ආනන්දය පැරද වූ නාලන්දාව අර්ධ අවසන් පූර්ව වටයට

1520
Singer U19 Schools Cricket

අන්තර් පාසල් ක්‍රිකට් පිටියේ තවත් තරග කිහිපයක් අද (09) පැවති අතර ඒ අතුරෙන් ලකුණු 99ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් විය. එයට අමතරව දෙදින තරග දෙකක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලසිත් කෲස්පුල්ලේ ද්විත්ව ශතකයක් රැස් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (8) දිනය තුල සම්පූර්ණ ගෞරවය දිනා ගැනීමට, ලකුණු 447කින් තම ජයග්‍රහණය සනිටුහන් කරගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය…

කොළඹ වෙස්ලි විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් කිංස්වුඩ් විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

ඊයේ (8) දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන වෙස්ලි විදුහල කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබාගෙන සිටි අතර අද දිනයේ දී වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් හසිත් පෙරේරා ලකුණු 70ක් රැස්කර ගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. පන්දු යැවීමේ දී විමුක්ති විජේසිරිවර්ධන කඩුලු 4ක් දවා ගන්නා ලදි.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම ජයග්‍රහණය කර තම ඉනිම අත්හිටුවා තම දෙවන ඉනිම දියත් කිරීමට කිංස්වුඩ් විද්‍යාලයට අවසර ලබා දුන් අතර, එම ඉනිමට ලකුණු 26ක් එක්කිරීමට ගනිදු කෞෂාල්‍ය සමත් විය. පන්දු යැවීමේ දී මොවින් සුභසිංහ කඩුලු 3ක් දවා ගන්නා ලදි.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 143 (60.5): අවිශ්ක චන්ද්‍රසිරි 22, ගනිදු කෞෂල්‍ය 22, මොවින් සුභසිංහ 4/51, සකුන්ත ලියනගේ 3/15, රයන් රෙයිඩ් 2/17

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 208/8 dec (52.4): හසිත් පෙරේරා 70, තිලිණ පෙරේරා 43, චමෝද් ඇතුළත්මුදලි 28, මොවින් සුභසිංහ 24, විමුක්ති විජේසිරිවර්ධන 4/40, යසෝද් කාවින්ද 2/16

කිංස්වුඩ් විද්‍යාලය දෙවන ඉනිම – 98/5 (34): ගනිදු කෞෂල්‍ය 26, මොවින් සුභසිංහ 3/08


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මරාජ විද්‍යාලය පළමුව තම පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

මෙම තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් විය. නිවන්ත හේරත් මැදපෙළ සවිමත් කරමින් ධර්මරාජ විදුහලට ලකුණු 60ක් ලබා දෙන ලදි. ලකුණු 313කට තම ඉනිම අවසන් කර ගත් ධර්මරාජ විදුහලේ, කඩුලු 4ක් දවා ගැනීමට දමිත සිල්වා සමත් විය.

පන්දුවෙන් කඩුලු 2ක් දවාලූ බ්‍රයන් චන්ද්‍රසේන ලකුණු 58ක් ද රැස්කර ගන්නා ලදි. රුක්මාල් විදානායක හා ගිහාන් විතාරණ අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

තරගය මලියදේව විදුහල් පිටියේ දී පැවැත්විය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 313 (93): නිවන්ත හේරත් 60, දේශාන් ගුණසිංහ 49,  කාවින්ද තිලකරත්න 46, උදන්ත අමරකෝන් 38, ගිහාන් විතාරණ 24, දමිත සිල්වා 4/75, සචින්ත ලියනගේ 2/26, බ්‍රයන් චන්ද්‍රසේන 2/40

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 178 (59): බ්‍රයන් චන්ද්‍රසේන 58, ඩිල්ශාන් කොල්ලුරේ 31, රැක්මාල් විදානායක 3/31, ගිහාන් විතාරණ 3/55, නවින්ද ඩිල්ශාන් 2/39

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම – 21/2 (4.1): දමිත සිල්වා 2/08


කොළඹ ලුම්බිණි විද්‍යාලය හා මොරටුව මොරටු විද්‍යාලය

කාසියේ වාසිය ජය ගත් ලුම්බිණි විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා පිටියට පැමිණි අතර, මොරටු විදුහල් තණතීරුව මත ස්ථාවර වූ ලුම්බිණි පිතිකරුවන් තම පළමු ඉනිම සාර්ථක ලකුණක් දක්වා රැගෙන යාමට සමත් විය.

ලකුණු 336ක් ලබාගෙන ඉනිම අත්හිටු වූ ලුම්බිණි ඉනිමේ බර කරට ගත් චරිත් මිහිරංග ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය. එයට අමතරව තවත් අර්ධ ශතක ඉනිම කිහිපයක්ම ලුම්බිණි ලකුණු පුවරුවට එකතු කිරීමට ලුම්බිණි පිතිකරුවෝ සමත් වූහ. පන්දු යැවීමේ දී මොරටු විද්‍යාලය වෙනුවෙන් ශෙසද සොයිසා හා රශාන් කවිශ්ක කඩුලු 4 බැගින් දවා ගන්නා ලදි.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 336/09 dec (79.1): චරිත් මිහිරංග 68, කවින් පීරිස් 58, තානුක දාබරේ 53, රවීෂ සත්සර 48, විමුක්ති කුලතුංග  35, ශෙසද සොයිසා 4/86, රශාන් කවිශ්ක 4/100

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/01 (08):


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක ආනන්ද විදුහල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ ඇරයුමින් පිටියට පැමිණි නාලන්ද විද්‍යාලයේ පිතිකරුවන් නියමිත පන්දුවාර ප්‍රමාණයට පෙර දැවී ගිය අතර, දසුන් සෙනෙවිරත්න අගනා හා විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 93ක් ලබා ගනිද්දී, මාලිංග අමරසිංහ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී සුපුන් වරාගොඩ ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ආනන්ද විද්‍යාලයට සවියක් විය.

ලකුණු 236ක සමබර ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ආනන්ද විද්‍යාලයේ මුල්පෙල පිතිකරුවන් පිටියේ හැසිරීම මනාව අවබෝධ කරගෙන ලකුණු රැස් කරනු දකින්නට ලැබුනි. එහි දී දුශාන් හෙට්ටිගේ ලකුණු 33ක් ලබා ගත්තේය. ඔහු හැරෙන්නට ආනන්ද විද්‍යාලයේ අනෙක් පිතිකරුවන් හට ලකුණු 30 සීමාව පසු කර යාමට නාලන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේ දී ආනන්ද මැදපෙළ සුනුවිසුනු කල ලක්ෂිත රසාංජන ලකුණු 25ක් තුල කඩුලු 5ක් දවා ගනිමින් නාලන්ද ජයග්‍රහණයේ නියමුවානන් බවට පත්විය.

නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී 235 (47.2): දසුන් සෙනෙවිරත්න 93, මාලිංග අමරසිංහ 51, ලසිත් රසාංජන 24, සුපුන් වරාගොඩ 3/42, සම්මු අශාන් 2/53

ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී 136 (30.3): දුශාන් හෙට්ටිගේ 33, සහන් සුරවීර 27, කමේෂ් නිර්මාල් 22, ලක්ෂිත රසාංජන 5/25, අසේල කුලතුංග 4/23

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට