96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී පැවති අතර දිනය අවසානයේ දී තරග වාර්තා කිහිපයක්ම බිහි වීම කැපී පෙනුණි. සමස්ත තරගාවලියේ ම නව ශ්‍රී ලංකා වාර්තා 4ක් සහ තරග වාර්තා 11ක් බිහි වුන අතර තරගාවලිය දින තුනක් පුරාවට සුගතදාස ධාවන පථයේ ක්‍රියාත්මක විය.
දෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා වාර්තා sදෙකක් හා නව තරග වාර්තා දෙකක්
96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (04) ක්‍රියාත්මක විය. දිනය පුරාවට නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් සමඟින් තරග වාර්තා……
අද දින උදෑසන මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව ක්‍රියාත්මක වූ අතර සුපුරුදු පරිදි ඉරේෂානි රණසිංහ සහ ලක්ෂිකා සුගන්ධි අතර ද්වන්ද සටනක් ක්‍රියාත්මක විය. අවසානයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලක්ෂිකා ඉසව්ව ජයග්‍රණය කළේ තත්පර 13.92ක් වූ ඇයගේ හොඳම කාලය ද වාර්තා කරමිනි. තත්පර 14.11ක කාලයක් වාර්තා කළ යුධ හමුදාවේම ඉරේෂානි ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තාය. ඉසව්වේ තෙවන ස්ථානය ආර්. ගුණතිලක විසින් දිනා ගත් අතර ඇය වාර්තා කළ කාලය තත්පර 14.72කි. පෙර පැවති ජාතික තේරීම් තරගාවලියේ මේ ඉසව්වේ දී ලක්ෂිකාව අභිබවමින් ඉරේෂානි තත්පර 13.95ක කාලයක් වාර්තා කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

සවස් යාමයේ ක්‍රියාත්මක වූ ඉසව් අතරින් පිරිමි දුර පැනීමේ ඉසව්ව තරමක් උණුසුම් වූ අතර වර්තමාන ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් කලකට පසු එකට මුණ ගැසුණු අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව දැක්විය හැකිය. කෙසේ වෙතත් පොදුරද මඩුලු තරගාවලිය නියෝජනය කළ ප්‍රසාද් විකුම්සිරි නව තරගාවලි වාර්තාවක් ද සමඟින් මීටර් 8.14ක දක්ෂතාවක් වාර්තා කරන්නට සමත් වූ අතර ඉසව්වේ දෙවන ස්ථානය මීටර් 8.12ක දක්ෂතාවයක් වාර්තා කළ ජී. සම්පත් විසින් දිනා ගත්තේය. මීටර් 8.02ක දක්ෂතාවයක් වාර්තා කළ අමිල ජයසිරි ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේය.


ආරම්භයේ දී ම ජාතික වාර්තා දෙකක් බිඳ වැටේ
96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (3) කොළඹ සුගතදාස ආරම්භ වූ අතර අවසන් මහා තරග ඉසව් 6ක් අවසන් වූ පළමු දිනය තුල නව……
මීටර් 200 පිරිමි ඉසව්ව ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ශ්‍රී ලංකා ජාතික ශූර විනොජ් සුරන්ජය මෙම ඉසව්ව වෙනුවෙන් ද ක්‍රීඩා නොකළ අතර ඉසව්වේ ප්‍රථම ස්ථානය තත්පර 21.34ක කාලයක් වාර්තා කළ මොහොමඩ් සෆාන් විසින් දිනා ගත්තේය. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් තත්පර 21.41ක කාලයක් වාර්තා කළ ඒ. ප්‍රේමකුමාර හා තත්පර 21.60ක කාලයක් වාර්තා කළ එස්. එස්. කුමාර යන ක්‍රීඩකයින් විසින් දිනා ගත්තේය.
අභියෝග ශූරතා අතරින් කිහිපයක්
- හෝර්ලික්ස් අභියෝගතා – අරුණ දර්ශන
- ඩන්කන් වයිට් අභියෝගතා – ඒ.අයි. රත්නසේන
- HNB අභියෝගතා- විදුෂා ලක්ෂානි
- ග්ලුකොලින් අභියෝගතා – එල්. සුගන්ධි
>> සෙසු සියලු තරග ප්‍රතිඵල සහ ශූරතා
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<























