ගෙවුනු දවස: නොවැම්බර් 11 – වොලිබෝල් පිටිය උණුසුම් වෙයි

381
Sri Lanka Sports News Last Day Summary

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

වොලිබෝල් –

විදුලි බල මණ්ඩලය පෙරටම

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සුපර් ලීග් වටයේ තරඟ ඊයේ (11) දෙවන දිනටත් පැවැත්වූයේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

එහිදී පිරිමි අංශය වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගන්නට විදුලි බල මණ්ඩල කණ්ඩායම, යුධ හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායමත්, කාන්තා අංශයේ ජයග්‍රහණ ලබා ගන්නට යුධ හමුදා කාන්තා කණ්ඩායමත්, ගුවන් හමුදා කාන්තා කණ්ඩායමත් සමත් විය.

ඊයේ දිනයේ පැවති තරඟ හයෙන් දෙකක්ම අතිශය උණුසුම් තරඟයන් බවට පත්වූයේ ක්‍රීඩකයින්ගේ උද්යෝගය පෙර දිනයට වඩා නිසැක වශයෙන්ම ඉහල මට්ටමක තිබූ බැවිනි.

සම්පූර්ණ ලිපිය: යුධ, ගුවන්, නාවිකයින් පිරිවරා විදුලි බල මණ්ඩලය ඉදිරියටම


ක්‍රිකට් –

දේශීය ක්‍රිකට් පිටිය යලි උණුසුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කරලිය කාර්ය බහුල ස්ථානයක් බවට පත්කරන අන්තර් සමාජ තරග බිමේ, 2016/17 තරග වාරය ලබන නොවැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ ප්‍රිමියර් ලීග් පළමු පෙළ තරගාවලියේ ආරම්භය සමඟයි.

තුන් දින තරග ලෙස පැවැත්වෙන මෙම තරග වාරයේ ප්‍රිමියර් ලීග් තරග කාල සටහනට කණ්ඩායම් 24ක් අතුලත්ව සිටියි. ඔවුන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ තරග වදින අතර ඒවා A කොටස සහ B කොටස ලෙස වර්ගීකරණය කර තිබේ.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 25 දා සිට


වේල්ස් කුමරුවන්ට ජය

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) තවත් තරඟ කිහිපයක්ම පැවති අතර, 10 වැනිදා ආරම්භ වූ වේල්ස් කුමර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟයෙන් ඉණිමක හා ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම– 189 (81.2): අශේන් කණ්ඩම්බි 45, සුමිත් හංසික 43, සංජුල ශෙහාන් 27, සවිදු පීරිස් 5/41, තිලාන් ඉමේෂ් 2/32

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – 105/10 f/o (33.3): සවිදු පීරිස් 4/47, කවුමල් නානායක්කාර 3/28

තරගයේ සාරංශය,

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 367/8 dec (59): විශ්ව චතුරංග 146, තිලාන් නිමේෂ් 61, දිලංක මදුරංග 48, අශේන් කණඩම්බි  2/33

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – 300/09 dec (77): රීවන් කෙලී 91, දිනෙත් මදුරවෙල 40, ශෙවෝන් ෆොන්සේකා 34, දිනෙත් ජයකොඩි 31*, ගයාන් චන්ද්‍රසේන 3/21

මලියදේව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 62/01 (19): දිනංජය ප්‍රේමරත්න 35*

සම්පූර්ණ ලිපිය: වේල්ස් කුමර විදුහලට ඉණිමක ජයක්

දිනයක නිමාව