ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 121 වැනි වරටත් පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (19) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.
රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
බෙවින් ජයවර්ධන (නායක සහ කඩුලු රකින්නා), රිසිනු රූපසිංහ, සෙනුක දුල්මෙත්, රවිඳු රන්දිනු, අමීෂ රසාජන, රනිඳු ද සිල්වා, ටෙනුෂ නිම්සර, මිනග ආරියදාස, පුනාල් හංසජිත්, ටෙනුර ඩයස් සහ නෙතුජ බාසිත.
මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අරෝෂ උදයංග (නායක), දිනෙත් පැහැසර, දුල්සිත් දර්ශන, ගෙසඳු බිසස්, කවීෂ ගිත්මල්, කවිඳු නිම්සර, මානිත රාජපක්ෂ, රන්දුල මාබරණ (කඩුලු රකින්නා), සදෙව් නෙත්මිණ, සෙහස් වල්පිට සහ තෙවිඳු රශ්මික.
කාසියේ වාසිය දිනූ ගාල්ල මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භය අසාර්ථ වූවා. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 11ක් වෙද්දී දවා ගැනීමට මහින්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා.
රිච්මන්ඩ් විද්‍යාලය වැටී සිටි එම තත්ත්වයෙන් ගලවා ගන්නේ රවිඳු රන්දිනු සහ අමීෂ රසාංජන යි. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 173ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ වමත් පිතිකරු අමීෂ රසාංජන ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 240කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 81ක් ලබා ගන්නවා.
එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව රිච්මන්ඩ් විද්‍යාලයීය ඉනිමට තවත් ලකුණු 3ක් එක් වෙද්දී රවිඳු රන්දිනු ද දැවී යනවා. ඔහු ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 85ක් ලබා සිටියා.
- ගාලු ආදරවන්තයෝ නැවත හමුවෙයි
- සාන්තුවරයෝ 92 වැනි වරටත් ගැටෙයි
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
- රාජකීය – සාන්ත තෝමස් නිල් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි
තරගය පළමු දිනයට නතර කරන විට රනිඳු ද සිල්වා පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ද සහ ටෙනුශ නිම්සර පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන සදෙව් නෙත්මිණ ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කවිඳු නිම්සර සහ කවීෂ ගිත්මාල් කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: පළමු ඉනිම කඩුලු 4ක් දැවී 203 (88.0) රවිඳු රන්දිනු 85, අමීෂ රසාංජන 81, සදෙව් නෙත්මිණ 2/31
මෙම තරගය හෙට (20) 2 වැනි දිනයටත් ආරම්භ වීමට නියමිතයි.
ආදරවන්තයන්ගේ ගැටුමේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 127 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog ViU app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Risinu Rupainghe | b Sadew Nethmina | 8 | 18 | 2 | 0 | 44.44 |
| Senuk Dulmeth | b Kavindu Nimsara | 2 | 18 | 0 | 0 | 11.11 |
| Ravindu Randinu | c Manitha Rajapakshe b Sadew Nethmina | 85 | 202 | 11 | 0 | 42.08 |
| Ameesha RasanJana | lbw b Kaveesha Githmal | 81 | 240 | 8 | 0 | 33.75 |
| Ranindu De Silva | c Sadew Nethmina b Manitha Rajapakshe | 14 | 49 | 1 | 0 | 28.57 |
| Tenusha Nimsara | c Sehas Walpita b Kavindu Nimsara | 26 | 61 | 2 | 0 | 42.62 |
| Bevin Jayawardana | c Dineth Pahasara b Manitha Rajapakshe | 9 | 21 | 2 | 0 | 42.86 |
| Minaga Ariyadasa | c & b Manitha Rajapakshe | 16 | 52 | 0 | 0 | 30.77 |
| Nethuja Basitha | c & b | 34 | 89 | 0 | 0 | 38.20 |
| Punal Hansajith | lbw b | 21 | 41 | 0 | 0 | 51.22 |
| Tenura Dias | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
| Extras | 19 (b 0 , lb 0 , nb 0, w 19, pen 0) |
| Total | 315/10 (131.2 Overs, RR: 2.4) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sadew Nethmina | 25 | 9 | 45 | 2 | 1.80 | |
| Kavindu Nimsara | 24 | 9 | 47 | 2 | 1.96 | |
| Gasandu Bisas | 10 | 5 | 16 | 0 | 1.60 | |
| Manitha Rajapakshe | 33.2 | 9 | 96 | 3 | 2.89 | |
| Kaveesha Githmal | 19 | 3 | 36 | 1 | 1.89 | |
| Arosha Udayanga | 16 | 1 | 45 | 0 | 2.81 | |
| Sehas Walpita | 4 | 0 | 20 | 0 | 5.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Thevindu Rashmika | c Ravindu Randinu b Tenura Dias | 12 | 13 | 3 | 0 | 92.31 |
| Dulsith Darshana | c Punal Hansajith b Minaga Ariyadasa | 22 | 61 | 4 | 0 | 36.07 |
| Randula Mabarana | c Punal Hansajith b Minaga Ariyadasa | 50 | 152 | 4 | 0 | 32.89 |
| Dineth Pahasara | st Bevin Jayawardana b Nethuja Basitha | 124 | 201 | 1 | 0 | 61.69 |
| Gasandu Bisas | c Tenura Dias b Tenusha Nimsara | 26 | 94 | 0 | 0 | 27.66 |
| Manitha Rajapakshe | c Ravindu Randinu b Nethuja Basitha | 58 | 74 | 0 | 0 | 78.38 |
| Sehas Walpita | c Nethsara Akash b Minaga Ariyadasa | 5 | 8 | 0 | 0 | 62.50 |
| Arosha Udayanga | not out | 4 | 10 | 0 | 0 | 40.00 |
| Kaveesha Githmal | c & b Minaga Ariyadasa | 5 | 7 | 0 | 0 | 71.43 |
| Kavindu Nimsara | c Ameesha RasanJana b Nethuja Basitha | 13 | 8 | 0 | 0 | 162.50 |
| Extras | 13 (b 0 , lb 0 , nb 0, w 13, pen 0) |
| Total | 332/9 (104 Overs, RR: 3.19) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Ranindu De Silva | 7 | 2 | 29 | 0 | 4.14 | |
| Tenura Dias | 9 | 0 | 47 | 1 | 5.22 | |
| Ravindu Randinu | 6 | 2 | 19 | 0 | 3.17 | |
| Tenusha Nimsara | 23 | 6 | 39 | 1 | 1.70 | |
| Minaga Ariyadasa | 37 | 6 | 105 | 3 | 2.84 | |
| Punal Hansajith | 3 | 0 | 5 | 0 | 1.67 | |
| Nethuja Basitha | 17 | 3 | 65 | 1 | 3.82 | |
| Ameesha RasanJana | 2 | 0 | 18 | 0 | 9.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Risinu Rupainghe | not out | 37 | 66 | 4 | 0 | 56.06 |
| Senuk Dulmeth | run out () | 8 | 25 | 1 | 0 | 32.00 |
| Ravindu Randinu | not out | 37 | 41 | 4 | 1 | 90.24 |
| Extras | 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0) |
| Total | 83/1 (22 Overs, RR: 3.77) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Arosha Udayanga | 11 | 0 | 41 | 0 | 3.73 | |
| Manitha Rajapakshe | 6 | 0 | 27 | 0 | 4.50 | |
| Kaveesha Githmal | 2 | 0 | 12 | 0 | 6.00 | |
| Gasandu Bisas | 3 | 2 | 2 | 0 | 0.67 | |






















