නේපාලය පරදවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ SAG අවසන් තරගයට!

116

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද (06) පැවති කාන්තා විස්ස තරගයකින් ලකුණු 41ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ සත්කාරක නේපාල කණ්ඩායම පරාජය කරමිනි. පොකාරා හිදී පැවති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් මහා තරගය සඳහා ද සුදුසුකම් ලැබීය.

කමිඳුගේ ප්‍රවේගකාරී ශතකයෙන් SAG උළෙල හැඩවෙයි!

යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ………

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා මාධවී සමත් වූ අතර පසුගිය තරගවල දී පහසු ජයග්‍රහණ ලබා ගත් අයුරින්ම මුලින් පන්දුවට පහර දීමට ඇය තීරණය කළාය. නමුත් මීට දින දෙකකට පෙර T20 කාන්තා තරගවල තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ඔවුන්ට අද දිනයේ සාර්ථක වීමට හැකි වූයේ නැත. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 118ක් පමණි. 

ආරම්භක පිතිකාරිණී උමේෂා තිමාෂිණී අද සාර්ථක නොවූ අතර ඇයගේ සහයක පිතිකාරිණිය ලෙස ඉනිම ඇරඹූ ජනාදි අනාලි ලකුණු 35ක් රැස්කර ගත්තාය. ඒ පන්දු 36කට මුහුණ දෙමිනි. ඇයගේ ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් ඇතුළත් විය. 

පසුගිය තරගයේ දී මාලදිවයිනට එරෙහිව අතිවිශිෂ්ට ශතකයක් රැස්කළ හර්ෂිතා මාධවී අද රැස් කළේ ලකුණු 16ක් පමණි. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන සත්‍යා සංදීපනී අද ලකුණු 22කින් ශ්‍රී ලංකා ඉනිම ඉහළ නැංවූවාය.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකාරිනියන් අද ලකුණු අතරට පිවිසීමට අසමත් වෙද්දී පසුපෙළ ක්‍රීඩිකාවක ලෙස කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී සාර්ථක වීමට ලිහිනි අප්සරා සමත් වූවාය. ඒ පන්දු 27කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 37ක් රැස් කරමිනි. ඇයගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී සෝනු කඩ්කා සහ සරස්වතී කුමාරි කඩුලු 2 බැගින් දවා ගත්හ.

දක්ෂතා තියෙනවා, භාවිතා කරන්නේ නැති එක තමයි ගැටලුව – නව පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු……..

නේපාල කණ්ඩායම මෙම අභියෝගය ජය ගතහොත් SAG කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව පැවතිය ද අත්දැකීම් අතින් වැඩි ශ්‍රී ලංකා පන්දු යැවීම ඉදිරියේ ඔවුන්ගේ සිහින බොඳවිය. ඒ සචිනි නිසංසලා, මල්ශා රණතුංග ප්‍රමුඛ පන්දු යැවීම ඉදිරියේ නේපාල ඉනිම ලකුණු 77කට සීමා වූ බැවිනි. පන්දුවාර 20 අවසන් වන විට නේපාල පිළේ කඩුලු 9ක් දඩයම් කර ගැනීමට ද ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් විය.

නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය ලෙස රුබීනා චෙට්රි ලකුණු 19ක් රැස් කරද්දී කබීතා කුන්වර් ලකුණු 13ක් නොදැවී ලබා ගත්තාය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළේ රන් පදක්කමක බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කර දුන් 18 හැවිරිදි සචිනි නිසංසලා කඩුලු 3ක් දවා ගත්තාය. පසුගිය තරගවල දී පිත්තෙන් සුපිරි දක්ෂතා දැක්වූ සත්‍යා සංදීපනී අද පන්දුවෙන් සාර්ථක වෙමින් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 5ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

LPL ගැන ශම්මිගෙන් ඉඟියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ……..

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අනිද්දා (08) බංග්ලාදේශය සමඟ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත. කෙසේ වෙතත් මූලික වටයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් ඔවුන්ට උරුම වූයේ පරාජයයි. එබැවින් මෙවර එවැනි වරදකට ඉඩ නොතැබීමට ඔවුන් වග බලාගත යුතුය. තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගය හෙට (07) නේපාලය සහ මාලදිවයින අතර පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 118 (පන්දුවාර 20): ලිහිනි අප්සරා 37, ජනාදි අනාලි 35, සත්‍යා සංදීපනී 22, හර්ෂිතා මාධවී 16, සෝනු කඩ්කා 2/13, සරස්වතී කුමාරි 2/26.

නේපාල කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 77 (පන්දුවාර 20): රුබීනා චෙට්රි 19, කබීතා කුන්වර් 13*, කරුණා භණ්ඩාරි 12, අප්සාරි බෙගම් 11, සචිනි නිසංසලා 3/16, සත්‍යා සංදීපනී 2/5, මල්ශා රණතුංග 1/8.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<