නවසීලන්ත රග්බි වෙනුවෙන් All Blacks විරුවන් පෙරමුණ ගනියි

64

ඉදිරි කාලසීමාව තුල දී ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි අපේක්ෂා කරන නවසීලන්ත රග්බි පාපන්දු සම්මේලනය ඉන් ආරක්ෂා වීම සඳහා මේ වන විට විධිමත් සැලසුම් කිහිපයක්ම සකස් කොට ඇති බව වාර්තා වේ. 

ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩකයින්, වත්මන් රග්බි ක්‍රීඩකයින්, රග්බි විශේෂඥයින්, ශ්‍රී ලංකා රග්බි…

වාර්ෂිකව ඉහළ ආදායමක් උපයන ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින්ගේ වැටුපෙන් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් කප්පාදු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වන අතර මේ වන විට එය සාකච්ඡා මට්ටමේ පවතින නිසාවෙන් ඉදිරියේ දී ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එරට රග්බි බලධාරීන් සඳහන් කර තිබුණි.

ඊයේ (14) දිනයේ දී මේ පිළිබඳව අදහස් දක්වමින් එරට රග්බි ක්‍රීඩකයින්ගේ සම්මේලනයේ සභාපති රොබ් නිකෝල් මහතා සඳහන් කර සිටියේ සාපේක්ෂව ඉහළ වැටුපකට හිමිකම් කියන ක්‍රීඩකයින් හට මේ අවස්ථාවේ දී වැඩි කැප කිරීමක් සිදු කිරීමට වනු ඇති බවයි.

ක්‍රීඩකයින්ගේ වැටුපෙන් කපා හැරිය යුත්තේ කුමන ආකාරයේ දීමනා සහ වරප්‍රසාද වර්ග ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇති අතර ඒ අනුව පළමු පියවර වශයෙන් ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු සහ තරග සඳහා සහභාගී වීම දිරිගැන්වීම පිණිස ලබා දෙන දීමනා ගාස්තුව තාවකාලිකව අහෝසි කිරීමට කටයුතු කොට තිබේ.

ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සඳහා වාර්ෂිකව සිදු කරන උපරිම ගෙවීම ඇ. ඩොලර් 195,000ක් දක්වා සීමා කිරීමටත්, ගෙවිය යුතු අවම වැටුප ඇ. ඩොලර් 75,000ක් ලෙසත් නියම කිරීමට නවසීලන්ත රග්බි සම්මේලනය පියවර ගෙන ඇති බව සඳහන් වේ. මේ නිසාවෙන් ඇ. ඩොලර් 50,000කට වඩා අඩු මුදලක් උපයන ක්‍රීඩකයින් හට යම් සහනයක් සැලසෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කෙරේ.

ගෙවතු වගා අභියෝගයට එන රග්බි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම මුළුමහත් ලෝකය තුළම මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19…

All Blacks සත් සාමාජික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින්, Black Ferns ක්‍රීඩිකාවන් සහ Super Rugby තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ගිවිසුම්ගත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉහත සඳහන් කළ සාපේක්ෂව ආදායම පහළ මට්ටමක පවතින පිරිස් අයත් කාණ්ඩය යටතට ගැනෙන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

“අපි මේ ගන්න යන ක්‍රියාමාර්ගයෙන් ගොඩක්ම අපේක්ෂා කරන්නේ තරමක අඩු ආදායමක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම්කිසි සහනයක් සලසන්න.”

“අපි ඇත්තටම වාසනාවන්තයි මොකද අපිට ඉන්නවා දැනට රග්බි පිටියේ ඉහළම ආදායමක් උපයන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම. ඔවුන් තමන්ගේ වගකීම මේ අවස්ථාවේ දී හරියාකාරව තේරුම් අරන් තියෙන එක ගැන අපිට හරිම සතුටුයි. ඔවුන් මේ ලබා දෙන සහයෝගය නිසා තමයි අපිට මේ වගේ වැඩපිළිවෙළකට යන්න පුළුවන් වුනේ.”

වැඩිදුරටත් අදහස් දක්වමින් නිකෝල් මහතා සඳහන් කර සිටියේ ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුල දී මාධ්‍ය වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<