2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වන පෙරළිකාරීම කණ්ඩායම ලෙස ඇෆ්ගනිස්තානය හඳුන්වන්න පුළුවන්. ඔවුන් මේ වෙද්දී ලෝකයේ බොහෝ ප්‍රබල කණ්ඩායම්වලට අභියෝගයක්.
නායකයාගේ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කළ සයිමන්ඩ්ස්
2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන……..
ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් මේ තත්වයට පැමිණීම අතිශයින්ම විශ්මය දනවන කතාවක්. එය ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ “චක් දේ ඉන්දියා” නම් හින්දි චිත්‍රපටයට බෙහෙවින් සමානයි.
චක් දේ ඉන්දියා චිත්‍රපටයේ දැක්වෙන්නේ කබීර් ඛාන් නම් හොකී පුහුණුකරුවා ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම ලෝක කුසලානය දිනා ගන්නා තෙක් රැගෙන යන ගමනක්. ඇෆ්ගනිස්තානයත් ක්‍රිකට් පිටියේ නැගී සිටීම පෙන්වන්නේත් මීට සමාන ආකාරයකින්.

2010 විස්සයි විස්ස ලෝක කුසලානයට තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වුණ තරගාවලිය ජයග්‍රහණය කිරීම ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක්. මේ හේතුව නිසාම 2010 බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබනවා. එම තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණ තරග දෙකම ඔවුන් පරාජය වෙනවා.

ඉතාම පහළ තැනක සිට ක්‍රීඩාව ඉහළ තැනකට උසවා තැබූ කබීර් ඛාන් නම් පුහුණුකරුවන් දෙදෙනාගේම ධෛර්යවත් කතාව ක්‍රීඩා ලෝකයට සපයන්නේ ඉහළම ආදර්ශයක්.
බිෂන් බේඩි සිංට නත්තල් ගස්වලින් කදිම පිළිතුරක්
2003 ලෝක කුසලාන තරගාවලියේ දී ටෙස්ට් තත්වය නොමැති කෙන්යානුවන් සෙසු කණ්ඩායම්වලට එල්ල කළ තර්ජනය සුළුපටු නොවීය.
එවර ලෝක කුසලානයට සහභාගී වූ කෙන්යානු කණ්ඩායම ගැන හිටපු ඉන්දීය නායක බිෂන් බේඩි සිං අමුතුම තාලයේ කතාවක් කීවේය.
“ඔවුන් පැමිණ සිටින්නේ කණ්ඩායම් ගණන සම්පූර්ණ කිරීමට. අනික ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම නිකන් නත්තල් ගහක් වගේ.”

පළමු වටයේ දී ම ඔවුන් කැනඩාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරාජය කළ අතර නවසීලන්ත කණ්ඩායම ආරක්ෂක හේතූන් මත කෙන්යාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ නිසා නවසීලන්ත තරගයෙන් ද නිතරගයෙන් ජයගත්තේය. මෙම ජයග්‍රහණ නිසා සුපිරි කණ්ඩායම් හයේ වටයට ද සුදුසුකම් ලැබීමට කෙන්යානුවන් සමත් විය.
සුපිරි කණ්ඩායම් හය අතර තරගවල දී ඔවුන් තවත් ටෙස්ට් කණ්ඩායමක් වූ සිම්බාබ්වේ පරාජය කිරීමට සමත් විය. සුපිරි කණ්ඩායම් හය අතරින් තෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබන්නට ද කෙන්යානුවන් සමත්වී සිටියහ.
අවසන් පූර්ව තරගයේ දී ඉන්දියානුවන් අතින් පරාජය වුවද කෙන්යානුවන් දැක්වූ දස්කම් ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකුගේ හදවත් සොරාගැනීමට සමත් විය.
බිෂන් බේඩි සිං නත්තල් ගස්වලට සුදුසු යැයි අවමන් කළ කෙන්යානුවන් ලෝක කුසලාන තරගාවලිය අවසානයේ ඔහුට දුන්නේ කදිම පිළිතුරකි.
මේක පන්දුවාර 15කින් අවසන් වෙන්න පුළුවන්
ටෝනි ග්‍රේග් යනු සෑමවිටම ශ්‍රී ලංකාව ඉහළින් තබා කතා කළ ශ්‍රී ලංකාවට ආදරය කළ විස්තර විචාරකයෙකු විය. 1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෙන්ගතුව ඔහු කතා කළ ආකාරය කෙදිනකවත් අමතක කළ නොහැක. විශේෂයෙන්ම ඔහු සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පළමු පන්දුවාර පහළොව ඇතුළත ක්‍රීඩා කළ ආක්‍රමණශීලී විලාශයට බෙහෙවින් පෙම් කළේය.
1996 ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි හි ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබුණි. ඉන්දියානුවන් ලබා දුන් ලකුණු 271ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවේ පන්දුවාර පහක් නිමාවෙන්නටත් මත්තෙන්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා මනෝජ් ප්‍රභාකර්ට සෑහෙන ප්‍රහාරයක් දියත් කරනු දැකගත හැකි විය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් වඩාත් උද්දාමයට පත්ව සිටියේ ඒ වන විට විස්තර විචාරයේ යෙදී සිටි ටෝනි ග්‍රේග්ය. අනෙක් පසින් විස්තර විචාරක කුටියේ සිටියේ සුනිල් ගවස්කාර්ය.

