කිරුළ සොයා යන්නට “හැවීස්” සූදානම්!

70
Havelock SC

කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන රග්බි ක්‍රීඩා සමාජ රැසක් තිබුනත් ඒ අතුරින් මෙරට රග්බි පිටියේ නොමැකෙන කණ්ඩායමක් ලෙස “හැව්ලොක් ක්‍රීඩා සමාජය” හැඳින්විය හැකිය. පසුගිය වසරේ අනුශූරයින් වූ හැව්ලොක් කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දිගින් දිගටම ප්‍රබල දස්කම් දක්වන්නට සමත් වූ අතර මේ වසරේ දීත් තරගාවලියේ පෙරළියක් කරන්නට සූදානමින් සිටියි. 

පාළුවට ගිය රග්බි ක්‍රීඩාංගණවලට නැවතත් ඔල්වරසන් සහ අත්පොළොසන්

2019/20 තරග වාරය සඳහා වන ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ

1915 වසරේ ආරම්භ වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය එකල පටන්ම ජාතික රග්බි ක්ෂේත්‍රයට ක්‍රීඩකයන් රැසක් දායාද කර ඇත. ශ්‍රී ලංකාවේ රග්බි ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයන් වන මයිකල් ජයසේකර සහ හිෂාම් ආබ්දීන් ද මේ වනවිටත් රග්බි කරලියේ වඩාත් කතාබහට ලක්වන හැව්ලොක් නිෂ්පාදන ද්විත්වයක් ලෙස හැඳින්විය හැක. ‘හැවීස්’ ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබන හැව්ලොක් ක්‍රීඩා සමාජය, අන්තර් සමාජ රග්බි ලීග් තරග බිමේ අභිමානයෙන් යුතුව තම සුපුරුදු රෝස වර්ණයෙන් පිටියට පිවිසෙන එකම කණ්ඩායමයි. 

පසුගිය තරගවාරය හැව්ලොක් කණ්ඩායමට ඉතා සාර්ථක වර්ෂයක් වූ නමුත් ලීගයේ අවසන් තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජයට පරාජය වීම හේතුවෙන් ඔවුන්ට ලීග් ශූරතාවය අහිමි වූයේ අවාසනාවන්ත ලෙසයි. පසුගිය වසරේ අනුශූරයින් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය ඔවුන් සහභාගී වූ තරග 16න් තරග 13ක් ජයගත් අතර තරග තුනක දී ඔවුන් පරාජය විය. 

“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා ගෙන

හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය තරගවාරයේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ ප්‍රසාද ලකුණු 78ක් සමඟින් වන අතර ශූරයින් වූ මහනුවර ක්‍රීඩා සමාජය ලබා සිටියේ ලකුණු 80ක් පමණයි. 

මෙවර තරගාවලියට සූදානම් වන හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය තරගවාරයේ තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ මිතුන් හපුගොඩ ව ඔවුන්ගේ නායකයා වශයෙන් පත්කර ඇත. “Scrum Half” ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වන අතර ඔහුගේ සේවය මෙවර කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.ප්‍රවීණ පුහුණුකරුවෙකු වන සනත් මාටිස් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරත් කටයුතු කරන අතර මෙවර කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමට ඔහු නව ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායමට ඇතුළත් කරගෙන තිබේ.

මෙතෙක් කල් ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු හා ප්‍රතිවාදී ක්‍රීඩකයින් බිඳ හෙළා ධාවනයේ නිරත වීමට ප්‍රකට ‘Prop’ ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත ප්‍රියදර්ශන මෙවර හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් බැහැරව CH&FC කණ්ඩායම සමඟ එක් වූ අතර රීසා මුබාරක්, සඳුන් හේරත්, ෂාරෝ ප්‍රනාන්දු, දිනුක් අමරසිංහ යන ක්‍රීඩකයින් ද කණ්ඩායමෙන් ඉවත්ව වෙනත් ක්‍රීඩා සමාජ සමඟ එක්වීම හැව්ලොක් ක්‍රීඩා සමාජයට පාඩුවක් වනු ඇත. 

නමුත් තමන්ට තිබෙන සම්පත් මනාව ප්‍රයෝජනයට ගනිමින් ඕනෑම කණ්ඩායමක් ඉදිරියේ නොපසුබස්ව ඉදිරියට යාමට දක්ෂතාවයක් ඇති හැව්ලොක් පුහුණුකරු සනත් මාටිස් මෙවරත් තමන්ගේ කණ්ඩායම ඉහළින්ම වැජඹවීමට සලස්වනවා නොඅනුමානය. 

ගිලිහී ගිය රිද්මය සොයා යන්නට පොලිස් භටයින් සූදානම්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් අඩු කාලයකි.

නිමා වූ පාසල් තරගවාරයේ හොඳින් දස්කම් දැක්වූ ශාන්ත පීතර විද්‍යාලයේ රවීන් ප්‍රනාන්දු, D. S. සේනානායක විද්‍යාලයේ නවීද් සිද්ධීක් සහ ළලන්ක විජේසුන්දර, ශාන්ත ජෝශප් විද්‍යාලයේ සන්තුෂ් අල්ගම ද හැව්ලොක් කණ්ඩායමට කැඳවා ඇති අතර ප්‍රවීනයින්ගේ මාර්ගයේ යමින් කණ්ඩායම වෙනුවෙන් ඔවුන් ද සිය උපරිමය ලබා දෙනු ඇත. 

හැව්ලොක් කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (29) දින නාවික හමුදා ක්‍රීඩා සමාජය සමඟින් වැලිසර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<