක්‍රීඩා තරගාවලි බොහොමයක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට ක්‍රීඩා බලධාරීන්ට සිදු වූ අතර ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් පවා කල් දැමීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබුණි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩා උළෙල නැවත පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කොට නොමැති අතර ඉදිරියේ දී එය දැනුම් දීමට නියමිත බව ප්‍රකාශ කරන ලදි.

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් ලොව පුරා පුද්ගලයින් 24,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 533,000කට අධික පිරිසක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<