පාසල් ක්‍රිකට් ගොඩනගන්න මම සූදානම් – ඇමති අර්ජුන

342
arjuna ranatunga speaks with anjelo mathews

විනාශ වූ පාසල් ක්‍රිකට් පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වීමට තමන් සූදානම් බව ගරු වරාය හා නාවිකඅමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.

එතුමා මේ බව පැවසූයේ ඊයේ (15) ත්‍රිකුණාමලය වරාය ජැටියේ  නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් පස්වමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මම පාසල් ක්‍රිකට් පද්ධතිය ගැන ලොකු ඕනකමකින් බලන් ඉන්නවා. විශේෂයෙන් පහුගියකාලේ පාසල් ක්‍රිකට් ගැන ලොකු අවධානයක්යොමුවුණේ නැහැ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු රටේම පාසල් ක්‍රිකට් පද්ධතිය වැට්ටුවා. ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනක්ආරක්ෂාකිරීමට කටයුතු කිරීම ඊට හේතුව වුණා. ඒකෙන් තමයි ක්‍රීඩාව විනාශ වුණේ. අනිත් එක ක්‍රීඩකයෝ දේශපාලනය කරන්න පටනගත්තා.පරිපාලනය කරන්න පටන් ගත්තා.

ක්‍රීඩකයන්ට තියෙන්නේ ක්‍රීඩා කිරීම. පහුගියකාලේ සිදුවුණු විනාශයත් එක්ක වැටිච්ච වැටිල්ල ගොඩගන්නසෑහෙන්න අමාරු වුණා. මට පේනවා තරුණ දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. විශේෂයෙන්ම අපි හිතුවාට වඩා දක්ෂ ක්‍රීඩකයෝ එළියට ඇවිත්තියෙනවා. වගකීම අරන් ක්‍රීඩාව කරනවා. ඒ විතරක් නෙවෙයි ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් හැටියට අද ඉස්සර හිටියට වඩා හුඟක් දස්කම්දක්වනවා. අද එයාට පුළුවන් වෙලා තියෙනවා තීරණ ගන්න.

අපි ලෑස්ති වෙන්න ඕන විස්සයි විස්ස ලෝක කුසලානයට. ඊළඟට ලෑස්ති වෙන්න ඕනඊළඟ ලෝක කුසලානයට. ඒ සඳහා දැක්මක් තියෙන පුද්ගලයෝ එක්ක තමයි ක්‍රීඩාවට යොමුවෙන්න ඕන. ඒ වගේම මම ඉදිරි කාලයේදී  ක්‍රිකට්ආයතනය සමඟ සාකච්ඡා කරලා පාසල් ක්‍රිකට් පද්ධතිය ගැන මගේ තියෙන දැනුමත් එක්ක ඒ සම්බන්ධතාවය ඉදිරියේදී ඇති කරගන්නබලාපොරොත්තු වෙනවා.

හැබැයි එන පුද්ගලයෝ කවුද කියලා බලන්න ඕන. එන පුද්ගලයෝ එක්ක මම යම් කාලසීමාවක් ඒ සඳහා යොදවන්නබලාපොරොත්තු වෙනවා. මොකද තව මාස තුන හතරක් යනකොට අපේ වරායෙත් තියෙන ප්‍රශ්න හුඟක් අපිට නිරාකරණය කරගන්න පුළුවන්වෙනවා…… ” යනුවෙන්ද අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවසීය.