18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවන දිනය (20) තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුනේ කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවනුයි. ඔවුන් අද (20) දිනයේ සහභාගී වූ සියලු තරග ජය ගන්නට සමත් වුනා.
කාන්තා කබඩි මූලික වටය සඳහා ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද පෙරවරුවේ සත්කාරක ඉන්දුනීසියාව සමඟ පැවති තරගය ලකුණු 34-17ක් ලෙස ජය ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම අද පස්වරුවේ නැවත වරක් තරග බිමට පිවිසුණේ ජපානයට එරෙහිවයි. එහි දී ලකුණු 22-17ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි.
පළමු දිනයේ ආසියානු ක්‍රීඩා බිමේ තතුවිත්ති
ඊයේ (18) පැවති වර්ණවත් සමාරම්භක උළෙලකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ආරම්භය අද (19) උදෑසන සිදු විය…
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳ තීරණය හෙට ඉන්දීය ක්‍රීඩිකාවන් සමඟ පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත රඳා පවතිනු ඇති. ඊයේ තායිලන්තය සමඟ පැවති තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට සිදුව තිබේ.

ඊයේ දිනයේ දී මොන්ගෝලියානු ක්‍රීඩිකාවක පරාජය කරමින් කාන්තා කේවල ටෙනිස් දෙවන වටයට සුදුසුකම් ලැබූ අනිකා සෙනෙවිරත්න අද තරග වැදුණේ චීන ක්‍රීඩිකාවක් සමඟිනි. ලකුණු 6-1ක් සහ 6-2ක් ලෙස අනිකා එම තරගය පරාජය වුනා. එමෙන්ම අද දිනය තුළ තරග වැදුණු අනෙකුත් සියලුම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය වුණේ ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු අවසන් කරමිනි.
අද දිනයේ දී සිය උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යාමට පෙර සිය පළමු ඉසව්ව වූ මීටර් 50 පසුපස ආර තරගයට එක්වූ පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් පළමු වටයේ තරගය අවසන් කළේ සිව්වැන්නා ලෙසයි. කෙසේ වෙතත් සිය ජාතික වාර්තාව අසලටම පැමිණෙමින් තත්පර 26.57ක දක්ෂතාවක් වාර්තා කරන්නට ඔහු සමත් වුනා.
පළමු දිනයේ දී ම මැතිව්ගෙන් වාර්තාවක්
ඉන්දුනීසියාවේ ජාකර්තා සහ පලෙම්බන් නගරවල දී පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින්…
ඊයේ දිනයේ දී වෙරළ වොලිබෝල් ආරම්භක තරගය පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා වූ අසංක ප්‍රදීප් කුමාර සහ සශිමාල් යාපා අද සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ කොරියානු ක්‍රීඩකයන් දෙදෙනා තරග වට 2-0ක් ලෙස පරාජය කරමිනි. 21-15ක් සහ 21-10ක් ලෙස තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය.

අද දිනයේ දී සිය ආසියානු ක්‍රීඩා ආරම්භය සනිටුහන් කළ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට ජපානය හමුවේ මුහුණ දීමට සිදු වුණේ ගෝල 7-0ක දැවැන්ත පරාජයකටයි.
සිව් පුද්ගල ඔරු පැදීමේ තරගය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ද එකම තරගයකින් අනතුරුව සිය ආසියානු ක්‍රීඩා පදක්කම් බලාපොරොත්තු සිඳ ගත්තේ කණ්ඩායම් 7ක් අතරින් 7 වන ස්ථානයට පත් වෙමිනි.
ටයිකොන්ඩෝ තරග බිමේ දී පිරිමි කිලෝ ග්‍රෑම් 58 බර පන්තියේ අවසන් ක්‍රීඩකයන් 32 දෙනාගේ වටයට ක්‍රීඩා කළ තිසර ධර්මප්‍රියට මෙන්ම කාන්තා කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ අවසන් 
කබඩි කණ්ඩායම නොවන්නට ශ්‍රී ලංකාවට අතිශය කණගාටුදායක දිනයක් වූ අද දවසේ කැපී පෙනුණු ප්‍රධානතම කරුණ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ධජය දරන්නිය ලෙස සමාරම්භක උත්සවයේ දී කටයුතු කළ හංසනී ගෝමස්ට සිය බර එසවීමේ ඉසව්වේ දී පළමු උත්සාහයන් තුනම අසාර්ථක වීම හේතුවෙන් දක්ෂතාවක් සටහන් නොකරම ඉවත් වීමට සිදු වීමයි.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<




















