සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (15) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය වෙලින්ග්ටන් හි බේසින් රිසර්ව් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත. මේ පළමු ටෙස්ට් තරගයට පෙර ThePapare.com කරනු ලබන පෙර විමසුමයි.
නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
දෙසැම්බර් මස 15 වැනිදා සිට නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත…
මුහුණට මුහුණ
1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 32ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 13ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. එසේම බංග්ලාදේශය තුළ දී ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට බංග්ලාදේශය සමත්ව නැත.
ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

කරුණාරත්නගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උපනායකත්වය දරණ ඔහු ශතක 8ක් සහ අර්ධ ශතක 20ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම නවසීලන්ත කණ්ඩායමට එදිරිව 44.11ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත්තේ තරග 5කට පමණක් සහභාගී වෙමිනි. ඒ අතරට එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය.
කේන් විලියම්සන්

ඇන්ජලෝ මැතිව්ස්

මැතිව්ස්ගේ එම ලකුණු අතරට ශතක 8ක් හා අර්ධ ශතක 32ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්වීමට හැකිය. තවද නවසීලන්තයට එදිරිව ලකුණු 42කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගැනීමට මැතිව්ස්ට හැකිව ඇත.
රොස් ටේලර්

ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

ටීම් සවුතී

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීම…..
නුවන් ප්‍රදීප්

ට්‍රෙන්ට් බෝල්ට්

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි
ලබන දෙසැම්බර් 15 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට්…
වෙලින්ග්ටන් තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය

යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇති නමුත් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට හා අවසන් දිනයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 13 – 18 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 14°C – 22°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
නවසීලන්ත කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර නවසීලන්තය දැනට (දෙසැම්බර් 12) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 2834ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 105ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3888ක් හා ප්‍රසාද ලකුණු 93ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.
පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), දනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්.
නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකෝල්ස්, බීජේ වොට්ලින්ග්, කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, ටිම් සවුති, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝලට්, මැට් හෙන්රි
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018/19 – ටෙස්ට් තරග කාලසටහන
- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 15 – 19 – වෙලින්ග්ටන් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3.30ට)
- දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 26 – 30 – ක්‍රයිස්චර්ච් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3.30)
තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















