එළඹෙන ලෝක කුසලානය පිළිබඳ අර්ජුනගේ අනාවැකිය

1539

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් නායකයෙකු ලෙස සැලකෙන ලෝක කුසලානය දිනූ අර්ජුන රණතුංග පසුගිය සිකුරාදා AFP වෙබ් අඩවිය හමුවේ අනාවැකියක් පල කර තිබුණා. ඒ අනාවැකිය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හා ක්‍රීඩකයින්ගේ විනය විරෝධී ක්‍රීඩා විලාසය නිසා ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ දී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි.

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු…

1996 ලෝක කුසලානය දිනූ නායකයා වන අර්ජුන රණතුංග පවසා සිටියේ එංගලන්තයේ දී එළඹෙන මැයි 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලානයේ පළමු වටයෙන්වත් ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවට ඉතා අපහසු වන බවයි.

“ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි, ක්‍රීඩකයින්ට මානසිකත්වයක් නැහැ හොඳින් ක්‍රීඩා කරන්න, ක්‍රීඩකයින් එකිනෙකා හා රණ්ඩු වෙනවා.”

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය ලෙස කටයුතු කරන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නැගීමට එදා සිටම කටයුතු කළ අයෙක්.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා නම් සඳහන් කළ නොහැකි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායමේ දුර්වල දක්ෂතාවලට වගකිව යුතු බවයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ දී ඉනිමකින් හා ලකුණු 40කින් පරාජයට පත් විය. නිමා වූ නවසීලන්ත සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස හා තරග තුනකින් යුතු එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස සම්පූර්ණයෙන්ම පරාජය වීමට ඔවුන්ට සිදු විය. එකම විස්සයි විස්ස තරගයට ද අත්වූයේ එම ඉරණමමය.

වැරැද්ද හදාගන්න අකිල සූදානමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අකිල දනංජය ඔහුගේ පන්දු යැවීමේ…

“අපි ක්‍රීඩකයින්ගේ විනය ආරක්ෂා කරන්න ඕන”, විස්සයි විස්ස නායක ලසිත් මාලිංගගේ හා තිසර පෙරේරාගේ සමාජ ජාල අර්බුදය පිළිබඳ අදහස දක්වමින් ඔහු පවසා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ක්‍රීඩකයින් දෙදෙනාටම අවවාද කර තිබුණු නමුත් එම ගැටලුව නිමා නොවුණි.

කෙසේ වෙතත් අර්ජුන පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට මානසිකව ලෝක කුසලානය සඳහා සූදානම් විය යුතු බවයි.

ඔහු පවසා සිටි විශේෂම කරුණ නම් මේ මාසයේ පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයට ඔහු ඉදිරිපත් වන්නේ මේ ගැටලු ඉක්මනින් විසඳීමේ අරමුණින් බවයි.

ලෝක කුසලානයේ උණුසුම වැඩි කරන පෙරහුරු තරග පෙළගැස්ම

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පෙළහර දැක්ම ලෙස පිළිගැනෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ…

“ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා ඔවුන් රට වෙනුවෙන් නෙවෙයි සෙල්ලම් කරන්නේ, ඔවුන් තමන් වෙනුවෙන් තමන්ට හිමිවන වරප්‍රසාද සඳහා පමණයි ක්‍රීඩා කරන්නේ.” ඔහු ක්‍රීඩකයින්ගේ නම් සඳහන් නොකරමින් පවසා තිබුණි. ”ඔවුන් කණ්ඩායමෙන් ඉක්මනින්ම ඉවත් කරයි.”

මාස නවයක් කල් යාමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස අග දී පැවැත්වීමට නියමිතයි. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ නිල කාලය අවසන් වූයේ පසුගිය වසරේ මැයි මාසයේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<