‘මම නම් සමුගන්න හිතලවත් නැහැ’ – ඩිල්ෂාන්

110

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම සමාජිකයන් තිදෙනාම එකම අවස්‌ථාවේදී ඉවත් වුවහොත් එය කණ්‌ඩායමට අහිතකර ලෙස බැලපෑහැකි බැවින් තමන් තවදුරටත් කණ්‌ඩායමේ රැඳී සිටින්නේ යෑයි පෙරේදා පැවැති එංගලන්තය සමග අවසන් එක්‌දින තරගයේ වීරයා සහ එම තරගාවලියේ වීරයා බවට පත්වූ තිලකරත්න ඩිල්ෂාන් අදාළ තරගාවසානයේ මාධ්‍යයට පැවසීය.

එළඹෙන 2015 ලෝක කුසලාන තරගාවලියේදී කණ්‌ඩායමේ ජ්‍යේaෂ්ඨයන් තිදෙනා අතුරින් මහේල ජයවර්ධන සහ කුමාර සංගක්‌කාර කණ්‌ඩායමෙන් සමුගැනීමට නියමිතව සිටිති.

‘මම අවම වශයෙන් තව වසර දෙකක්‌වත් ක්‍රීඩා කරයි. කණ්‌ඩායමෙන් සමුගන්නා දිනයක්‌ ගැන තවම හිතලාවත් නැහැ’ යි ඩිල්ෂාන් සිනාමුසු මුහුණින් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේය.

කණ්‌ඩායමේ නවක ක්‍රීඩකයන් තමන් මෙන් උද්‍යෝගිමත්ව ක්‍රීඩා නොකිරීම ගැන අදහස කුමක්‌දැයි මෙහිදී මාධ්‍ය විසින් විමසනු ලදුව, ඕනෑම ක්‍රීඩකයෙක්‌ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩාව ආරම්භ කළ සැනින් එන පීඩනය සමගින් එවැන්නක්‌ දර්ශනය වීම සාමාන්‍ය තත්ත්වයක්‌ බව පැවසූ ඩිල්ෂාන්, තමන් පවා මුල් අවස්‌ථාවේදී එම පීඩනයට ගොදුරුව ක්‍රීඩා කළ අවස්‌ථා තිබුණේ යෑයි කියා සිටියේය.

තමන් කණ්‌ඩායමේ සිsටින වයසින් වැඩිම සාමාජිකයා වුවත් පන්දු රැකීමේදී යොවුන් ජවය පරදන දක්‍ෂතාවක්‌ ප්‍රදර්ශනය කිරීමේ රහස මෙහිදී ප්‍රකාශ කළ ඩිල්ෂාන් ‘මම හිතන්නේ පිතිකරුවෙක්‌ පහර එල්ල කරන හැම පන්දුවක්‌ම මට එනවා නම් හොදයි කියලා. තරගයේදී පන්දු 300 ම මට එනවා නම් මම ඒත් කැමතියි. පන්දු රැකීමට ආසාවයි තිබෙන්න ඕනේ’ යෑයි පැවසීය.

ශතක හාදුවක්‌ බිරිඳට දුන්නා

තමන් මෙම (අවසන්) තරගයේදී ශතකය රැස්‌කළ පසු පිටියේ දිවයමින් අභිනයෙන් දැක්‌වූයේ කුමක්‌දැයි මේ අතර සිටි මාධ්‍යවේදියකු විසින් අසනු ලදුව, ඒ අවස්‌ථාවේදී තමන් සිය බිරිඳට ආදර හාද්දක්‌ ලබාදුන්නේ යෑයි මාධ්‍ය හමුව සිනා ගඟුලක ගිල්වමින් ඩිල්ෂාන් ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.