ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර අද (19) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පළමු නිල නොලත් එක්දින තරගයේ දී ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ලසිත් සහ සාලින්ද Plate පිටිය වර්ණවත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate)
කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිමට ලකුණු 365ක් එක් කර ගත්තේ කඩුලු 5ක් පමණක් දැවී යමින්. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 305ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ ශතක දෙකක් එක් වීම සංචාරක ක්‍රීඩකයන්ට දරා ගත නොහැකි බරක් විය. සත්කාරක ආරම්භක කඩුල්ලේ සබඳතාව ම ලකුණු 161කි. 20 වියැති අවිශ්ක ප්‍රනාන්දු සමඟින් නායක උපුල් තරංග ඉනිම ආරම්භ කළ අතර ඔවුන් කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ.
28 වැනි පන්දු වාරයේ දී උපුල් තරංග දැවී යන විට පන්දු 78කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියේ ය.
අනතුරුව පිටියට එක් වූයේ මිලින්ද සිරිවර්ධන ය. ඔහු හා අවිශ්ක අතර ලකුණු සබඳතාව 91කි. එවර කඩුල්ල අහිමි කර ගත්තේ අවිශ්ක ප්‍රනාන්දු ය. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 252ක්ව තිබූ අතර අවිශ්කගේ පෞද්ගලික ලකුණු තත්ත්වය 128ක් විය. පන්දු 120කට මුහුණ දී සිටි අවිශ්ක හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් තම ඉනිමට එක්කර ගෙන තිබුණි.
ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි
ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට්
එතැන් සිට තරගයේ ලකුණු එක්වීම මදක් පමා වූයේ ඇන්ජලෝ පෙරේරා (8), කමිඳු මෙන්ඩිස් (9) සහ ෂෙහාන් ජයසූරිය (10) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත් බැවිනි.
නමුත් එසේ වූව ද එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් මිලින්ද සිරිවර්ධන ද ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයේ සිටි ජීවන් මෙන්ඩිස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16කි.
කඩුලු ලබා ගැනීමේ දී පීටර් කැසේ සහ ස්ටුවට් තොම්සන් කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් සිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ ද ලෙහෙසියෙන් තරගය අත හරින අයුරක් දිස්වූයේ නැත. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 40ක් වෙද්දී ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් එක් කිරීමට ජේම්ස් ෂැනොන් සහ ලෝකන් ටකර් සමත් වූහ.
එම කඩුල්ලේ සබඳතාව නිමා වූයේ ජේම්ස් ෂැනොන් පන්දු 67ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67කට දැවී යෑමත් සමඟිනි.
අනතුරුව අයර්ලන්ත ඉනිම අතට ගෙන වැඩි වගකීමක් දැරීමට ලෝකන් ටකර් කටයුතු කළේය. ඔහු සහ නායක හැරී ටෙක්ටර් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් එක් කිරීමට ද ඔහු සමත් විය. හැරී ටෙක්ටර් පන්දු 39කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31කට දැවී ගියේ ය.
කොදෙව් සංචාරයට යන එංගලන්ත සංචිතයේ වෙනසක්
එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් එංගලන්තයේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචාරයට කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක්
ඉන් අනතුරුව යැවුණ 4 වැනි පන්දුවේ දී එතෙක් වේලා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිසරදයක්ව සිටි ලෝකන් ටකර්ගේ ඉනිම නිමා කිරීමට ඉෂාන් ජයරත්න සමත් විය. ඒ වෙද්දී ඔහු පන්දු 86කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් ලබා ගෙන සිටියේ ය.
එතැන් සිට තරගයේ වාසිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වූව ද ශේන් ගේට්කේට් ද අයර්ලන්තය වෙනුවෙන් කළ මෙහෙය එම වාසිය මදක් පමා කළේ ය. ශේන් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිමින් තම කණ්ඩායම ගොඩදා ගන්නට උත්සාහ කළේය.
නමුත් අනෙකුත් පිතිකරුවන්ගෙන් එතරම් සේවයක් නොලැබීමත් ඉෂාන් ජයරත්න, ඉසුරු උදාන සහ අසිත ප්‍රනාන්දුගේ පන්දු යැවීමත් හමුවේ අයර්ලන්ත ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී ඉනිම හකුළා ගත්හ.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 365 (50) අවිශ්ක ප්‍රනාන්දු 128, උපුල් තරංග 66, මිලින්ද සිරිවර්ධන නොදැවී 111, පීටර් කැසේ 2/68, ස්ටුවට් තොම්සන් 2/36
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 305 (48.2) ජේම්ස් ෂැනොන් 67, ලෝකන් ටකර් 109, හැරී ටෙක්ටර් 31, ශේන් ගෙට්කේට් 37, ඉසුරු උදාන 2/44, අසිත ප්‍රනාන්දු 2/58, ඉෂාන් ජයරත්න 3/39
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින නිල නොලත් එක්දින තරගය හෙට (20) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















