ගෙවුනු දවස: ඔක්තෝම්බර් 30 – කොමර්ෂල් ක්‍රෙඩිට් වාඩුව ගනී

328

ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී තරග කරමින් ©AFPශ්‍රී ලංකා A සහ කොදෙව් A කණ්ඩායම් අතර පැවති එක්දින තරඟ මාලාව 3-0ක් ලෙස ජයග්‍රහණය කල කොදෙව්වන් ශූරතා කුසලානය සමඟින් ©ThePapare.comවෙළඳ සේවා 20-20 තරඟාවලියේ ශූරයින් වූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ජයග්‍රාහි කුසලාන සමඟින් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට පහසු ජයක්

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම MAS යුනිචෙලා කණ්ඩායම සමඟින් පසුගිය සති අන්තයේ තරඟ වැදුනේ, වෙළඳ සේවා පළමු කාණ්ඩයේ පිළිමලුන් පිටු දැකීමේ එක්දින තරඟාවලියේ කිරුල සඳහායි. එහිදී ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත වූ MAS යුනිචෙලා කණ්ඩායම පහසු ජයක් වාර්තා කරන්නට සමත් විය.

ඊට සතියකට පසු ඊයේ (30) දිනයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම එම පරාජයේ වාඩුව ගන්නට සමත් වූයේ වෙළඳ සේවා පළමු කාණ්ඩයේ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී MAS යුනිචෙලා කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමිනුයි.

MAS යුනිචෙලා – සියල්ලන් දැවී -112 (18.4) : රමිත රඹුක්වැල්ල – 28, චතුරංග ද සිල්වා – 3/22, ප්‍රනීත් විජේසේන – 2/08, මලින්ද පුෂ්පකුමාර –  2/16

කොමර්ෂල් ක්‍රෙඩිට් – 115/5 (17.4) : අශාන් ප්‍රියන්ජන් – 26, චතුරංග ද සිල්වා – 22, රමිත රඹුක්වැල්ල – 3/27

සම්පූර්ණ ලිපිය: වෙළඳ සේවා 20-20 කිරුල කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට


3-0ක ජය කොදෙව්වන්ට

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු තෙවන නිල නොවන එක්දින තරඟය ඊයේ (30) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී නිමාවට පත්විය. මෙම තරඟය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 8කින් ජයග්‍රහණය කල කොදෙව් කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

කොදෙව් A කණ්ඩායම – 305/5 (47): ජේසන් මොහොමඩ් 105*, ඇන්ඩෲ මැකාති 102, චැඩ්වික් වෝල්ටන් 36, නුවන් කුලසේකර 2/65, සචිත් පතිරණ 1/45

ශ්‍රී ලංකා A කණ්ඩායම – 248 /07 (38): ධනුෂ්ක ගුණතිලක 58, මිලින්ද සිරිවර්ධන 35, සචිත් පතිරණ 34, දසුන් ශානක 33*, රොන්ස්ෆර්ඩ් බීටන් 2/38

සම්පූර්ණ ලිපිය: අවසන් තරඟයත් ජය ගත් කොදෙව්වෝ පූර්ණ ජයක් ලබති


තරගයේ වාසිය තවමත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පිළේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් හරාරේහිදී ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (30) දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය තවදුරටත් ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 537 (පන්දුවාර 155): උපුල් තරංග 110*, කුසල් පෙරේරා 110, දිමුත් කරුණාරත්න 56, කෞෂාල් සිල්වා 56, අසේල ගුණරත්න 54, ග්‍රැහැම් ක්‍රීමර් 4/142, ක්‍රිස්ටෝපර් ම්පොෆු 2/96.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 88 (පන්දුවාර 23): ටීනෝ මවෝයෝ 41*, හැමිල්ටන් මැසකඩ්සා 33*, බ්‍රයන් චාරි 5, රංගන හේරත් 1/29.

සම්පූර්ණ ලිපිය: දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිළෙන් දැවැන්ත අභියෝගයක්

දිනයක නිමාව

පසුගිය සතියෙන්

නිහාල් මෙන්ඩිස් කුසලානය කඳානට

කඳාන ද මැසිනොද් විද්‍යාලය හා කොටහේන  ශාන්ත බෙනඩික් විද්‍යාලය අතර කඳාන මැසිනොද් විද්‍යාලය පාපන්දු ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මස 28 වනදා පැවති නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලාන තරඟයේදී ගෝල  2-1 ලෙස තියුණු ජයක් ලබා ගැනීමට  සත්කාරක මැසිනොද් ක්‍රීඩකයන් සමත් විය.

ප්‍රථම අර්ධය – ද මැසිනොද් විද්‍යාලය 01 : 01 ශා .බෙනඩික් විද්‍යාලය

අවසන් ලකුණු – ද මැසිනොද් විද්‍යාලය 02 : 01 ශා .බෙනඩික් විද්‍යාලය

ThePapare.com තරඟයේ වීරයා – ප්‍රමුදිත ගුණසේකර

සම්පූර්ණ ලිපිය: නිහාල් මෙන්ඩිස් කුසලානය මැසිනෝද් විදුහලට


සමස්ත ශූරතාවයන් කොළඹට

දින 4ක් පුරා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු 47 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නිමාවට පත් වූයේ සමස්ත ශූරතා දෙකම කොළඹට හිමි කර දෙමිනුයි. බාලක සමස්ත ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය දිනා ගනිද්දී සමස්ථ බාලිකා ශූරතාව දිනා ගත්තේ කොළඹ කාන්තා විද්‍යාලයයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සන්දීපා හෙන්ඩර්සන් සම්මාන දිනා ගනිද්දී, හලාවත සාන්ත මරියා විදුහලේ මිලින්ද පෙරේරා දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

වයස අවුරුදු 14න් පහල බාලිකා ශූරතාව

  • ශූරතාව – ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – කොළඹ – ප්‍රසාද ලකුණු – 25
  • අනුශූරතාව – ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – කෑගල්ල – ප්‍රසාද ලකුණු – 20
  • 3  වන ස්ථානය – ජෙනින්ස් ජාත්‍යන්තර පාසල – ප්‍රසාද ලකුණු 15