ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමුවේ ඉන්දියාව හිතාමතාම පැරදෙයි ලු!

2029

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග, ඉන්දියාව විසින් සිතාමතාම පරාජය වනු ඇතැයි හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බාසිට් අලී විසින් පවසා තිබේ.

දකුණු අප්‍රිකානුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට ………

මෙවර ලෝක කුසලානය තුළ ඉන්දියාවේ ක්‍රියා කලාපය පිළිබඳව ඔහු විසින් විවේචන රාශියක් එල්ල කර ඇති අතර ඔහු පවසන්නේ ඉන්දියාව සිතාමතා ශ්‍රී ලංකාව හා බංගලාදේශය හමුවේ පරාජය වී පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව අවහිර කරනු ඇති බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ ඩේවිඩ් වෝනර් ඉන්දියා – ඕස්ට්‍රේලියා තරගයේ දී සිතාමතා හොඳින් ක්‍රීඩා නොකළ බවත්, ඉන්දියාව – ඇෆ්ගනිස්ථාන තරගයේ දී සිතාමතා හොඳින් ක්‍රීඩා නොකළ බවත්ය.

පාකිස්තාන නාලිකාවක් වන Ary News සමඟ එකතු වෙමින් අලී මෙසේ පවසා තිබුණි. “ඉන්දියාව කොහොමවත් පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණෙනවාට කැමති නැහැ. ඔවුන්ට තවත් බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරග තිබෙනවා. හැමෝම දුටුවා ඔවුන් ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කළ විලාසය.”

වැඩසටහන මෙහෙයවූ නිවේදකයා ඉන්දියාව සිතාමතා පරාජය වී පාකිස්තානයේ ගමන අවහිර කරයි දැයි කෙළින්ම විමසා සිටියා. “කිසිවෙකු කණ්ඩායම්වලට සිතාමතා පරාජය වෙන්න කියලා කියන්නේ නැහැ. මොකද මිනිසුන්ට ඇස් නැහැ.”

“ඔවුන් කවුරුත් නොසිතන විදියට ක්‍රීඩා කරාවි. ඉන්දියාව හා ඇෆ්ගනිස්ථාන අතර තරගයේ දී මොකද වුනේ. ඕස්ට්‍රේලියාව මොකද කළේ? ඩේව්ඩ් වෝනර් මොකද කළේ?”

පාකිස්තානය මේ වන විට එංගලන්තය, බංගලාදේශය හා ශ්‍රී ලංකාව සමඟ සිව්කොන් සටනකට එක්ව සිටින්නේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අරමුණින්. ඉන්දියාව තවමත් ශ්‍රී ලංකාව, එංගලන්තය හා බංගලාදේශය සමඟින් ක්‍රීඩා කර නොමැත.

රෝහල්ගත කළ ලාරාගේ අලුත්ම තත්වය

“ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා” (The Prince) ලෙස හැඳින්වුණු ……

පාකිස්තානය හා බංගලාදේශය ප්‍රසාද ලකුණු 7 බැගින් ලබා ගනිමින් එංගලන්තයට වඩා එක් ලකුණක් පසුපසින් සිටින අතර තරග තුනක් අතේ තිබෙන ශ්‍රී ලංකාව ලකුණු හයක් ලබා ගෙන සිටියි.

මෙම සාකච්ඡාව අතරතු රදී අලී 1992 ලෝක කුසලානයේ තරගයක් පිළිබඳව ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත.

“නවසීලන්තය 1992 ලෝක කුසලානයේ දී සිතාමතා පාකිස්තානයට පරාජය වුනා. ඉම්රාන් ඛාන් වුනත් ඔබට එය කියයි. ඒ ඔවුන්ට අවසන් පූර්ව වටය ඔවුන්ගේ රටේ දී ක්‍රීඩා කරන්න හැකි වූ නිසා.”

බාසිට් අලි 1990 දශකයේ මුල භාගයේ පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහුගේ ක්‍රීඩා දිවියේ මුල් කාලයේ බොහෝ දෙනෙක් ඔහුව ජාවෙඩ් මියන්ඩාඩ්ට ද සමාන කරන ලදි. ඔහුට තරග පාවාදීමේ චෝදනා ද එල්ල වූ අතර වැදගත්ම කරුණ වන්නේ ඒ ඔහුගේ මංගල ටෙස්ට් තරගයේ දී වීමයි. 

indianexpress.com හි පළවූ ලිපියක් ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<