තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්; තවත් යොවුන් දස්කම් රැසක්

267

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී අදත් (27) පැවැත්විය.

කවිඳුගෙන් ශතකයක්; ගුණතිලක ශතකය පෙනෙන මානයේ

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී අද (26) ආරම්භ විය. එහි දී මහින්ද විදුහලට එදිරිව සාන්ත ජෝසප් විදුහලත්…

තර්ස්ටන් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 134ක ජයක් හිමි වූ මෙම තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පිටියේ පන්දු රැකීමට තීරණය කරන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ බණ්ඩාරනායක ඉනිම සුනුවිසුනු කළ ජනුශ්ක ප්‍රනාන්දු ලකුණු 10ක් තුළ කඩුලු 5යි.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් සවන ප්‍රභාෂ් ඔවුන්ගේ දෙවන ඉනිමට ද නොදැවී ලකුණු 50*ක් ලබාගෙන ලකුණු 137ක් දක්වා දෙවන ඉනිම එසවූ අතර, බණ්ඩාරනායක විද්‍යාලයට පිළිතුරු ලෙස සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 98ක් පමණි. පන්දු යැවීමේ දී ජනුශ්ක දෙවන ඉනිමේ කඩුලු 7ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 12ක් දවාගෙන ඇත.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 187/10 (58): සවන ප්‍රභාෂ් 76*, ජනිඳු ජයවර්ධන 3/64.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – 91/10 (27.5): ජනුශ්ක ප්‍රනාන්දු 5/10.

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 137/2 dec (19): සවන ප්‍රභාෂ් 50*, යෙශාන් වික්‍රමාරච්චි 40.

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – 98/10 (38.3): ජනුශ්ක ප්‍රනාන්දු 7/40


මහින්ද විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට, සාන්ත ජෝසප් පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 31ක් ලෙස සනිටුහන් වූ මෙම තරගය ගාලු ජාත්‍යන්තර පිටියේ දී අද දෙවන දිනටත් ක්‍රියාත්මක විය.

සාන්ත ජෝසප් පළමු ඉනිමට රෙවාන් කෙලී ලකුණු 83ක් ලබාගෙන ලකුණු 236කට සාන්ත ජෝසප් ලකුණු පුවරුව ගෙන එන ලදි. දිනෙත් ජයකොඩි ලකුණු 52යි. පන්දු යැවීමේ දී නිපුන් මාලිංග කඩුලු 7යි.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් නවෝද් පරණවිතාන ලකුණු 59යි. තරගය අවසානයේ මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 280/9 dec (91): කවිඳු එදිරිවීර 101, හේශාන් කාවින්ද 76, නවෝද් පරණවිතාන 42, ගෙශාන් කාවින්ද 41, හංසික වැලිහිඳ 21, දුමිත් වෙල්ලාගේ  5/77, අශේන් ඩැනියල් 2/64.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 236/10 (86.3): රෙවාන් කෙලී 83, දිනෙත් ජයකොඩි 52, ලක්ෂාන් ගමගේ 44, දිමෙත් වෙල්ලාගේ 30, නිපුන් මාලිංග 7/23.

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 104/4 (23): නවෝද් පරණවිතාන 59, නිපුන් සුරසිංහ 2/19.

හොංකොං යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහරූෆ්ට

මේ මස 28 සහ 29 දිනවල හොංකොං හි කොව්ලූන් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වෙන හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය..


සාන්ත පීතර විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

කාසියේ වාසිය දිනූ සත්කාරක විද්‍යාලයේ ඇරයුමින් පිතිකරණයට පිවිසි සාන්ත පීතර විද්‍යාලය ඊයේ (26) දිනය අවසානයේ සිය ප්‍රථම ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබාගෙන සිටි අතර, දක්ෂ පිතිකරණයක නිරත වූ සන්තුෂ් ගුණතිලක ලකුණු 81කට දැවී ගියේය. රොමල් ප්‍රනාන්දු කඩුලු 3යි. අවසානයේ ලකුණු 294කට කඩුලු 8ක් ලෙස තිබූ ඉනිම අත්හිටවූ සාන්ත පීතර විද්‍යාලය ද මැසනොඩ් පළමු ඉනිම ලකුණු 128කට සීමා කළේය

අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලැබුණි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 294/8 dec (92): සන්තුෂ් ගුණතිලක 81, සචින් සිල්වා 52, දිනෙත් අංජුල 24, රොමල් ප්‍රනාන්දු 3/87, නඳුන් ඩිල්ශාන් 2/20.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 128/10 (50): නිම්න ප්‍රනාන්දු 23*, මොහොමඩ් අමීන් 3/37, සචින් සිල්වා 3/43.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 76/4 (16): සන්තුෂ් ගුණතිලක 33, මිතිල ගීත් 3/32


ලුම්බිණි විද්‍යාලය හා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ දී කාසියේ වාසිය දිනූ ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තරගයේ ඊයේ දිනය අවසානයේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටියේය.

උදෑසනම සාන්ත තෝමස් ඉනිම ලකුණු 164කට නැවතුණු අතර, එහි දී විමුක්ති කුලතුංග කඩුලු 4ක් දවා ගන්නා ලදි. ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිමට ලකුණු 132ක් ලබාගෙන ඉනිම අත්හිටවූ අතර, එහි දී රවීශ තත්සර ලකුණු 69යි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම ජයග්‍රහණය කළේය.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 165/10 (47.5): විනූ හේමාල් 28, ලහිරු ඩිල්ශාන් 4/20, තරුෂ කාවින්ද 3/10.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 164/10 (61.5): තරුෂ කාවින්ද 31, විමුක්ති කුලතුංග 4/44, විනූ හේමාල් 2/13.

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 132/8 dec (55): රවීශ තත්සර 69, සඳුනෙල් සංකල්ප 59, සහිර රශ්මික 4/66.

 සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම  – 105/6:  හිරාන් ලක්ෂාන් 29*, කවීන් පීරිස් 4/52.

පිතිකරණය නැවතත් අසාර්ථකයි; විස්සයි විස්ස පළමු ජය පාකිස්තානුවන්ට!

අසාර්ථක එක්දින තරගාවලියෙන් පසුව ඊයේ (26) අබුඩාබි නුවර දී ඇරඹුණු විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ද ශ්‍රී ලංකාවට උරුම වූයේ දරුණු පරාජයකි. මේ වන විට බරපතළ ගැටලුවක්…


කැලණිය ගුරුකුල විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනූ සත්කාරක නාලන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගයෙන් නාලන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලැබුණි.

දෙවන දිනයේ තෙවන පරිච්ඡේදය තුළ ගුරුකුල දෙවන ඉනිම ලකුණු 129කට සීමා විය. එහි දී ලක්ෂිත රසාංජන කඩුලු 3ක් දවාලන විට, මලිඳු විදුරංග ලකුණු 32ක් ලබා ගන්නා ලදි. පිළිතුරු ඉනිම දියත් කළ නාලන්ද විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 90ක් ලබා ගැනීමට තිබූණ ද, දිනයට නියමිත පන්දුවාර ප්‍රමාණය අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 93/10 (34.1): මලිඳු විදුරංග 20, රවීන් ද සිල්වා 3/17, චමිඳු විජේසිංහ 2/21.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම  – 133/10 (54.5): ලක්ෂිත රසාංජන 34, සචින්ත සමිත් 3/12, පෘථිවි රෑසර 3/19.

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම – 129/10 (61.3): මලිඳු විදුරංග 32, රවීන් ද සිල්වා 3/16, ලක්ෂිත රසාංජන 3/52.

නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 83/5 (9): ලක්ෂිත රසාංජන 23, සුහඟ විජේවර්ධන 21.


ආනන්ද විද්‍යාලය හා සහිරා විද්‍යාලය

සහිරා විදුහල් පිටියේ දී කාසියේ වාසිය දිනූ ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. කමේශ් නිර්මාල් හා කනිශ්ක රන්තිලකගේ පිළිවෙළින් ලකුණු 46ක් හා ලකුණු 41ක් ලබාගත් මෙම තරගයේ දී ආනන්ද විද්‍යාලය ලකුණු 235ක් සිය පළමු ඉනිමට ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මොහොමඩ් ආදිල් කඩුලු 5යි.

