වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිත රාජකීයයන් බියගන්වති

2293

CR & FC ක්‍රීඩාංගණය මිනිත්තු හැත්තෑවකට කම්පනය කරමින් සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව යටතේ අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලය හා පෙරළිකාර කොළඹ වෙස්ලි විදුහල ඊයේ (19) තරග කළ අතර තියුණු තරගයකට පසුව ලකුණු 18-17ක් ලෙස තරගය ජය ගැනීමට කොළඹ රාජකීය ක්‍රීඩකයින් සමත් වුනා.

දෙවැනි අර්ධයේ වික්‍රමයෙන් ධර්මරාජයට තියුණු ජයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් අද (19)

රාජකීයයින්ට සිතා ගැනීමටවත් ඉඩ ලබා නොදුන් වෙස්ලි ක්‍රීඩකයෝ රාජකීය අර්ධය ආක්‍රමණය කළ නමුත් අපරාජිත වාර්තාව සඳහා සටන් කළ රාජකීය ක්‍රීඩකයෝ කෙසේ හෝ ජයග්‍රහණයේ එල්ලී සිටින්නට සමත් වූහ.

වෙස්ලි ක්‍රීඩකයින්ගේ පා පහරෙන් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ රාජකීය ක්‍රීඩකයින් ‘scrum’ අවස්ථා, ‘rolling maul’ අවස්ථාවන් වැනි උපක්‍රම යොදාගත් අතර ඔවුන් ප්‍රියකරන ඔවුන්ගේ දැවැන්ත ඉදිරිපෙළ යොදා ගනිමින් උත්සාහක දිනුමකට යාමට උත්සහ කළත් පෙරළිකාර වෙස්ලි ක්‍රීඩකයෝ රාජකීය ක්‍රීඩකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට වග බලා ගත්හ.

කෙසේ වෙතත් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් දඬුවම් පහරක් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර යවන්නට දුලාන් ගුණවර්ධන සමත් විය. (රාජකීය 03-00 වෙස්ලි)  

අන්තෝනි දෙවන ජය ලුම්බිණියට දැවැන්ත පරාජයක් අත්කර දෙයි

කොළඹ තුරඟ තරග පිටියේ අද (19) පැවති 2018 ‘සිංගර්’ පාසල් රග්බි

ඉන් සුළු වෙලාවකට පසු වෙස්ලි විද්‍යාලයට ද දඬුවම් පහරක් හිමි වූ අතර නායක සභානායක දෙවරක් නොසිතාම එම දඬුවම් පහර ලබාගෙන ලකුණු සමකරන්නට සමත් වුනා. (රාජකීය 03-03 වෙස්ලි)  

රාජකීය ඉදිරිපෙළ සුපුරුදු ලෙස ‘Rolling  maul’ අවස්ථාවකට යමින් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට ගිය අතර වෙස්ලි ක්‍රීඩකයින් අතින් සිදු වූ වරදකින් අනතුරුව හිමි වූ දඬුවම් පහරක් ක්ෂණිකව ලබා ගත් (quick tap) ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක පන්දුව සසිත සියත් වෙත ලබා දුන් අතර සියත් තරගයේ පළමු වරට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. ගුණවර්ධන අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (රාජකීය 10-03 වෙස්ලි)         

රාජකීය ක්‍රීඩකයින්ට අභියෝග කළ වෙස්ලි ක්‍රීඩකයෝ ඉක්මනින්ම නැවතත් ලකුණු සම කිරීමට සමත්වූ අතරවේගවත් ධාවනයක නිරත වූ පරන්තිරන් ගෝල කණු අසලින්ම උත්සාහක දිනුම් සීමාව ස්පර්ශ කිරීමට සමත්විය.සිය පසුපෙළ ක්‍රීඩකයින් යොදාගනිමින් කිහිපවතාවක් පන්දුව හුවමාරු කිරීමෙන් පසුව පරන්තිරන් හට පන්දුව භාරවූ අතර සභානායක ප්‍රවර්තනය සාර්ථක ලෙස ගෝල කණු අතරින් යැවීමට සමත්විය. . (රාජකීය 10-10 වෙස්ලි)   

විද්‍යා ක්‍රීඩකයින් සහ අපරාජිත කිරුළ

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවයේ දෙවැනි සතියේ දී ක්‍රීඩකයින් කෙසේ ක්‍රීඩා කරයි ද? මේ ඒ ගැන පොඩි Review එකක් සිංහලෙන්.

රාජකීය ක්‍රීඩකයින්ගේ හිඩැසක් දුටු වෙස්ලි ෆ්ලයි හාෆ් වල්පිට ඔවුන් අතරින් රිංගා ඉදිරියට යාමෙන් අනතුරුව පන්දුව සුබයිර් වෙත භාර දුන් අතර සුබයිර්ගේ අලංකාර ධාවනයෙන් පසු පන්දුව ලබාගත් කේ. පී. පෙරේරා උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා පළමු වරට තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වුනා. (රාජකීය 10-17 වෙස්ලි)   

රාජකීය ක්‍රීඩකයෝ දිගින් දිගටම සටනේ නිරත වූ අතර හිමන්ත හිරුශාන් සිය ශක්තිය භාවිතා කරමින් වෙස්ලි ආරක්ෂක වළල්ල මැඩලමින් තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (රාජකීය 15-17 වෙස්ලි)   

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 15 – 17 වෙස්ලි විද්‍යාලය  

දෙවන අර්ධය ආරම්භයේම හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් නැවත පෙරමුණ ගැනීමට රාජකීය ක්‍රීඩක දුලාන් ගුණවර්ධන සමත් වූ අතර එම ලකුණු තුන තරගයේ ජයග්‍රාහී ලකුණු තුන වේ යැයි කිසිවෙකු අනුමාන කළේ නැත. (රාජකීය 18-17 වෙස්ලි)  

ත්‍රිත්ව ඉසිපතන ගැටුමේ තීරණයක් නැහැ!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවේ තවත් තරගයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

තරගයේ උණුසුම වැඩිවත්ම ප්‍රේක්ෂකයින්ගෙන් සිදු වූ බාධා නිසා විශිෂ්ට රග්බි තරගයක් තාවකාලිකව නවත්වන්නට විනිසුරු ඩින්කා පිරිස් ක්‍රියා කළ අතර තත්වය සමනය වීමෙන් පසුව නැවතත් තරගය ආරම්භ කිරීමට විනිසුරුවන් තීරණය කළේය.

වෙස්ලි ක්‍රීඩකයින් දිගින් දිගටම උත්සහ කළත් තවත් එක ලකුණක පරතරය ඉක්මවා යාමට ඔවුන්ට නොහැකි වූ අතර විනිසුරුගේ දීර්ඝ නලා නාදයෙන් අනතුරුව රාජකීය ක්‍රීඩකයින්ට සැනසුම් සුසුමක් හෙලීමට හැකි විය.

විශිෂ්ට තරගයක අවසානයට නොගැලපෙන පරිදි තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයින් කලහකාරීව හැසිරෙනු දක්නට ලැබුණි.

අවසාන ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 18 (2P,2T,1C) – 17 (1P,2T,2C) වෙස්ලි විද්‍යාලය   

ThePapare.com තරගයේ වීරයා:  එන්. ශුබයිර්

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

රාජකීය විද්‍යාලය – සසිත සියත් (1T), හිමන්ත හිරුශාන් (1T), දුලාන් ගුණවර්ධන (2P,1C)

වෙස්ලි විද්‍යාලය – පරන්තිරන් (1T), කේ. පි පෙරේරා (1T), සභානායක (1P,2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<