ලුම්බිණියේ තෂිකගෙන් දෙහිවලට එරෙහිව ශතකයක්

97

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවති තරගයක දී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ තෂික නිර්මාල් ශතකයක් වාර්තා කිරීමට සමත් විය. 

ගාලු “පොඩි ආදරවන්තයන්ගේ” ජය මහින්දයන්ට

ගාල්ල ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයට පණ පොවන ගාල්ල…….

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය (Group B)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී ලුම්බිණි විද්‍යාලය ලකුණු 298ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

කාසියේ වාසිය දිනූ ලුම්බිණි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 353ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එස්. ද එස්. ජයසිංහ විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 55ක් පමණි. 

මෙම තරගයේ දී ජයග්‍රාහී ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් දකුණත් පිතිකරු තෂික නිර්මාල් පන්දු 67කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේය. ඔහු පන්දු යැවීමේ දී ද කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

ඔහුට අමතරව ගිම්හාන් තීක්ෂණ පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තේය. ඔහු සහ තෂික එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 184ක් ලබා ගැනීමට ද සමත් විය. චේතක ප්‍රනාන්දු ද පන්දු 37ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ලුම්බිණි විද්‍යාලයේ නායක මෙතුන් රාජපක්ෂ ලකුණු 32කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහු පෙර තරගයේ දී ද කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. 

ලුම්බිණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 353 (48.4) තෂික නිර්මාල් 100, ගිම්හාන් තීක්ෂණ 75, චේතන ප්‍රනාන්දු 67, මෙතුන් රාජපක්ෂ 20, ඉසුරු උශාන්ත 3/58, යොෂුවා දේශිත 3/70, නිදුල් දුල්නාත් 2/65

එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 55 (21.5) අක්මාර් 20, මෙතුන් රාජපක්ෂ 5/32, ධනුජ පෙරේරා 3/15, තෂික නිර්මාල් 2/08

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමුවේ ඉන්දියාව හිතාමතාම පැරදෙයි ලු!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වීමට…..


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය (Group D)

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 50ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 263ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩී. එස්. සේනානායක විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 213ක් පමණි. එම ඉනිම් දෙකේ දී නිමාන් උමේෂ්සහ මනීෂ ජයතිලක අර්ධ ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

Photos: St. Peter’s College vs D. S. Senanayake College | U17 Cricket Tournament 2019

සාන්ත පීතර විද්‍යාලය; කඩුලු 8ක් දැවී 263 (50) නිමාන් උමේෂ් 85, සනුක ගලගොඩ 48, ලහිරු දවටගේ 39, පසිඳු දෙනිපිටිය 3/43, අමිත දාබරේ 2/34, ලශේන් ගුණරත්න 2/50

ඩී. එස්. සේනානායක විද්‍යාලය; සියලුම දෙනා දැවී 213 (46) මනීෂ ජයතිලක 65, අමිත දාබරේ 46, තිවිරු ගුණවර්ධන 45, අබිශේක් ලියනාරච්චි 20, වනුජ කුමාර 2/24, සවිරු පීරිස් 2/32, නිමාන් උමේෂ් 2/33, දනාල් හේමානන්ද 2/37


කොළඹ නාලන්දා විද්‍යාලය සහ කඳාන ද මැසිනොද් විද්‍යාලය (Group A)

කොළඹ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ ද මැසිනොද් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් ලබා ගත්හ. නාලන්දා ඉනිමේ දී රශාන් දිසානායක අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. 

Photos: Nalanda College vs De Mazenod College | U17 Cricket Tournament 2019

ද මැසිනොද් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 191 (50) සිහින සිතුමිණ නොදැවී 37, ලෙස්ටර් ජයවීර 37, අශේන් සිල්වා 36, චනුල් අතුකෝරල 2/20, විනුක නානායක්කාර 2/22

නාලන්දා විද්‍යාලය; කඩුලු 6ක් දැවී 192 (44.3) රශාන් දිසානායක 68, රවීන් ද සිල්වා 30, නවෝද්‍ය නවාංජන නොදැවී 25, චානුක සිල්වා 2/29, රුවින් ෆොන්සේකා 2/46

ප්ලෙසී සහ අම්ලා ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක දී ආතුර වී සිටි…


මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය (Group A)

ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් විය. 

ශ්‍රී සුමංගල විද්‍යාලය; සියලුම දෙනා දැවී 101 (40.5) මධූශ් බිම්සර 43, තුෂාන් හේරත් 3/19, කේසර නුරාගොඩ 2/08, ලලිඳු දිසානායක 2/15, චේතිය වීරකෝන් 2/18

ධර්මරාජ විද්‍යාලය; කඩුලු 3ක් දැවී 106 (12.5) චේතිය වීරකෝන් 39, තරිඳු ඉන්ද්‍රරත්න නොදැවී 29, පසිඳු මාලක 2/25 


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය (Group L)

මහනුවර දී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: St. Anthony’s College vs Sri Rahula College, Kandy | U17 Cricket Tournament 2019

ශ්‍රී රාහුල විද්‍යාලය; සියලුම දෙනා දැවී 44 (23.5) නිම්නක ජයතිලක 4/05, දිව්යේශ් රාමයියා 3/14, සනිඳු විකුමසිංහ 3/18

සාන්ත අන්තෝනි විද්‍යාලය; කිසිවෙක් නොදැවී 45 (3.3) චමිඳු වික්‍රමසිංහ නොදැවී 42


මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය (Group L)

මාතලේ දී පැවති මෙම තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 69ක් ලබාගත් අතර පිළිතුරු ඉනිමේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 73ක් ලබා ගත්හ.

කිංග්ස්වුඩ් විද්‍යාලය; සියලුම දෙනා දැවී 69 (26.5) හසින්ත පොල්කොටුව 30, තිසුන් සුබසිංහ 4/08, ඒ. හෙට්ටිආරච්චි 3/14, රුදික කුලරත්න 2/25

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 2ක් දැවී 73 (19.3) ඉමාන් චරින්ද නොදැවී 32, මතීෂ රුක්ෂාන් 21 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<