රාජකීය – වෙස්ලි හොකී සංග්‍රාමයේ ජය රාජකීයයන්ට

102

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ඩඩ්ලි කේ. ජී. ද සිල්වා කුසලානය වෙනුවෙන් පැවැත්වූ 11 වන රාජකීය – වෙස්ලි හොකී සංග්‍රාමය ඊයේ (27) දිනයේ දී කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝල 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමිනි.

ආනන්ද ක්‍රීඩකයෝ නාලන්දාවෙන් හොකී කුසලානය උඳුරා ගනී

17 වැනි වරටත් කොළඹ ආනන්ද විද්‍යාලයත්, කොළඹ නාලන්දා විද්‍යාලයත් අතර පැවති එම්. ඩබ්. කරුණානන්ද කුසලාන මහා හොකී තරගය අද (27) කොළඹ ‘Astro Turf’ හොකී….

පසුගිය වසර 4 පුරාවටම අඛණ්ඩව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම් මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට සමත්ව තිබීම නිසා මෙවර තරගය ද රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින්ම ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. වෙස්ලි විද්‍යාලය අවසන් වරට 2011 සහ 2012 වසරවල දී මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගෙන තිබූ අතර 2013 වසරේ දී පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

උචිත වාසුදේවගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙහි දී තරගය ආරම්භ වූ මොහොතේ සිටම තරගයේ පාලනය තම කණ්ඩායම දෙසට යොමුකර ගන්නට සමත් විය. ඒ අනුව තරගයේ ආරම්භක මිනිත්තු 35ක කාලය පුරාවට රාජකීය විද්‍යාලයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ ඉදිරිපෙළ ක්‍රීඩකයින් වෙස්ලි විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩකයින් හට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය.    

තරගය ආරම්භ වී මිනිත්තු 4ක් පමණක් ගතවද්දී රාජකීය විද්‍යාලයේ ෂරල ගුණතිලක තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ තරගය ආරම්භයේ දීම වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම හට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. ඉන් අනතුරුව ද රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට වූයේ වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ නායක චනිදු සෙනෙවිරත්න ප්‍රමුඛ පසුපෙළ ක්‍රීඩකයින් හට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

ජයග්‍රහණ නියඟයට තිත තබන්නට ආනන්ද හොකී කණ්ඩායමට හැකි වෙයි ද?

දිවයිනේ පැරණිතම පාසල් හොකී තරගාවලියක් වන ආනන්ද – නාලන්ද මහා හොකී තරගාවලියේ 17 වන අදියර එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා කොළඹ දී පැවැත්වීමට….

අනතුරුව තරගයේ 17 වන මිනිත්තුවේ දී රාජකීය විද්‍යාලයේ සචිත්‍ර මදුෂාන් ගෝල රාමුව තුළට පන්දුව යොමුකරමින් එල්ල කළ වේගවත් පහරක් හරහා තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා විය. මදුෂාන් ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයක දීම ගෝලයක් වාර්තා කරගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ නමුත් එහිදී ඔහු පළමු අර්ධය පුරාවටම ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයෙන් පන්දුව ලබා ගනිමින් ඔවුන්ට දිගින් දිගටම පීඩනය එල්ල කරන්නට සමත් විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 2 – 0 වෙස්ලි විද්‍යාලය

පළමු අර්ධයට සාපේක්ෂව තරගයේ දෙවන අර්ධය එතරම් තරගකාරී නොවූ අතර ඒ අනුව එහි පළමු මිනිත්තු 20ක කාලය පුරාවට කිසිදු ගෝලයක් වාර්තා නොවීය. කෙසේ නමුත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට හිමි වූ ‘short corner’ අවස්ථාවකින් පන්දුව ලබාගත් රවිඳු රණසිංහ එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කිරීමට සමත් වූයේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරගනිමිනි.   

සම්පූර්ණ කාලය: රාජකීය විද්‍යාලය 3 – 0 වෙස්ලි විද්‍යාලය

ඒ අනුව ගෝල 3-0ක් ලෙස මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් අඛණ්ඩව 5 වන වසරටත් ඩඩ්ලි කේ. ජී. කුසලානය සිය පාසල වෙත රැගෙන යන්නට සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<