කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
අන්තර් සමාජ විස්සයි විස්ස තවත් උණුසුම්

මුවර්ස් හා නාවික හමුදා තරගයේ දී සුපේශල ජයතිලක කඩුලු 4ක් දවා ගනිමින් මුවර්ස් කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබා දුන් අතර තික්ෂිල ද සිල්වා අර්ධ ශතකයක් හා කඩුලු 2ක් දවා ගනිමින් හලාවත ක්‍රිකට් සමාජය කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත් විය.
කළුතර නගර සමාජය – 140/6 (20): නිලුශාන් නෝනිස් 58*, සුරේෂ් නිරෝෂන් 33, තික්ශිල ද සිල්වා 2/25.
හලාවත ක්‍රිකට් සමාජය – 143/4 (13.2): තික්ෂිල ද සිල්වා 72, සචිත්‍ර සේරසිංහ 44, නිපුන්ක කාරියවසම් 2/18.
සම්පූර්ණ වාර්තාව: රවිඳු සහ තික්ෂිල පිත්තෙන් වැඩ පෙන්වයි
මැසිනෝදයේ ක්‍රිෂාන් සංජුල ශතකයක් වාර්තා කරයි

කාසියේ වාසිය දිනා ගත් ද මැසිනොද් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර තම පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 342ක් ලබා ගනිමින් ඉනිම අත්හිට විය. පිළිතුරු ඉනිම ලෙසින් පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 81ක් ලබා සිටියහ.
සම්පූර්ණ වාර්තාව: ක්‍රිශාන් සංජුලගෙන් ශතකයක්






















