ගුරුකුල විද්‍යාලයේ මෙවන්ගෙන් අර්ධ ශතක දෙකක්

147

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය ඊයේ (11) දිනයේ දී ආරම්භ වූ අතර එම තරග අතරින් ලුම්බිණි විද්‍යාලය පරාජය කළ ගුරුකුල විද්‍යාලය පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගැනීමට සමත් විය. එම තරගයේ දී ගුරුකුල විද්‍යාලයේ රශ්මික මෙවන් අර්ධ ශතක දෙකක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වෙන ලදි.

මන්දානගේ පිතිකරණයෙන් ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අද (11) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විණි.

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

ඊයේ (10) දිනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලය කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 298ක් රැස් කළේය.

එහි දී ගුරුකුල විද්‍යාලයේ ප්‍රවීන් නිමේෂ්, රශ්මික මෙවන් හා කෙමිර නයනතරු යන ක්‍රීඩකයින් අර්ධ ශතක වාර්තා කරගත්තේය. පන්දු යැවීමේ දී ලුම්බිණි විද්‍යාලයේ සඳුනිල් සංකල්ප හා වමතින් පා දඟපන්දු යවන රවිෂ්ක විජේසිරි අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාල පිතිකරුවන් සියලුම දෙනා ලකුණු 103 සීමාවේ දී සිය ඉනිමට තිත තබා ගන්නා ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තුන් ඉරියව් ක්‍රීඩක රවිෂ්ක විජේසිරි ලකුණු 40ක් ලුම්බිණි ලකුණු පුවරුවට එක් කළේ 4 පහර කිහිපයක්  සමඟිනි. ලක්ෂාන් සසංක ලකුණු 28ක් තුල කඩුලු 4ක් දවාගෙන ලුම්බිණි පිතිකරුවන් අඩපන කළේ සිය විද්‍යාලයට පළමු ඉනිමේ වාසිය ලබා දෙමිනි.

ලකුණු 195ක පළමු ඉනිමේ වාසිය ද සහිතව පිටියට පැමිණි ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම වෙනුවෙන් රශ්මික මෙවන් හා දිලීප් චාමර පිළිවෙළින් ලකුණු 59ක් හා ලකුණු 45ක් ලබාගෙන ලකුණු අතරට එද්දී, රශ්මික මෙවන් ඉනිම දෙකේ දී ම අර්ධ ශතක ලබා ගැනීම කාගේත් වැඩි අවධානය දිනා ගත්තේය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවුවත් තරගයේ පළමු ඉනිම ජය ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් විය.

ගුරුකුල විද්‍යාල  පළමු ඉනිම – 298 (78.1): ප්‍රවීන් නිමේෂ්  65, රශ්මික මෙවන් 54, කෙමිර නයනතරු 53, සසිත අශාන් 28, ශානක ඉෂාර 27, සඳුනිල් සංකල්ප 3/58, රවිෂ්ක විජේසිරි 3/78.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 103 (43.5): රවිෂ්ක විජේසිරි 40, පසිඳු ප්‍රමුදිත 30, ලික්ශාන් සසංක 4/28, සචින්ත චමිත් 3/13, ප්‍රවීන් නිමේෂ් 2/15.

ගුරුකුල විද්‍යාල දෙවන ඉනිම –  281/7 (60): රශ්මික මෙවන් 59, දිලීප් චාමර 45, නුවන් චානක 33, සිතිජ චමෝද් 31*, නෙතුල් රාජපක්ෂ 3/08, රවිෂ්ක විජේසිරි 2/88.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතීතය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය නිමාවට පත්වෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 37ක් ලබාගෙන සිටියේය.

සාන්ත මරියා විද්‍යාලයේ ආරාධනය පරිදි පිටියට පැමිණි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ නිශාන්ත ඉන්ද්‍රජිත් වන අතර ඔහු 4 පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ චන්දුල ජයකොඩි ලකුණු 43ක් සිය ලකුණු ගිණුමට එකතු කර ගන්නා ලදි.

පසන් හෙට්ටිආරච්චි ලකුණු 32යි. අවසානයේ සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම ලකුණු 217කට සීමා විය. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක යෙශික නාගසිංහ කඩුලු 3කට හිමිකම් කියන ලදි.

සාන්ත සිල්වෙස්ටර් විදයාලය පළමු ඉනිම – 217 (57.2): නිශාන්ත ඉන්ද්‍රජිත් 44, චන්දුල ජයකොඩි 43, පසන් හෙට්ටිආරච්චි 32, නදීක බාලසූරිය 25, අවිඳු හේරත් 25, යෙශික නාගසිංහ 3/25, මලීෂ සේනානායක 2/24, ජනුක රත්නසිංහ 2/52.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 69/3 (37): සංදීප විජේසූරිය 28, අකලංක පෙතියගොඩ 21*.

මේ තරග අතරින් අද (11) ආරම්භ වූ තරගය හෙට (12) දෙවන දිනයටත් පැවැත්වෙන අතර වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග දෙකක් ද හෙට (12) දිනයේ දී පැවැත්වේ. එතෙක් ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<