2018 IAAF ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර සම්මාන උළෙල ප්‍රංශයේ මොනාකෝ හිදී පැවැත්වෙන අතර 2018 වසර පුරා මලල ක්‍රීඩා පිටියේ සුපිරි දස්කම් දැක්වූවන් එහි දී අගය කෙරෙනු ඇත. IAAF විසින් වසරේ හොඳම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ලැයිස්තු ගත කර තිබුණේ මෙසේයි.
ආකාර තුනක ඡන්ද විමසීමකින් මෙම අවසන් තරගකාරියන් තෝරා තිබුණු අතර IAAF කවුන්සිලය හා IAAF Family සිය මනාපයන් විද්‍යුත් තැපෑල මගින් පල කර තිබුණි. IAAF සමාජ ජාල මධ්‍ය ඔස්සේ රසිකයින් සිය මනාපයන් පල කර තිබුණු අතර IAAF කවුන්සිලයේ මනාපයන් මුළු මනාපයෙන් 50%ටත්, IAAF Family හී මනාපයන් හා රසිකයින්ගේ මනාප 25%ක් බැගිනුත් අවසන් ප්‍රතිඵලය සඳහා යොදා ගැනිණි. නොවැම්බර් 13 වැනිදා මනාප පල කිරීම අවසන් කෙරිණි.
Video – “අභියෝගවලට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගන්න ඕන”
ඕනෑම දෙයක් ජයග්‍රහණය කිරීමට හොඳ සැලැස්මක් අවශ්‍ය වෙනවා. එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලිවලින් ජයග්‍රහණ…
ඩිනා ඈෂර් ස්මිත් – කෙටි දුර

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ දායක ආරංචියක්
මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ ලෝක ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගත් නව සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය අතහැර නැවත පරණ ක්‍රමවේදය…
22 හැවිරිදි ඩිනා 2018 තරගවාරය අවසන් කළේ IAAF ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර 100 හා the IAAF Continental Cup Ostrava හිදී එම ඉසව්වේම අනුශූරිය වෙමිනි.
බියට්‍රිස් ශේප්කොෂ් (Beatrice Chepkoech) – බාධක දිවීම

මේ කෙන්යානු දිගු දුර ධාවන ශූරිය තමන් සහභාගී වූ බාධක දිවීමේ තරග අටෙන් තරග හතක්ම ජය ගත් අතර මේ වසර මුල දී ඇය IAAF ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 1500 ඉසව්වේ ජය ද හිමි කර ගනිමින් එම ඉසව්වෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
කේට්‍රින් ඉබාර්ගුවෙන් – තුන් පිම්ම

කොලොම්බියානු ජාතික මේ ක්‍රීඩිකාව මේ වසරේ ඇය සහභාගී වූ සියලුම ඉසව් ජය ගත් අතර රබාට් හිදී 14.96mකින් ලොව හොඳම තරගකරුවන් අතරට පිවිසෙන්නට ඇයට හැකි විය. මීටර 6.93කින් ඇය නව ජාතික වාර්තාවක් ද පිහිටුවන්නට සමත් විය.
ෂෝන් මිලර් – උයිබෝ – කෙටි දුර

මීටර 200 ඉසව්ව මේ වසරේ ඇයගේ ප්‍රධානතම ඉසව්ව වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද ඇය ජය හිමි කර ගන්නා ලදි. ෂැන්හයි, කිංග්ස්ටන්, රබාට්, බර්මින්හැම් යන නගරවල දී හා බ්‍රසල්ස් හී පැවති IAAF ඩයමන්ඩ් ලීග් ශූරතාවලිය ද ජය ගන්නට ඇය සමත් විය. IAAF Continental Cup Ostrava 2018 තරගාවලියේ ද එම ඉසව්වේ ජය ද ඇය සතු විය.
නෆිස්සාටෝ තිහාම් – සත් ප්‍රයාම

බර්ලින් හිදී ලකුණු 6816කින් යුරෝපීය ශූරතාව දිනා ගත් ඇය හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර 57.91ක් වාර්තා කිරීමට සමත් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















