5 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 21 වන ස්ථානය දක්වා පසු බැස තිබූ අතර සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගන්නට සමත් වුනේ පිහිනීම් ක්‍රීඩාවෙන් පමණක් ඊයේ දිනයේ හිමි වූ රන් පදක්කම් 4ක් ද සමඟයි. එංගලන්තය දෙවන ස්ථානයේ පසු වන අතර ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැඩ්මින්ටන් සහ මේසපන්දු කණ්ඩායම් ඉසව් රන් පදක්කම් වැනි අනපේක්ෂිත ජයග්‍රහණ ද සමඟින් පදක්කම් සටහනේ තෙවන ස්ථානය දක්වා ඉහළට සිය දේශය ඔසවා තැබීමට සමත් වී සිටින ලදි.
සිව්වැනි පදක්කමේ පාට කුමක්ද?
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය නිමා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි පදක්කමේ …
මංජුල අවසන් වටයට

තවත් බොක්සිං බලාපොරොත්තුවක්

අවසන් ක්‍රීඩකයන් 16 දෙනාගේ වටයේ දී ඉශාන් සමඟින් තරග වැදුණේ නාවුරු දේශයේ යාචෙන් කුක් ය. විනිසුරුවන් 5 දෙනා අතුරින් තිදෙනෙකුගේ වැඩි ලකුණු ලබා ගත් ඉශාන් තරගය ජය ගත්තේ සිය ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිස සිටින අනූෂා කොඩිතුවක්කුට අමතරව පදක්කමකට එක් පියවරක් පසුපසින් සිටින, එනම් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි 5 වන ශ්‍රී ලංකා බොක්සිං තරගකරු බවට පත් වෙමිනි.
ඊයේ පස්වැනි දිනය අවසන් වන විට ඉශාන් මෙන්ම කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ තිවංක රණසිංහ, කිලෝග්‍රෑම් 64 බර පන්තිය යටතේ දිනිඳු සපරමාදු, කාන්තා කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ දුලානි ජයසිංහ සහ කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ කෙශානි හංසිකා අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින ලදි.
ඉෂාන්, දිනිඳු අර්ධ අවසන් වටයට
ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් වන ඉෂාන් බණ්ඩාර සහ දිනිඳු සපරමාදු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ …
මැතිව් අබේසිංහ යලිත් ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී වූ මැතිව් අබේසිංහට එහි දී හිමි වුණේ අවසන් ස්ථානයයි.
ජැමෙයිකාවේ කෙටි දුර ආධිපත්‍ය ගිලිහෙයි

මිචෙල් – ලී ඉතිහාසයට එක්වුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය මීටර් 100 රන් පදක්කම දිනා ගත් පළමු ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ක්‍රීඩිකාව ලෙසයි.
ජැමෙයිකාවේ පමණක් නොව සමස්ත කැරීබියානු කලාපයේම කෙටි දුර ආධිපත්‍යට මරු පහරක් එල්ල වුණේ වසර 20කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් වේගවත්ම මිනිසා අප්‍රිකානු මහද්වීපයෙන් බිහි වීමයි. පිරිමි මීටර් 100 තරගයේ නියත ජයග්‍රාහකයා ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියල්ලන්ම පාහේ විශ්වාසය තබා සිටි ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් පසුපසට ඇද දමන්නට එක් අප්‍රිකානුවෙක් නොව දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙක්ම සමත් විය.
ගෝල්ඩ් කෝස්ට් ප්‍රධාන ක්‍රීඩාංගණයේ රැස්ව සිටි දස දහස් ගණන් ක්‍රීඩාලෝලීන්ගේ ඇසි පිය සැලීම
කෙසේ වෙතත් 7 වන මං තීරුවේ තරග වැදුණු බ්ලේක්ගේ වම් පසින් තරග වැදීමට නියමිතව සිටි එංගලන්ත ක්‍රීඩක ඇඩම් ජෙමිලි ධාවනයට එක නොවීම නිසා හිස් මං තීරුවක් අසලින් තරග වැදීමට සිදුවීම බ්ලේක්ගේ පසුබෑමට හේතුවක් වුනා විය හැකිය.
සයවැනි දිනයේ සංක්ෂිප්ත වාර්තාවක් සමඟින් හෙට (11) හමුවෙමු. එකෙත් ඔබට ක්‍රීඩාශීලි දවසක්!
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















