නිල පුහුණු තරගයේ ඔටුන්න තිරිමාන්නට

94

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර පැවැත්වෙන, නිල පුහුණු එක්දින තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ලහිරු තිරිමාන්න වෙත ලබා දී ඇත. මෙම තරගය හෙට (20) කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්!

නුදුරේදීම ඇරඹෙන උණුසුම් තරගාවලියක් ගැන ඉඟි පළ කරමින් සංචාරක ……..

අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ට අමතරව නවක ක්‍රීඩකයන්ගෙන් රැසකගෙන් සමන්විත වන මෙම සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙක් ඇතුළත්ය. 

පසුගිය 17 වැනිදා පැවති නිල නොවන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 2ක ජයක් ලබා ගන්නා ලදි. එම තරගය සඳහා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම තරග වැදුණේ උපුල් තරංගගේ නායකත්වයෙන් වන අතර එම සංචිතයේ සිටි තරුණ ක්‍රීඩකයින්  කිහිප දෙනෙක් වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂ වැනි අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙම සංචිතය සඳහා ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම,

ලහිරු තිරිමාන්න (නායක), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, තික්ෂිල ද සිල්වා, පුලින තරංග.

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<