දිනූෂගේ ශතකය අපතේ දමා සීවලී ක්‍රීඩකයෝ රන්මිණි සටන දිනයි

809

පැල්මඩුල්ල, ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවති රන්මිණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සීවලී මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

දේවපතිරාජ ක්‍රීඩකයෝ එක්දින තරගයත් ජය ගනී

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුලීගොඩ …..

අද (12) පැල්මඩුල්ල, ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී නිමා වූ මෙම තරගයේ දී ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දිනූෂ සඳරුවන් ඔවුන්ගේ දෙවැනි ඉනිමේ දී ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. මේ අතර තරගයේ අනෙක් කැපී පෙණෙන ක්‍රීඩකයෝ ජයග්‍රාහී සීවලී විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන ඒෂාන් මාලිංග ය. ඔහු තරගයේ දී ලකුණු 63කට කඩුලු 11ක් දවා ගත්තේ ය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට දීමට පිවිසෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්හ. එයින් සෑහීමකට පත් වූ ඔවුන් ප්‍රතිවාදී සත්කාරකයන්ට පන්දුවට පහර දීම ආරාධනා කළ අතර තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 42ක් ලබා සිටි ඔවුන් අද ලකුණු 92කට සියලුම දෙනා දැවී ගියහ.

පෙර දිනයේ ලකුණු 18ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටි සචින්ත ද සිල්වා අද තම ඉනිම ලකුණු 30ක් දක්වා රැගෙන ගියහ. ඔහුගේ ඉනිමට පන්දු 41ක් වැයව තිබුණි.

මහේල සහ චාමිකර වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා ….

එම ඉනිම විනාශ කිරීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ඒෂාන් මාලිංග ලකුණු 28කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඊට අමතරව සුඛිත ධර්මසේන ද ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඔහු ද දකුණතින් වේගපන්දු යවන්නෙකි.

ලකුණු 111ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 188ක් ලබා ගත්හ. ඒ දිනූෂ සඳරුවන්ගේ ශතකය ද සමඟිනි.

එම ඉනිමේ දී ද පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ඒෂාන් මාලිංග ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 77ක ඉලක්කයක් කරා ගිය සීවලී ක්‍රීඩකයෝ එය කඩුලු 3ක් පමණක් දැවී ලබා ගත්හ. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු නුවින් චනුල පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. තරගයේ ජයග්‍රහණය වාර්තා කරද්දී සුඛිත ධම්සර නොදැවී ලකුණු 23ක් ලබා සිටිය හ.

දැවී ගිය කඩුලු 3න් දෙකක හිමිකාරීත්වය සතු කර ගැනීමට ලහිරු ප්‍රනාන්දු සමත් විය.

සීවලී මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 203 (53.5) නුවන් චාරුක 22, කවිශ්ක මැදලගම 70, හිරුෂ විදුරංග 69, ලහිරු ප්‍රනාන්දු 3/40, ජනිත් ලක්ෂාන් 3/46, පුබුදු ශෂිලාල් 3/77

ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 11කට කඩුලු 2ක් දැවී 42 ) සියලුම දෙනා දැවී 92 (35.5) ශෙහාන් දිනුක 19, සචින්ත ද සිල්වා 30, ඒෂාන් මාලිංග 6/28, සුඛිත ධම්සර 4/36

ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 188 (50.2) දිනූෂ සඳරුවන් නොදැවී 100, පුබුදු ශෂිලාල් 27, ඒෂාන් මාලිංග 5/35

සීවලී මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 79 (8) නුවින් චනුල 37, සුඛිත ධම්සර නොදැවී 23, ලහිරු ප්‍රනාන්දු 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<