විද්‍යාර්ථයේ උත්සාහක දිනුම් 9න් සිල්වෙස්තරයින් පරාජය වේ

1745

අටවැනි වරටත් පැවති බර්ටි නිල්ලේගොඩ සහ පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි තරගය ලකුණු 60-15ක් ලෙස මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පහසුවෙන් පරාජය කරමින් කුසලානය විද්‍යාර්ථ විදුහල් සෙවනට රැගෙන යාමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමත් විය. තරගය අද (1) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්විය.

අපරාජිත කිරුළ රැක ගනිමින් ලුම්බිණි ක්‍රීඩකයින් තර්ස්ටන් මෙල්ල කරයි

කොළඹ ලුම්බිණි විද්‍යාලයත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයත් අතර සිංගර් පාසල් රග්බි

තරගයේ ආරම්භක මිනිත්තු 10 තුල කණ්ඩයම් දෙකටම සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට එළඹීමට නොහැකිවූ නමුත් කල්ගතවත්ම සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට පිටියේ ස්ථාවර වීමට ඉඩ නොදෙමින් සිය සුපුරුදු රිද්මයට පිවිසීමට විද්‍යාර්ථ කණ්ඩායම සමත් විය. 14 වන මිනිත්තුවේ දී පී. එච්. ටී. එම්. හෙට්ටිආරච්චි දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් විද්‍යාර්ථය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. (විද්‍යාර්ථ 03-00 සිල්වෙස්තර)

අනතුරුව ක්‍රියාත්මක වූ වේගවත් විද්‍යාර්ථ පසුපෙළ තරගයේ 17 වන මිනිත්තුවේ දී හා 19 වන මිනිත්තුවේ දී ඉක්මන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. සී. ඩී. කෝදාගොඩ ඉන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර හෙට්ටිආරච්චි එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (විද්‍යාර්ථ 10-00 සිල්වෙස්තර).

රග්බි පිටියේ අර්ධ ශතක වාර්තා වූ සතියක්

රග්බි ක්‍රීඩාවේ චමත්කාරය රැඳෙන්නේ කෙතරම් ලකුණු වාර්තා වන්නේද යන්න මත නොවේ. සතියේ රග්බි පිටිය!

19 වන මිනිත්තුවේ දී වාර්තා වූ උත්සාහක දිනුමට කේ. ඒ. එම්. එස්. කළුගම්පිටිය හිමිකම් කියූ අතර හෙට්ටිආරච්චි හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (විද්‍යාර්ථ 15-00 සිල්වෙස්තර)

දිගින් දිගටම එල්ල වූ විද්‍යාර්ථ පීඩනයෙන් මිදී තරගයේ 26 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සාන්ත සිල්වෙස්තර කණ්ඩයම සමත් විය. එච්. එම්. දේශප්‍රිය එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ජී. එම්. බණ්ඩාර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (විද්‍යාර්ථ 15-07 සිල්වෙස්තර)

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 15-07 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

දෙවන අර්ධයේ දී ද සිය සුපුරුදු වේගවත් ක්‍රීඩා රටාවට අවතීර්ණ වෙමින් තරගය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට නතු කරගන්නට මහනුවර විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ.

40 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට විද්‍යාර්ථ විද්‍යාලයේ  කළුගම්පිටිය සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හෙට්ටිආරච්චිට නොහැකි විය. (විද්‍යාර්ථ 20-07 සිල්වෙස්තර)

ලකුණු පරතරය අඩු කරමින් 44 වන මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ජී. එම්. බණ්ඩාර සමත් විය. (විද්‍යාර්ථ 20-10 සිල්වෙස්තර)

46, 50 සහ 54 වැනි මිනිත්තුවල දී පිට පිටම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් තරගය සම්පූර්ණයෙන්ම සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින්ගෙන් උදුරා ගන්නට විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ. 46 වැනි මිනිත්තුවේ වාර්තා වූ උත්සාහක දිනුම සී. ඩී. කෝදාගොඩගේ දෙවන උත්සාහක දිනුම වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත (විද්‍යාර්ථ 25-10 සිල්වෙස්තර).

පාසල් රග්බි සභාපති ධුරය වෙනස් වේ

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ

50 වන මිනිත්තුවේ දී වාර්තා වූ උත්සාහක දිනුමට හිමිකම් කීමට ජී. එස්. සෙව්වන්ද සමත්වූ අතර හෙට්ටිආරච්චිට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි විය. (විද්‍යාර්ථ 32-10 සිල්වෙස්තර) 54 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ උත්සාහක දිනුමට ඩී. තිස්ස හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද හෙට්ටිආරච්චි සමත් විය. (විද්‍යාර්ථ 39-10 සිල්වෙස්තර)

57 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ එස්. ඒ. වී. මධුභාතිය සමත්වූ නමුත් එම උත්සාහක දිනුම තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා ප්‍රමාණවත් වූයේ නැත. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට බණ්ඩාර සමත් වූයේ නැත. (විද්‍යාර්ථ 39-15 සිල්වෙස්තර)

සිල්වෙස්තර කණ්ඩයමේ පරාජය තහවුරු කරමින් 60, 65 සහ 70 වන මිනිත්තුවල දී පිටපිටම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස්කර ගැනීමට විද්‍යාර්ථ කණ්ඩයම සමත් විය.

පාසල් රග්බි ක්‍රීඩාව හා සම්බන්ධ මේ ලිපිත් කියවන්න;

60 හා 65 වැනි මිනිත්තුවල දී ලබා ගත් උත්සාහක දිනුම් ද්විත්වය එච්. එන්. කේ. බණ්ඩාරගේ ගිණුමට බැර වූ අතර කෝදාගොඩ එහි පළමු උත්සාහක දිනුම ප්‍රවර්තනය කරද්දී (විද්‍යාර්ථ 46-15 සිල්වෙස්තර), සී. බී. කළුආරච්චි දෙවැනි උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන ලදි. (විද්‍යාර්ථ 53 -15 සිල්වෙස්තර).

තරගයේ අවසාන උත්සාහක දිනුම ජී. එස්. ජයකොඩි විසින් ලබා ගත් අතර පී. එච්. ටී. එම්. හෙට්ටිආරච්චි එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (විද්‍යාර්ථ 60-15 සිල්වෙස්තර)

තරගය අවසානයේ ප්‍රේක්ෂකයින් අතර ඇති වූ උණුසුම් තත්වය නිසා ශූරතා ප්‍රදානෝත්සවයට බාධා සිදුවුවද, 8 වැනි බර්ටි නිල්ලේගොඩ, පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි ශූරතාව විද්‍යාර්ථ විද්‍යාලය විදුහල විසින් රැගෙන ගියේය.

අවසන් ලකුණු තත්වය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 15 (2T,1C,1P) – 60 (9T,6C,1P) විද්‍යාර්ථ විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

සාන්ත සිල්වෙස්තර: එච්. එම්. දේශප්‍රිය (1T), ජී. එම්. බණ්ඩාර (1C,1P) එස්. ඒ. වී. මධුභාතිය (1T)

විද්‍යාර්ථ විද්‍යාලය: පී. එච්. ටී. එම්. හෙට්ටිආරච්චි (4C), සී. බී. කළුආරච්චි (1C), ජී. එස්. ජයකොඩි (1T), එච්. එන්. කේ. බණ්ඩාර (2T), සී. ඩී. කෝදාගොඩ (2T), ජී. එච්. සෙව්වන්ද (1T), ඩී. තිස්ස (1T), කේ. ඒ. එම්. එස්. කළුගම්පිටිය (2T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<