සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරග කාලසටහන නිකුත් වෙයි

84

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා වන කාලසටහන සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් අද (08) නිකුත් කළේය.

වැඩිපුර වැරදි කළ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!

වැසි දියට සේදී ගිය ඉන්දු – ශ්‍රී ලංකා පළමු T20 තරගයෙන් ………….

ටෙස්ට් තරග දෙකකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 19 සිට 23 දක්වාත්, දෙවන ටෙස්ට් තරගය ජනවාරි මස 27 සිට 31 දක්වාත් පැවැත්වීමට නියමිතය. තරගාවලිය හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

මෙම තරගාවලිය 2019-21 ටෙස්ට් ශූරතාව සඳහා ඇතුළත් නොවේ. එයට හේතුව වන්නේ එම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 9 තුල සිම්බාබ්වේ කණ්ඩායම නොසිටීමයි. 

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ක්‍රියා කල අතර ඉන් අනතුරුව එරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. 

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තුල ඇති දේශපාලනික බලපෑම් පිළිබඳව කිසිදු පියවරක් නොගැනීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙම තරග තහනම පනවන ලදී. එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට කිසිඳු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වීම තහනම් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් එරටට සපයන ලද සියලු ආධාර ද නවත්වන ලදී. 

පාපන්දු ගැහුව එංගලන්ත ක්‍රිකට් තරුවට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

එංගලන්ත ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ආබාධයක් ……

සිම්බාබ්වේ හිටපු නායක හැමිල්ටන් මසකඩ්සා ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව සිම්බාබ්වේ ටෙස්ට් නායකත්වය නව නායක ශෝන් විලියම්ස්ට පැවිරිනි. සිම්බාබ්වේ කණ්ඩායම 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැති අතර 2017 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ටෙස්ට් තරගාවලියක සත්කාරකත්වය දරා නොමැත. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සිම්බාබ්වේ සමඟින් ක්‍රීඩා කල ටෙස්ට් තරගයේ දී සිව්වැනි ඉනිමේ දී ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් තවමත් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වී නැත. 

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 19 – 23 – හරාරේ හිදී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 27 – 31 – හරාරේ හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<