ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුලු පළාත් ක්‍රීඩා අමාත්‍යවරු සමග අමාත්‍යාංශ හා ක්‍රීඩා නිළධාරීන්ගේද සහභාගීත්වයෙන් ශාරීරික ව්‍යායාමවල නිරතවීමෙන් පසු පළමු වන පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සම්මේලනය 2015.11.06 වන දින උඩවලව ග්‍රෑන්ඩ් උඩවලව සෆාරි රිසෝට්හිදී ආරම්භ විය.​

සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ,​ උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන්,බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ, වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ,උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජ්, නැගෙනහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්.තන්ඩයුතපනී, උෟව පළාත් ක්‍රීඩා අමාත්‍ය බී.එස්.සුමේධ ද සිල්වා යන අමාත්‍යවරුන් හා පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, නිළධාරීන් සහභාගී විය.