සුනිල් ගවස්කාර් යනු කිසිම දිනක ශ්‍රී ලංකාවට කැමැත්තක් දැක්වූ විස්තර විචාරකයෙකු නොවේ.
“මම හිතන්නේ ටෝනි ඔබ ඔය කියපු දේ නම් ටිකක් වෙන්න අමාරුයි” ගවස්කාර් තරමක සිත් වේදානවකින් පිළිතුරු දුන්නා.
“සනී, ආතතියට පත්වෙන්න එපා” ග්‍රේග් ගවස්කාර්ට පැවසුවා.
ඉන්පසු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු හතරේ පහරක් එල්ල කළ වහාම ටෝනි ග්‍රේග් ගවස්කාර්ට සරදම් කරන ආකාරයක් දැකගත හැකි වුනා.
“මම මේ කල්පනා කළේ ඉන්දීය නායකයා, මොහොමඩ් අසාරුඩීන් මේ අවස්ථාවේ ඉන්න තැන මම හිටිය නම් මොකක් කරයි ද කියල. ඇත්තටම මට මුකුත් හිතාගන්න බැරිවෙයි. ” කියමින් ගවස්කාර් හෙමින් සීරුවේ ලිස්සා ගියා.
ගවස්කාර් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහත දමා කතා කළ මුල්ම අවස්ථාවත් එය නොවෙයි. 1995 වසරේ අග පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් තුන්කොන් තරගාවලියක් පැවැත්වුණා. මෙහි ජයග්‍රහණය ලැබුණේ ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින පිටියේ සුළුවෙන් තැකිය නොහැකි කණ්ඩායමක් බව පෙන්නුම් කළ තරගාවලිය මෙයයි. මෙම තරගාවලියේ මූලික වටයේ තරගයක දී කොදෙව්වන් ලබා දුන් ලකුණු 333ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. ඒ සමයේ එවැනි ලකුණු සංඛ්‍යාවක් හඹායෑම කිසිලෙසකින්වත් ලෙහෙසි වුනේ නැහැ.
ඉනිම් දෙක අතරතුර විවේකයේ දී සුනිල් ගවස්කාර් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට මෙම ලකුණු සංඛ්‍යාව කිට්ටුවකටවත් පැමිණිය නොහැකි බවයි. නමුත් ගවස්කාර්ගේ මතය බොරු කරමින් ශ්‍රී ලංකාව කොදෙව් ලකුණු සංඛ්‍යාව අසලටම පැමිණියා. අවසානයේ ඔවුන් පරාජය වුනේ ඉතාම අවාසනාවන්ත ලෙස ලකුණු හතරක පරතරයකින්. තරගය නිමාව දකින විට ගවස්කාර් විස්තර විචාරක කුටිය අසලකවත් නොසිටි බවයි කියවුණේ.
තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!





















