ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන අන්තර් සමාජ ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ තෙවැනි සතියේ තරඟ පසුගියදා පැවැත්විය.
පොලිස් සහ මහනුවර කණ්ඩායම් අතර තරඟයේ ඡයාරෑප වලට මෙතනින් පිිවිසෙන්න

පළමු අර්ධයේ සිටම ලකුණු 29-03 ලෙස පෙරමුණ ගෙන සිටි මහනුවර ක්රීඩකයින් දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 21රැස් කරමින් සිය ජයග්රහණය තහවුරු කලේය. මහනුවර පිළ වෙනුවෙන් විශ්වමිත්ර ජයසිංහ, අර්ෂාඩ් ජමාල් සහ රසික ජයවර්ධන උත්සහක දිනුම් රැස් කළ අතර අර්ෂාඩ් ප්රවර්ථන 6ක් සාර්ථක කරගන්නටද සමත් විය. පොලිස් පිළ වෙනුවෙන් සුදම් සුරියආරච්චි සහ බිලාල් හසන් උත්සහක දිනුම් වාර්තා කිරිමට සමත් විය.
හැව්ලොක් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරඟයේ ඡයාරෑප වලට මෙතනින් පිිවිසෙන්න
එදිනම හැව්ලොක් ක්රීඩා සමාජය සහ නාවික හමුදා ක්රීඩා සමාජය අතර තරඟයක් වැලිසර නාවික හමුදා ක්රීඩාංගණයේදී පැවති අතර එහිදි ලකුණු 16-13 ලෙස තියුණු ජයක් ලැබිමට හැව්ලොක් ක්රීඩකයින් සමත් විය. හැව්ලොක් පිළ ද පිට පිටම ලැබු තෙවැනි ජයග්රහණය මෙය විය. පළමු අර්ධයේම ලකුණු 10-06 ලෙස පෙරමුණ ගත් හැව්ලොක් ක්රීඩකයින් උත්සහක දිනුමක්, ප්රවර්ථනයක් සහ දඩුවම් පහර 3ක් සාර්ථක කරගනිමින් සිය ජයග්රහණය තහවුරු කළ අතර නාවික හමුදා ක්රීඩකයින් ගෝල දිනුමක් හා දඩුවම් පහර 2ක් සාර්ථක කරගන්නට සමත් විය.
යුද හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරඟයේ ඡයාරෑප වලට මෙතනින් පිිවිසෙන්න

තෙවැනි සතිය නිමාවන විට හැව්ලොක් ක්රීඩා සමාජය සහ මහනුවර ක්රීඩා සමාජය අපරාජිතව පසු වුවත් ප්රසාද ලකුණු සටහනට අනුව මහනුවර කණ්ඩායම පෙරමුණේ සිටි. ඒ ප්රසාද ලකුණු 18කට හිමිකම් කියමිනි. ප්රසාද ලකුණු 16ක් ලබාගත් හැව්ලොක්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ ද තෙවැනි සහ සිව්වන ස්ථාන CR & FC කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම හිමි කරගෙන ඇත. ලකුණු සටහනේ අවසානයේ රැදි සිටින ගුවන් හමුදා කණ්ඩායම සහ CH & FC කණ්ඩායම් ඔවුන් සහභාගි වු තරඟ ත්රිත්වයම පරාජය වි ඇත.
ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ සියලුම තරඟ නැවත නැරඹීම සඳහා මෙකනින් පිවිසෙන්න






















