පාකිස්තාන ක්‍රීඩිකාවන් වේලාසනින්ම තරගාවලිය අවසන් කරයි

272
Sri lanka Women vs Pakistan Womens

ශ්‍රී ලංකා නායිකාව අද (22) තම කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සහිතව කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අතර පාකිස්තාන නායිකාව පෙර තරගය සඳහා සහභාගී වූ කණ්ඩායමෙන් යුතුව පිටියට පිවිසියාය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය සහභාගී වූ අචිනි කුලසූරිය සහ කවිශ්කා දිල්හාරි වෙනුවට කැඳවා තිබුණේ චමරි පොල්ගම්පළ සහ සුගන්ධිකා කුමාරි ය.

[rev_slider LOLC]

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගෙන පිටියට පිවිසෙමින් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 250ක් රැස් කළාය. එම ඉනිමේ කැපී පෙනෙනම ක්‍රීඩිකාව වූයේ නායිකා බිස්මා මාරූෆ් ය. ඇය පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තාය. ඇයගේ පෞද්ගලික ලකුණු ලබා ගැනීමේ සිව්වැනි ස්ථානයට මෙම ඉනිම පත්විය.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි නහිදා කාන් සහ මුනීබා අලි පළමු කඩුල්ලට ලකුණු 49ක් එක් කළහ. පළමු කඩුල්ල ලෙසින් නහිදා කාන් ලකුණු 29 දී දැවී ගියා ය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පෙර තරගයේ ශතකලාභිනී ජවේරියා කාන් පිටියට පිවිසිය ද, ඇයට දීර්ඝ ඉනිමකට ස්ථාවර වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉඩ තැබුවේ නැත. ඇය ලකුණු 16ක් ලබා සිටිය දී දුවද්දී යෑමකට හසුකර ගැනීමට ශ්‍රීපාලි වීරක්කොඩි සහ රෙබේකා වැන්ඩොර්ට් සමත් වූහ. අනෙක් ආරම්භක පිතිකාරිනී මුනීබා අලි පන්දු 57ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තාය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු සබඳතාවකින් යුත් කඩුල්ල වූයේ 5 වැනි කඩුල්ලයි. එම කඩුල්ල වෙනුවෙන් නායිකා බිස්මා මාරූෆ් සහ නිඩා දාර් එක්ව ලකුණු 91ක් එක් කළහ. නිඩා දාර් පන්දු 46ක දී හතරේ පහර දෙකක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 38කි.

අනතුරුව කැපී පෙනෙන ඉනිමක නිරත වූයේ සනා මිර් ය. ඇය පන්දු 25කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා ය.

පන්දු යැවීමේ දී ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු දෙකක් ලබා ගත් අතර අමා කාංචනා සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවා ගත්හ.

චන්දිමාල් කොළඹට, මැතිව්ස් නුවරට නායකත්වය ලබා දෙයි; තරගාවලිය මාර්තු 30 ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන 2018 සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලිය..

පිළිතුරු ඉනිමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන්ට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 156ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ශ්‍රීපාලි වීරක්කොඩි ය. ඇය පන්දු 28  දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා ය.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 34 දී දැවී යමින් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිය දී චමරි පොල්ගම්පළ සහ රෙබාකා වැන්ඩර්ට් (10) එක්ව ලකුණු 25ක සබඳතාවක් පිහිටුවමින් ලකුණු පුවරුව 55ක් දක්වා ගෙන ඒමට සමත් වූහ.

අනතුරුව 7 වැනි කඩුල්ලේ දී ද නැවත ලකුණු 34ක සබඳතාවක් එක් කිරීමට චමරි පොල්ගම්පළ සමඟ අමා කාංචනා සමත් වූහ. එම සබඳතාව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාව විය. චමරි පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා ය. අමාගේ ඉනිම පන්දු 24ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23කි.

ගම්පහත්, කොළඹත් ඇවිළෙන නීල හරිත සටන

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර 5 වැනි…

මීට අමතරව නායිකා චමරි අතපත්තු ආරම්භක පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසෙමින් පන්දු 23ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා ය.

කඩුලු ලබා ගැනීමේ දී සනා මිර් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තා ය.

දෙරට අතර පැවැත්වෙන තුන් වැනි සහ අවසාන එක්දින තරගය මේ මස 24දා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.  

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 250 (50.0) නහිදා කාන් 29, මුනීබා අලි 31, බිස්මා මාරූෆ් 89, නිඩා දාර් 38, සනා මිර් 27, ශ්‍රීපාලි වීරක්කොඩි 2/46

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 156 (37.0) චමරි පොල්ම්පළ 24, අමා කාංචනා 23, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 29, සුගන්ධිකා කුමාරි 17, සනා මිර් 4/32, නිඩා දාර් 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<