බෙනඩික්ට් ක්‍රීඩකයෝත් විද්‍යා විදුහලෙන් මට්ටු වෙති

2151

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (24) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වූයේ ගල්කිස්ස විද්‍යා  විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 40-07ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය.

සහිරා අභියෝගය නොතකා ඉසිපතනය තවමත් අපරාජිතව පෙරමුණේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (24) කොළඹ ඉසිපතන විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය ……

ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ විද්‍යා  විද්‍යාලය තරගය ආරම්භ වී මිනිත්තු දෙකක් ගත වද්දී තම පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. සශේන් මුණසිංහ එම උත්සාහක දිනුමට හිමිකම් කීවේය. එහි ප්‍රවර්තනය ද පහසුවෙන් දිනා ගන්නට හසරංගට හැකි විය. ඒ අනුව තරගය ආරම්භයේ දී ම 07-00ක් ලෙස පෙරමුණ ගන්නට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට අවස්ථාව උදා විය.

බෙනඩික්ට් ක්‍රීඩකයින් ද Line out අවස්ථා කිහිපයක් මේ අතර වාරයේ දිනා ගත්තත් එය ලකුණු බවට පරිවර්තනය කරන්නට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයින් ඉඩ ලබා නොදුන්නේය.

වේලාව 4:50 වන විට තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට විද්‍යා විද්‍යාලය සමත්කම් දක්වන්නේ ප්‍රින්ස් ආකාශ්ගේ (12) ආක්‍රමණශීලී තරග විලාසයෙනි. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම ලකුණු පුවරුවට එක් කළේය. ඒ අනුව ලකුණු 14-00ක් ලෙස තවදුරටත් පෙරමුණ ගන්නට විද්‍යා විද්‍යාලයට හැකි විය.

සතියෙන් වෙනස් වුණු නීතිය සහ කණ්ඩායම් 12ක ප්‍රතිඵල

කණ්ඩායම් 12ක් සහභාගී වූ තරග 6ක තොරතුරු වලට අමතරව සතියකින් වෙනස් වූ රග්බි නීතියත්, ලකුණු ලැබෙන පිළිවෙලත් දැනගනිමු, රග්බි පිටියෙන්…..

බෙනඩික් ක්‍රීඩක සෙඩ්‍රික් වොලස් (15) කිහිප විටකම තම උත්සාහක දිනුම් සීමාවට පැමිනියත් එය සාර්ථක කර ගන්නට විද්‍යා විද්‍යාලයීය ආරක්ෂකයින් ඉඩ ලබා නොදුණි.

ඉහත උත්සාහක දිනුම වාර්තා කොට තවත් මිනිත්තු 10ක් ගත වද්දී විද්‍යා විද්‍යාලයීය අංක 08 ක්‍රීඩක ධනංජය ෆොන්සේකා තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන අතර එය ප්‍රවර්තනය කරන්නට ආකාශ් සමත් විය. ඒ අනුව 21-00 දැවන්ත පරතරයක් සමඟ තරගයේ අඩක් නිමා වද්දී විද්‍යා විද්‍යාලය පෙරමුණේ පසුවිය.

පළමු අර්ධය: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 21 – 00 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

දෙවන බාගය ආරම්භ වීමත් සමඟ නැවතත් ක්‍රියාත්මක වන ධනංජය ෆොන්සේකා (08) තවත් ලකුණු 05ක් විද්‍යා විද්‍යාලයට එක්කාසු කරන අතර එහි ප්‍රවර්තනය ඔවුන් අහිමි කර ගත්තේය.

වේලාව 5.15 වන විට තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට විද්‍යා විදුහල් ක්‍රීඩක ශසිදු ඉමාෂ් සමත් වන අතර එයට සාර්ථක ප්‍රවර්තනයක ලකුණු එකතු කරමින් අකාශ් සමත් විය. 33-00ක් ලෙස ඉතා ප්‍රබල මට්ටමක පසුවන විට විද්‍යා විදුහලේ දෙනුවන් ලක්රන්ද තරගයේ ප්‍රථම කහ කාඩ්පත ලබා ගත්තේය. මිනිත්තු 10කට ඔහුව පිටියෙන් ඉවත තැබීමට විනිසුරු කටයුතු කළේ නීති විරෝධී ක්‍රීඩා විලාසය නිසාවෙනි.

රාජකීය සුලි සුළඟ මයිකල් ගුණරත්න කුසලානය ඩැහැගනියි

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩයම අසරණ කරමින් 56 වැනි මයිකල් ගුණරත්න ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය ……..

බෙනඩික්වරුන්ට යම්කිසි සහනයක් ලබා දෙමින් ඔවුන් වාර්තා කළ පළමු හා එකම උත්සාහක දිනුම රවීන් පෙරේරා විසින් ලබාගත් අතර එය වොලස් විසින් ප්‍රවර්තනය කරන ලදි. ඒ අනුව 33-07ක් ලෙස තරගය ක්‍රියාත්මක වද්දී තරගයේ දෙවන කහ කාඩ්පත බෙනඩික්ට් ක්‍රීඩක අංජන වෙත දිගු කරන්නට විනිසුරුවරයා තිරණය කළේ ක්‍රීඩා නීති උල්ලංඝනය කිරීම නිසාවෙනි.

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී විද්‍යා විදුහලේ මල්ශාන් මධුමාධව තවත් ලකුණු 05ක් සහ, එය ප්‍රවර්තනය කරමින් ආකාශ් ලකුණු 02ක් ලකුණු පුවරුවට එක් කරන අතර තරගය අවසන් වන විට ලකුණු පුවරුව දැක්වූයේ 40-07ක් ලෙසිනි. බෙනඩික්ට් ඉදිරිපෙළ සවිමත් වුවද පසුපෙළ දුර්වලකමින් උපරිම වාසි ලබාගත් විද්‍යා විද්‍යාලය බෙනඩික්ට් විදුහලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.

අවසන් ලකුණු තත්වය: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 40 – 07 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<