පළමු දිනයේ දී ම මැතිව්ගෙන් වාර්තාවක්

860

ඉන්දුනීසියාවේ ජාකර්තා සහ පලෙම්බන් නගරවල දී පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (19) පිහිනුම් ඉසව් සඳහා එක්වුනා. පිහිනුම් තරග පැවැත්වෙන්නේ ජකර්තා නුවර ග්ලෝරා බුං කර්නෝ ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි පිහිනුම් තටාකාංගනය තුළ දී යි.

පිහිනන්නටත් කලින් ඉතිහාසය අලුත් කළ අකලංක

අද (18) උදෑසන ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සූදානම් වුණේ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සඳහායි. මේ අතර ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසු සිසුවියන් දහස් ගණනින්…

එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වූ පළමු ඉසව්ව වුණේ පිරිමි මීටර් 200 නිදහස් ආර මූලික වටයේ තරගයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කවීන්ද්‍ර නුගවෙල සහ මැතිව් අබේසිංහ සහභාගී විය. මූලික වටයේ දෙවන තරගය සඳහා තරග වැදුණු කවීන්ද්‍ර පළමුවැන්නා ලෙස එම තරගය අවසන් කරන්නට සමත් විය. කෙසේ වෙතත් ඉතා මන්දගාමී තරගයක් වූ දෙවන මූලික තරගය ජයග්‍රහණය  සඳහා ඔහු ගත කළ කාලය සටහන් වුණේ මිනිත්තු 1යි තත්පර 56.01ක් ලෙසයි. මූලික වටයේ සියලු තරග අවසානයේ ඔහුගේ දක්ෂතාව සනිටුහන් වුණේ සමස්ත කාල ගණනයේ 26 වන ස්ථානයටයි.

මැතිව් අබේසිංහ සහභාගී වූ මූලික වටයේ තුන් වන තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි. මැතිව් සහභාගී වන ඉසව් අතරින් ඔහුගේ දුර්වලම ඉසව්ව ලෙස සැලකෙන මෙම මීටර් 200 නිදහස් ආර ඉසව්ව අවසන් කරන්නට ඔහු ගත කළ කාලය මිනිත්තු 1යි තත්පර 50යි දශම 97ක්. එය අදාළ මූලික තරගයේ 6 වන ස්ථානයට ස්ථාන ගත වුනා. සමස්ත කාල ගණනයේ 12 වන දක්ෂතාව ලෙස ස්ථාන ගත වූ මෙම කාලය සමඟ මැතිව් හට අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට හැකි වුණේ නැහැ.

ආසියානු ක්‍රීඩා උළෙල 2018 චාරිකා සටහන 01

ආසියාවේ මහා ක්‍රීඩා මංගල්‍යය අද (18) ආරම්භ වන්නේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර Gelora Bung Karno දැවැන්ත ක්‍රීඩාංගණ සංකීර්ණයේ පැවැත්වෙන සමාරම්භක උළෙල සමඟයි.

කෙසේ වෙතත් මැතිව්ගේ මෙම දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සනිටුහන් වුනා. ඔහු අද බිඳ දැමුවේ මීට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවක්. තරගයෙන් අනතුරුව ThePapare.com කළ විමසීමක දී මැතිව් පැවසුවේ මෙවන් අදහසක්.

”මම තරගය අවසන් කළේ 6 වැන්නා ලෙසයි. එම දක්ෂතාවය සමඟ මට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් වුනේ නැහැ. මම කනගාටු වෙනවා අවසන් තරගයට පිවිසීමට නොහැකි වීම ගැන. කෙසේ වෙතත් මෙය මගේ ප්‍රධානතම ඉසව්ව නොවේ. මගේ වඩාත් ප්‍රබල තරග ඉසව් වන මීටර් 100 සහ මීටර් 50 නිදහස් ආර ඉසව්වලින් මෙන්ම මිශ්‍ර ආර සහාය ඉසව්වට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසන් තරගයට පිවිසීමේ හැකියාව ඇති බව මම විශ්වාස කරනවා. මගේ ලොකු විශ්වාසයක් තියනවා එක ඉසව්වකින් පදක්කම් මට්ටමට ළඟා වීමට මට හැකියාවක් තිබෙයි කියලා.”

තරගාවලියේ උණුසුම ලද විගස ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳි සිටින්න අප සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<