56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (28) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා වාර්තා 4ක්, යුද හමුදා වාර්තා 5ක් සහ නව තරග වාර්තා 21ක් අලුත් වෙමිනි.
හිමාෂ, අරුණ, සෆාන් එක පොකුරට දුවද්දී තුන් පිම්ම ශූරයා දුර පැනීමේ ශූරයා පරද්දයි.
ශ්‍රී ලංකා වාර්තාවක්, යුද හමුදා වාර්තාවක් ඇතුළුව ……….
තරගාවලියේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු බලකාය පෙරමුණ ගෙන සිටි අතර අවසානයේ දී ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහය දිවීමේ වටවල දී ලැබූ ජයග්‍රහණත් සමඟ ප්‍රසාද ලකුණු සමවීමෙන් සමශූරයන් ලෙස කාලතුවක්කු බලකාය සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය කුසලානය අභිෂේක ලබා ගන්නා ලදි. ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු ප්‍රමාණය 282ක්.
ප්‍රථම දිනයේ සිට කාන්තා අංශයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා 5 වැනි කාන්තා බලකාය සමත් වූ අතර ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු ප්‍රමාණය 217ක්. කාන්තා දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා කණ්ඩායමට (141) හැකි විය.
>>තරගාවලියේ සියලු වාර්තා, ලකුණු සටහන් සඳහා මෙතැනින් පිවිසෙන්න<<
සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (28) දිනයේ දී වසර 16 වාර්තාවක් බිඳ වැටුණු අතර දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාට අභියෝග කරන්නට තවත් සුපිරි ක්‍රීඩකයෙක් සමත් විය.
තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා පිළිබඳව කලින් තියා ඇතැමුන් අනාවැකි පලකළේ ඔහු දකුණු ආසියාවේම වේගවත් මිනිසා වන නිසාවෙනි.

නමුත් එම අනාවැකිය පුස්සක් බවට පත් කරමින් මීටර් 100 ඉසව්ව නිමා වූයේ ජාතික ශූරයාට හොඳ අභියෝගයක් ලබා දෙන්නට හැකි ක්‍රීඩකයෙක් බිහි විය. ඔහු, ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික බලකාය නියෝජනය කරන යුපුන් ප්‍රියදර්ශනයි. ජාතික ශූරයා වන හිමාෂ එෂාන්ට ඉසව්වේ ආරම්භයේ දී පටන් හොඳ අභියෝගයක් දෙන්නට යුපුන් සමත් වූ අතර ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 10.44 කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් ද පිහිටුවමිනි.

ශ්‍රී ලංකා කාලතුවක්කු බලකාය නියෝජනය කරන හිමාෂ සැලකිය යුතු කාලයක් වාර්තා කරමින් (තත්පර 10.62) ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ කිසිවෙකුත් නොසිතූ මොහොතකයි.
නිමා වූ 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙ ශූරිය වන, ශ්‍රී ලංකා යුද හමුදා 7 වැනි කාන්තා බලකායේ නිලානි රත්නායකට ජාතික ශූරතාවයේ දී සුපුරුදු දක්ෂතා අතරට එන්නට අසමත් වූයේ ආබාධයකට ලක්වීම නිසාවෙනි.
වාර්තා තියාගෙන ගෙදර ඉන්න වුන ජයග්‍රාහකයන්
97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පසුගිය දා අවසන් ……
කෙසේ නමුත් මෙවර යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දී නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණි ඇය මීටර් 5000 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට (මිනිත්තු 16:17.82) සමත් වූයේ වසර 16ක් පැරණි වාර්තාවක් අලුත් කරමිනි. ඇය විසින් එලෙස බිඳ දැමුවේ 2003 වසරේ දී මිනිත්තු 16.21.18ක කාලයකින් ඉසව්ව අවසන් කළ සුජීවා නිල්මිණි නම් ක්‍රීඩිකාවගේ වාර්තාවයි.

තරගාවලියේ ප්‍රථම දිනයේ දී මීටර් 10,000 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් නිමේෂා නන්දසේන (මිනිත්තු 17.18.00) මෙම ඉසව්වේ රිදි පදක්කමට හිමිකම් කීවාය.
මීටර් 5000 ධාවන සහ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික ශූරයා වන ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු බලකායේ ආර්. එම්. එස්. පුෂ්පකුමාර මෙම තරගාවලියේ මීටර් 10,000 පිරිමි ඉසව්වට සහභාගී වෙමින් ප්‍රථම ස්ථාන ජයග්‍රහණය කළේ මිනිත්තු 30.41.00ක කාලයක් වාර්තා කරමින්.
ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු බලකායේම කුමාරන් ශම්මුගේශ්වරන් සමත් වූයේ පුෂ්පකුමාරට වඩා තත්පර 11ක් පසුපසින් සිටිමින්. ඔහු වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 30.52.00ක්.


ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීම ජාතික වාර්තාවේ හිමිකරු වන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සුමේධ රණසිංහ තම පළවෙනි විසිකිරීමේ පටන් හොඳ අභියෝගයක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර මීටර් 79,12ක දුරක් වාර්තා කරමින් අභියෝගයකින් තොරවම රන් පදක්කම දිනා ගන්නට සමත් විය. හිටපු හෙල්ල විසිකිරීම ජාතික ශූරයා වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ වරුණ ලක්ෂාන් (මීටර් 73.83) අනුශූරතාව දිනා ගන්නා ලදි.

තරගාවලියේ උණුසුම වැඩි කිරීමට සමත් වූ එක් ඉසව්වක් ලෙස මීටර 100 සහය දිවීමේ පිරිමි ඉසව්ව නම් කළ හැකි අතර ජාතික තලයේ දක්ෂයන් කිහිප දෙනෙකුම එම ඉසව්වට සහභාගී විය.
හිමාෂ සහ යුපුන්ගේ දස්කම් දෙස කාගේත් අවධානය යොමු වී තිබුණු අතර අවසානයේ යුපුන්, මොහොමඩ් ෆාසිලුඩයාර්, මොහොමඩ් රාජස්කාන්, අස්රෆ් ලතීෆ් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ තත්පර 39.77ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහිකරමිනි.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බම් සඳහා මෙතැනින් පිවිසෙන්න <<
මෙවර තරගාවලියේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩිකාවට හිමි අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය දිනා ගැනීමට නිලානි රත්නායක සමත් විය. වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයාට හිමි අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය දිනා ගැනීමට තුන් පිම්ම ඉසව්වේ ජාතික ශූරයා වන ග්‍රේෂන් දනංජයට හැකි විය.
වසරේ වඩාත්ම කැපී පෙනෙන ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය දිනා ගැනීමට ආසියානු ශූරතාවයේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් විදූෂා ලක්ෂානි සමත් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















