ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග දෙකකින් සමන්විත ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය හෙට (18) දින එඩින්බර්ග් හිදී ආරම්භ වේ. මේ එම තරගයට පෙර ThePapare.com ගෙන එන පෙර විමසුමයි.
මුහුණට මුහුණ
2011 වසරේ සිට ආරම්භ වූ දෙරට අතර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලීමේදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එක්දින තරග 2ක් පවත්වා තිබෙන අතර එම තරග දෙකම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පමණක් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ
ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර 2011 වසරේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වතාවට ස්කොට්ලන්තය සමඟ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී විය. එඩින්බර්ග් හිදී පැවති එම තරගය ලකුණු 183කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ දී දිමුත් කරුණාරත්න සහ මහේල ජයවර්ධන අර්ධ ශතක ලබාගන්නා විට පන්දු යැවීමේ දී ලසිත් මාලිංග කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වන ලදි.
ඉන්පසුව 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සමඟ තරග වැදුනු අතර එම තරගයද ලකුණු 148කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ දී තිලකරත්න ඩිල්ශාන් සහ කුමාර් සංගක්කාර ශතක ලබාගන්නා විට ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ප්‍රබල පිතිකරුවන්
ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින දක්ෂ මැදපෙළ පිතිකරුවෙක් වන මැතිව්ස් ස්කොට්ලන්තය සමඟ මේ දක්වා පවත්වා තිබෙන එක්දින ක්‍රිකට් තරග දෙකේම ක්‍රීඩා කර තිබේ. එම තරග දෙකේදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 74ක් ලබා ගැනීමට මැතිව්ස් සමත්ව ඇත. ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 203කදී ලකුණු 5380ක් රැස්කර ගෙන ඇත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක 37ක් සමඟ 42.36ක දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගෙනයි.
කාලම් මැක්ලියඩ්

කුසල් ජනිත් පෙරේරා

කයිල් කෝට්සර්

කට වරද්දා ගත් එංගලන්ත නායකයාට නඩු
2000 වසරේ ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරගාවලියකට සහභාගී වීමට පාකිස්තානයට පැමිණි
ප්‍රබල පන්දු යවන්නන්
නුවන් ප්‍රදීප්
දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සැලකිය යුතු මට්ටමක වේගයකින් පන්දුව යැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ වේගවත්ව පිටතට දෝලනය වන පන්දුවයි.
නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 34කදී කඩුලු 38ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දළ වශයෙන් 6.13ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබාදී ඇත. තවමත් වයස අවුරුදු 32ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙසද හඳුන්වා දිය හැක.
සෆියාන් ෂරීෆ්

සුරංග ලක්මාල්

මාර්ක් වොට්

එඩින්බර්ග් ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එක්දින ක්‍රිකට් තරග දෙකම පැවැත්වෙන්නේ එඩින්බර්ග් හි ග්‍රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේ දීයි. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට සහ වේගපන්දු යවන්නන්ට හිතකර ලෙස බොහෝ දුරට හැඩගැසී ඇත.
එඩින්බර්ග් හි ග්‍රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේදී ස්කොට්ලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරගයකදී එකිනෙකා හමුවන්නේ වසර 8කට පසුවයි.
යම්හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් දෙවනුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ.
සෙල්සියස් අංශක 8 – 13 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින කාලවකවානුවක පැවැත්වෙන මෙම ක්‍රිකට් තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ.
ICC නීති කඩ කළාට මෝර්ගන්ට තරග තහනමක්
එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ (14) දින පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම නිසා එංගලන්ත ක්‍රිකට්
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 9 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනා ගෙනයි. සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම එම ලැයිස්තුවේ 13 වැනි ස්ථානය දිනා ගෙන ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 373ක් සමඟ ප්‍රසාද ලකුණු 37ක් දිනා ගෙනයි. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වලින් ද ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.
නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මෙම තරගය සහ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩසේ.
*මෙම තරග දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග හට විවේකයක් ලබාදී තිබේ.
ස්කොට්ලන්තය – කයිල් කෝට්සර් (නායක), ඩිලන් බර්ජ්, ස්කොට් කැමරන්, මැතිව් ක්රොස් (කඩුලු රකින්නා), ඇලසාඩේර් එවන්ස්, මයිකල් ජෝන්ස්, මයිකල් ලීස්ක්, කාලම් මැක්ලියඩ්, ගවීන් මෙයින්, ජෝර්ජ් මන්සි, සෆියාන් ෂරීෆ්, ටොම් සෝල්, ක්රේග් වොලස්, මාර්ක් වොට්, බ්රේඩ් වීල්.
තරග කාලසටහන
පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය – මැයි 18 (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට)
දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය – මැයි 21 (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට)
ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















