නිශාන් සහ නුවනිඳුගේ අභියෝගය ඉන්දීය යෞවනයෝ ලෙහෙසියෙන්ම පසුකරයි

1267

වරින්වර කඩා වැටුණ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ගෞරවනීය තැනක තැබූ නිශාන් මධුශ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ගොඩ ගනිමින් ප්‍රතිවාදීන්ට කළ අභියෝගය ඉතා කැමැත්තෙන්ම බාර ගත් ඉන්දීය යෞවනයෝ තරගය නිමා වීමට තවත් පන්දු 44ක් ඉතිරිව තිබිය දී ම ඉලක්කය ඉතා පහසුවෙන් සපුරා ගනිමින් තරගාවලිය 3-2ක් ලෙසින් ජය ගත්තා.

නවෝද් සහ නිපුන්ගේ උත්සාහයන් බිඳ වැටෙයි; ශ්‍රී ලංකාවට පරාජය

තරග පහකින් යුත් ඉන්දු – ලංකා යොවුන් එක්දින තරගාවලියේ තෙවැනි තරගය වෙද්දී තරගාවලියේ ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (07) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා…

තරග පහකින් යුත් ඉන්දු – ලංකා යොවුන් එක්දින තරගාවලියේ අද (10) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවති තීරණාත්මක අවසන් තරගයේ දී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයක් වාර්තා කළා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 212ක් ලබා ගත් අතර පිළිතුරු ඉලක්ක ගත ඉනිම 43 වැනි පන්දුවාරයේ දී පසු කිරීමට සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුනා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු යසස්වින් ජයිස්වාල් පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තා.

ඔහු සමඟින් අනෙක් පිතිකරුවෝ ද ලකුණු අතරට පිවිසීම නිසා කිසිදු අපහසුවකින් තොරව ඔවුන් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ යසස්වින් සහ දේව්දූත් පඩික්කල් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 71ක් දක්වා පැතිර ගියා. අවිශ්ක ලක්ෂාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා පළමු කඩුල්ල ලෙසින් දේව්දූත් දැවී ගිය අතර ඒ වෙද්දී ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 143 දී. අංක එක පිතිකරු ලෙසින් පිටියට පිවිසි පවන් ෂා පන්දු 45කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී ලක්ෂිත මනසිංහගේ පන්දුවකට නුවනිඳු ප්‍රනාන්දු අතට උඩ පන්දු ලබා දී දැවී ගියා. යසස්වින් සහ පවන් අතර දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 72ක්.

චන්දිමාල් ඇතුළු නැගී එන ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව මෙල්ල කරයි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ…

අනතුරුව යසස්වින් සහ නායක ආර්යන් ජුයාල් තරගය ජයග්‍රහණය දක්වා රැගෙන ගියා. තරගය අවසන් වෙන විට ආර්යන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා. යසස්වින් සහ ආර්යන් අතර තෙවැනි කඩුල්ලේ නොබිඳුණ ලකුණු සබඳතාව 71ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගැනීම සඳහා පන්දු යවන්නෝ 6 දෙනෙක් එක්ව උත්සාහ කළ ද ඔවුන් අතුරින් සාර්ථක වූයේ අවිශ්ක ලක්ෂාන් සහ ලක්ෂිත මනසිංහ පමණයි. ඔවුන් දෙදෙනා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

කාසියේ වාසිය දිනමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වරින් වර කඩා වැටෙමින් ගිය ගමන ගොඩගනු ලැබුවේ නිශාන් මධුශ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු යි. ඔවුන් දෙදෙනා ලබා ගත් අර්ධ ශතක නොවන්නට ශ්‍රී ලංකා ඉනිම ඉතා දුර්වල මට්ටමකට වැටෙන්නට ඉඩ තිබුණා.

නිශාන් සහ නුවනිඳු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේ සහයෝගයෙන් පමණක් තම ලකුණු පුවරුව තර කිරීම කැපී පෙණුනා. එහි දී පෙරමුණ ගත්තේ ආරම්භක දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක ඔහු 136කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 95ක් ලබා ගත්තා.

නිශාන් සමඟින් අනෙක් ආරම්භක පිතිකරුවා වූ නවෝද් පරණවිතාන අතර පළමු කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව ලකුණු 32ක්. නවෝද් අද රැස් කළේ ලකුණු 17ක් පමණයි. ඔහුගේ ඉනිම පන්දු 25කින් සමන්විත වූ අතර හතරේ පහර 3ක් එම ඉනිමට අයත් වුනා.

ඔහුගේ දැවී යෑමත් සමඟින් යැවුණ අනෙක් පන්දුව නිපන්දුවක් වූවද නායක නිපුන් දනංජය දුවද්දී දැවී යෑමට හසුවෙමින් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ද අහිමි කර ගත්තා. අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු තෙවැනි කඩුල්ලට එක් වූ අතර නිශාන් හා ඔහු අතර එම කඩුල්ලේ සබඳතාව ලකුණු 101ක් වුනා. මේ ශතක සබඳතාවේ දී නුවනිඳු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

නිශාන් තව දුරටත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඉන්දීය පන්දු යවන්නන්ට හිසරදයක් වෙද්දී පසිඳු සූරියබණ්ඩාර හා එක්වෙමින් සිව්වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් පැවැත්වුවා. අනෙකුත් පිතිකරුවන් ද හසුරුවා ගනිමින් එක් අන්තයක් සම්පූර්ණයෙන්ම ආවරණය කර ගත් නිශාන් 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 207 තිබුණා.  

කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි

කුසල් පෙරේරා ආරම්භ කළ මැජික් ඉනිම, තිසර පෙරේරා සහ දසුන් ශානක විසින් තව දුරටත් පවත්වා ගෙන යෑමත්, එම උත්සාහයන් සඵල කර ගැනීම වෙනුවෙන් සුරංග ලක්මාල් දැක්වූ…

පසුපෙළ ක්‍රීඩකයෝ කිසිවෙකුටත් ලකුණු 10 සීමාව අසළටවත් එන්නට නොදුන් ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 31ක් තුළ දවා ගැනීමට සමත් වුනා. ඒ අනුව සොනාල් දිනූෂ (02), සඳුන් මෙන්ඩිස් (03), ලක්ෂිත මනසිංහ (04), ශෂික දුල්ෂාන් (01) අඩු ලකුණුවලට දැවී ගියා. අවසන් කඩුල්ල බේරා ගත්ත ද ඉනිම අවසන් වන විට කළණ පෙරේරා නොදැවී ලකුණු 6ක් ද අවිශ්ක ලක්ෂාන් කිසිඳු ලකුණක් ලබා නොගෙන නොදැවී ද පිටියේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීම සඳහා ඉන්දීය නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක්ම යොදා ගත් අතර එහි දී හොඳම පන්දු යැවීම වාර්තා කළේ මොහිට් ජන්ග්‍රා ය. ඔහු ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම; කඩුලු 9ක් දැවී 212  (50.0) නිශාන් මධුශ්ක 95, නුවනිඳු ප්‍රනාන්දු 56, පසිඳු සූරියබණ්ඩාර 20, මොහිට් ජන්ග්‍රා 2/30

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; සියලුම දෙනා දැවී 214 (42.4) යසස්වින් ජයිස්වාල් නොදැවී 114, දේව්දූත් පඩික්කල් 38, පවන් ෂා 36, ආර්යන් ජුයාල් නොදැවී 22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<