ගෙවුනු දවස අගෝස්තු 06 – සුපුරුදු පරාජය ඊයේත්

256

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ක්‍රිකට් බලාපොරොත්තු සුන්වෙයි

Sri Lanka v India

වර්තමානයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග තවදුරටත් උත්සන්න කරමින් අද (06) නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 53ක පරාජයක් අත්විය.

දීර්ඝ කාලයක් තිස්සේ දූරදර්ශී සැලසුම්වලින් තොරව කණ්ඩායම නම් කිරීමත්, නිසි කළමනාකාරිත්වයක් නොමැති වීමත්, ක්‍රීඩකයින් තමන්ට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන නොගැනීමත් නිසා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේ දී පවා ලබන්නේ ඉතාමත් දරුණු ආකාරයේ පරාජයන් සමූහයකි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිළ තම මව්බිමේ දී ම අන්ත අසරණ වෙයි!


 වොලිබෝල් 

ශ්‍රී ලංකා කාන්තාවෝ C කාණ්ඩයෙන්

20545199_10156557613879251_1561843143923387997_o

19 වැනි වරට පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය පිලිපීනයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ‘C’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාව සමඟ ‘C’ කාණ්ඩයෙන් දකුණු කොරියානු සහ වියට්නාම කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර ඔවුන් 2015 වසරේ දී අවසන් වරට පැවති තරගාවලියේ දී පිළිවෙළින් 2 වන හා 5 වන ස්ථාන දිනා ගැනීමට සමත් විය. ‘C’ කාණ්ඩයෙන් තරග වදින අනෙක් කණ්ඩායම වන්නේ 2007 වසරෙන් පසුව තරගාවලිය සඳහා ප්‍රථම වරට සහභාගී වන නවසීලන්ත කණ්ඩායම යි. ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරේ දී මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වූයේ 14 වැනි ස්ථානය යි. ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 115 වන ස්ථානයේ පසුවන අතර දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තය පිළිවෙළින් එහි 10, 44 සහ 64 වන ස්ථාන හිමිකර ගැනීමට සමත්ව ඇත.  

සම්පූර්ණ වාර්තාව: ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව ‘C’ කාණ්ඩයෙන්


  බොක්සිං  

අර්බුද රැසක් මැද ලේටන් කුසලානය අවසන්

Layton Cup Boxing Tournament

දින 5ක් පුරා පැවති තරගවලින් අනතුරුව මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ඩී. ධර්මතිලක, ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ “දක්ෂතම ක්‍රීඩිකාව” බවට පත්වූවාය. “දක්ෂතම ක්‍රීඩකයා” යන සම්මානය හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එස්. රණසිංහ අතට ලැබී තිබිණි. කෙසේ වෙතත් තරගාවලිය පුරාම අපැහැදිලි විනිසුරු තීරණ රැසක් දැකගත හැකිවූ අතර ඉන් දක්ෂයන්ට සිදු වූ අඩුපාඩුව මෙතෙකැයි කියා නිමකළ නොහැක.

සම්පූර්ණ වාර්තාව: දක්ෂතම ක්‍රීඩිකාව සහ පරාජිතයා පමණක් පැහැදිලියි

දිනයක අවසානය