Major League පිටියටත් වර්ෂාවෙන් බාධා

SLC Major League Cricket Tournament 2022

125

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතියේ පළමු දිනය වූ අද (14) දවස සම්පූර්ණයෙන්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා.

පෙර දිනයේත්, අද පෙරවරුවේත් පැවති වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සෑම ක්‍රීඩාංගණයක්ම තරග පැවැත්වීමට නුසුදුසු තත්ත්වයෙන් පසුවූවා. මේ හේතුව මත විනිසුරුවන් විසින් තරග නොපැවැත්වීමට තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වය හෙට (15) දිනයේ ද බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අහස වළාකුලින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) සවස 4.00ට නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව තරග ක්‍රියාත්මක පැවැත්වෙන බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පවසනවා.

එසේ වුවහොත් අද දිනයේ සේ ම හෙට (15) දිනයේ ද තරග පැවැත්වීමේ අවදානමක් පවතිනවා.

අද පැවැත්වීමට නියමිතව තිබූ තරග

Group A

  •  BRC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය BRC පිටියේ දී
  •  ගාල්ල සහ මුවර්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  •  කලුතර සහ රාගම අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  •  කැන්ඩි කස්ටම්ස් සහ SSC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී
  •  කුරුණෑගල සහ කුරුණෑගල යූත් අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී
  •  ලංකන් සහ පොලිසිය අතර තරගය SSC පිටියේ දී

Group B

  •  Ace කැපිටල් සහ බදුරලිය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී
  •  බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යුනියන් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී
  •  හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  •  ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය වැලිසර නාවික පිටියේ දී
  •  මීගමුව සහ පානදුර අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී
  •  සැරසන්ස් සහ නුගේගොඩ අතර තරගය මුවර්ස් පිටියේ දී

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<