රීසාගේ පා පහරවලින් CH කුඩු වෙයි!

ඩයලොග් රග්බි ලීග් තරගාවලිය - 2019

63

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තවත් තරගයක් CH&FC සහ CR&FC අතර අද (07) තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 23–17ක් ලෙස ජයක් අත්කර ගැනීමට CR&FC කණ්ඩායම සමත් විය.

පොලිස් බැටන් පහරට හැව්ලොක් යටත් වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ පළමු……

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් CR&FC ක්‍රීඩක ජනිඳු දිල්ශාන් තරගයේ 4 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වෙමින් ඉතා විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (CH&FC 00 – 07 CR&FC)

එතැන් පටන් තරගයේ පීඩනය ඉතා හොඳින් CH&FC වෙත දෝලනය කළ CR ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගය ආක්‍රමණය කරමින් ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි. එහි දී තරගයේ 17 වැනි විනාඩියේ දී CH ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු ගිහාන් යටවර CR කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (CH&FC 00 – 10 CR&FC)

නමුත් තරගයේ 28 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ සත්‍ය රණතුංග CH&FC කණ්ඩායම වෙනුවෙන් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ CH&FC ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අර්ෂාඩ් ජමාල්ඩීන් සමත් විය. (CH&FC 07 – 10 CR&FC)

පසුව තරගයේ ආක්‍රමණය තමන් අතට ගනිමින් නැවතත් CR&FC ක්‍රීඩකයින් පිටියේ ඉදිරියට ඇදෙමින් සිටි මොහොතක තරගයේ 32 වැනි විනාඩියේ දී ක්ෂණිකව ක්‍රියාත්මක වුණු ගැමුණු චේතිය CR&FC වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (CH&FC 07 – 17 CR&FC)

ප්‍රථම අර්ධය: CH&FC 07 – 17 CR&FC

දෙවැනි අර්ධය ආරම්භ වූ විගසම විනිසුරු ගිහාන් තරගයේ 41 වැනි විනාඩියේ දී CR&FC ක්‍රීඩක පණ්ඩුක අංගම්මනට කහ කාඩ්පතක් නිකුත් කළේ නීති විරෝධීව ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට දඬුවමක් වශයෙනි. එතැන් පටන් CR ක්‍රීඩකයින්ට තවත් විනාඩි 10කට ක්‍රීඩකයින් 14 දෙනෙකුට සීමා වීමට සිදු විය.

19න් පහළ සංචිතය නම් කෙරේ!

චීනයේ දී දෙසැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වයස….

CR&FC කණ්ඩායමේ සංඛ්‍යාත්මක වාසිය මනා ලෙස ප්‍රයෝජනයට ගත් CH&FC ක්‍රීඩක ප්‍රසාද් මදුශංක තරගයේ 42 වැනි විනාඩියේ දී ‘Line Out’ අවස්ථාවකින් පන්දුව ඩැහැගනිමින් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (CH&FC 12 – 17 CR&FC)

තරගයේ 47 වැනි විනාඩියේ දී CR&FC කණ්ඩායම වෙත හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගෙන කණ්ඩායමේ ලකුණු තත්වය තවත් ලකුණු තුනකින් ඉහළ දමා ගැනීමට රීසා මුබාරක් සමත් විය. (CH&FC 12 – 20 CR&FC)

CR&FC ආරක්ෂාව හරහා ගිය සත්‍ය රණතුංග CH&FC කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අවිශ්ක ලී හට නොහැකි විය. (CH&FC 17 – 20 CR&FC)

ගිලිහී ගිය අභිමානය සොයා යාත්‍රා කරන්නට සූදානමින් සිටින නාවිකයින්

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය හයවන ස්ථානයෙන්…..

පසුව තරගයේ 72 වැනි විනාඩියේ දී නැවතත් CR&FC කණ්ඩායම තවත් දඬුවම් පහරක් හිමි වූ අතර එය ද සාර්ථක කර ගත් රීසා මුබාරක් අතිරේක ලකුණු තුනක් එකතු කරමින් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 23ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් විය. (CH&FC 17 – 23 CR&FC)

තරගයේ අවසන් විනාඩියේ දී CH ක්‍රීඩකයින් ඉදිරියට ඇදෙමින් සිටින මොහොතක CR කණ්ඩායමේ කවිඳු ද කොස්තාට විනිසුරු නීති විරෝධීව ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට දඬුවමක් වශයෙන් කහ කාඩ්පතක් නිකුත් කළේය.

අවසන් ලකුණු තත්වය: CH&FC 17 – 23 CR&FC

ThePapare.com තරගයේ වීරයා – රීසා මුබාරක් (CR&FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

CR&FC – ජනිදු දිල්ශාන් 1T, ගැමුණු චේතිය 1T, රීසා මුබාරක් 2C 3P
CH&FC – සත්‍ය රණතුංග 2T, ප්‍රසාද් මදුශංක 1T, අර්ෂාඩ් ජමාල්ඩීන් 1C

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<