නිල් කොළ සටනේ දී හේනේගම – වේයන්ගොඩට පරාජය වේ

1019

හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය අතර ‘නිල් සහ කොළ‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (27) සමත් විය.

දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව අසුනට තියුණු සටනක්

පාසල් …..

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකටි පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හේනේගම විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්තේ ය.

>>Photos: Henegama Central vs Bandaranayake Central College | 4th One Day Encounter <<

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ෂෙහාන් ලක්ෂාන් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. ඊට අමතරව අනෙක් ආරම්භක පිතිකරු ප්‍රමිත් දර්ශන හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලට ලකුණු සබඳතාව 74කි.

කඩුලු ලබා ගැනීමේ දී ශාලින්ද හපුආරච්චිසහ චමත් කල්හාර කඩුලු 3 බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බණ්ඩාරනායකවරුන් කඩුලු 9ක් පමණක් දැවී තරගය නිමා වීමට තවත් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු 210ක් ලබා ගත්හ.

ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ “වෝනර් – කවාජා හිසරදය”

ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක…..

එම ඉනිම වෙනුවෙන් ද වැඩි දක්ෂතා දැක්වූයේ ආරම්භක පිතිකරු ඒ. එන්. සංතුශ් ය. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේ ය. ඊට අමතරව වමත් පිතිකරු කවිශ්ක මධුමාල් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මංජුල දේශාන් ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගනිමින් දවසේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් විය. ඊට අමතරව සමිත් විජේනායක සහ ප්‍රමිත් දර්ශන කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

හේනේගම මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 206 (49.4) ෂෙශාන් ලක්ෂාන් 62, ප්‍රමිත් දර්ශන 38, චමත් කල්හාර 3/44, ශාලින්ද හපුආරච්චි 2/33, කවිශ්ක මධුමාල් 2/36

බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය; කඩුලු 9ක් දැවී 210 (49.5) ඒ. එන්. සංතුශ් 84, කවිශ්ක මධුමාල් නොදැවී 31, මනුජිත් දේශාන් 4/29, සමිත් විජේනායක 2/19, ප්‍රමුදිත් දර්ශන 2/40  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<