ආනන්ද නායක අසේල සිගේරා පිළිතුරු සහිරා ඉනිම තුළ කඩුලු 3ක් දවාලමින්, පළමු දිනය සඳහා තරගය නතර කරන විට,  සහිරා ලකුණු පුවරුව ලකුණු 22කට කඩුලු 4ක් ලෙස සනිටුහන් කළේය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 235/10 (50.4): කමේශ් නිර්මාල් 46, කනිශ්ක රන්තිලකගේ 41, කලණ විජේසිරි 31, මොහොමඩ් ආදිල් 5/65.

සහිරා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 22/4 (22.4): අසේල සිගේරා 3/03.

ලංකාවෙ ක්‍රිකට් සද්දේ – පපරයක කතන්දරයක්

ක්‍රිකට් මැච්, රගර් මැච් වලදි විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ අපි කසාද බඳින දවසට පවා පපරේ බෑන්ඩ් සංගීතයක් ඇහෙද්දි නැටවෙන්නේ නිකන්මයි. ඒත් මේ පපරේ බෑන්ඩ් පටන් ගත්තෙ…


රාජකීය විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

රාජකීය පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, තරගයේ පළමු දිනය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 33ක් ලබාගෙන සිටින ලදි.

පළමුව පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලයට කවිඳු මදරසිංහ හා භාග්‍ය දිසානායක පිළිවෙළින් ලකුණු 72ක් හා ලකුණු 63ක් වාර්තා කළහ. පන්දු යැවීමේ දී තවීශ අභිෂේක් කඩුලු 4යි.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 223/10 (81): කවිඳු මදරසිංහ 72, භාග්‍ය දිසානායක 63, තවීශ අභිෂේක් 4/22.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 33/2 (16):

සාන්ත තෝමස් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

සාන්ත තෝමස් පිටියේ දී කාසියේ වාසිය දිනූ මලියදේව විද්‍යාලය පළමුව පන්දු රකින ලදි.

ඩිලෝන් පීරිස් ලකුණු 40ක් ලබාගත් සාන්ත තෝමස් පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 225ක් ලෙස සටහන් විය. අනතුරුව සිය මුල් ඉනිම අත්හිටවූ සාන්ත තෝමස් විද්‍යාලය පිළිතුරු මලියදේව පළමු ඉනිම ලකුණු 81කට සීමා කිරීමට සමත් විය. එහි දී ශැනොන් ප්‍රනාන්දු හා ඩිලෝන් කඩුලු 3 බැගින් දවාලන ලදි. දිනය අවසානයේ නැවතත් පිතිකරණයේ නිරත වන මලියදේව විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු නොදැවී ලකුණු 16ක් ලබාගෙන සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 225/9 dec (62.4): ඩිලෝන් පීරිස් 40, මන්තිල විජේසිංහ 22, දුලාජ් රණතුංග 4/28, සංජීවන් ප්‍රියදර්ශන 3/62.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 81/10 (30.5): දුලාජ් රණතුංග 30, ශැනොන් ප්‍රනාන්දු 3/03, ඩිලෝන් පීරිස් 3/12.

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) (F/O) – 16/0 (6):

Can Captain Thisara Perera revive Sri Lanka in T20Is? – Pitiye Katha

Danushka Lakmal and Kosala Sureshchandra discusses the recent 5-0 defeat for Sri…


ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

දකුණත් පිතිකරු ට්‍රෙවෝන් වීරසූරිය නොදැවී පිතිකරණයේ නිරත වෙමින් සුපිරි ශතකයක් ලබාගත් මෙම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 261ක් ලබා ගන්නා ලදි. A කාණ්ඩයේ තරගයක් ලෙස කොටහේන බෙනඩික්ට් පිටියේ ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට, කාසියේ වාසිය දිනූ සත්කාරක බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියි. නිමේෂ් ප්‍රනාන්දු ලකුණු 31*යි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 261/10 (65.2): ට්‍රෙවෝන් වීරසූරිය 112*, පුබුදු බණ්ඩාර 58, හසින්ත ජයසූරිය 27, තිනාත් පෙරේරා 2/55, මහේෂ් තීක්ෂණ 2/60.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 115/5 (29): නිමේෂ් ප්‍රනාන්දු 31*, මහේෂ් තීක්ෂණ 26, චමුක කුමාරසිංහ 2/25.

පළමු දිනට පැවැත්වූ තරග සියල්ලම හෙට (28) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<