රෝහිත්ගේ පන්දු ප්‍රහාරයෙන් බංග්ලාදේශය අසරණ වේ

91

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ රාජ්කොට් හිදී පැවති දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (7) සමත් විය.

ෂාගේ අර්ධ ශතකයකට සුබ පතන්න ගිය ඉක්‍රම්ගේ කඩුල්ල දැවී යයි

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ……….

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළ අතර මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ ලිටන් දාස් සහ මොහොමඩ් නයිම් දෙදෙනායි.

සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක් එක් කිරීමට ඔවුන් දෙදෙනා සමත් විය. ඉන් පන්දු 21ක දී ලකුණු 29ක් ලබා ගත් ලිටන් දාස් පළමු කඩුල්ල අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. 

පසුව නයිම් සමඟ එක්වූ සෞම්‍ය සර්කාර් ලකුණු පුවරුව 83ක් දක්වා ඔසවා තැබූ අතර ඒ දක්වා තම අන්තය ආරක්ෂා කර ගත් නයිම් පන්දු 31ක දී ලකුණු 36ක් ලබා ගත්තේ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. මෙම තරග රටාවට සාපේක්ෂව තරමක් තැන්පත් වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් අන්තර්ගත වූ අතර අවසානයේ ඔහු දැවී ගියේ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේය.

අනතුරුව පිටියට පිවිසියේ පෙර තරගයේ දී බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ මුෂ්ෆිකර් රහීම් ය. නමුත් මෙම තරගයේ බංග්ලාදේශ බලාපොරොත්තු සුන් කරමින් ඔහු ආ විගසම ලකුණු 4කට දැවී ගියේ යුස්වේන්ද්‍ර චහාල්ගේ ගොදුරක් බවට පත්වෙමිනි. 

කෙසේ වෙතත් අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ සෞම්‍ය සර්කාර් ඒ අතරවාරයේ ප්‍රවේගකාරී ලකුණු 30ක් ලබා ගත්තේ පන්දු 20කට පමණක් මුහුණ දෙමිනි. ඒ හා සමානම කෙටි ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් ද පන්දු 21කින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.  ඔවුන් දෙදෙනාම දැවී ගියේ යුස්වේන්ද්‍ර චහාල්ගේ පන්දු හමුවේ ය. 

අංක 06 පිතිකරු වශයෙන් පිටියට පිවිසි අෆිෆ් හොසේන් ආ විගසින්ම ලකුණු 6කට දැවී ගියේ කලීල් අහමඩ්ගේ පන්දුවක් හමුවේය.

මේක හොඳ දෙයක් කියලා සුමතිපාලත් මට කිව්වා – ක්‍රීඩා ඇමති

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “ක්‍රීඩාවට ………

කෙසේ වෙතත් බංග්ලාදේශය තම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස්කිරීමට සමත් විය. ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මොසද්දික් හොසේන් හා අමිනුල් ඉස්ලාම් පිළිවෙළින් ලකුණු 7ක් හා 5ක් ලබා සිටියේය.

ඉන්දියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කළ යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට ශිකර් ධවාන් සහ රෝහිත් ශර්මා දෙදෙනායි.

ඉතා ධනාත්මක ආරම්භයක් ලබා ගනිමින් පළමු පන්දුවේ පටන්ම බංග්ලාදේශ පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 118ක දැවැන්ත සබඳතාවයක් පිහිටවූයේ බංග්ලාදේශයට සිහින මුළුමනින් බොඳ කර දමමිනි.

ඊට වැඩි දායකත්වයක් ලබා දුන් රෝහිත් ශර්මා පිටිය සිසාරා පන්දුවට පහර එල්ල කළේ මෙම තරගයේ ආධිපත්‍යය තමන් වෙත නතුකර ගනිමිනි. 

අනෙක් අන්තයේ තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් රෝහිත්ට සහය ලබා දුන් ධවාන් පන්දු 27ක දී ලකුණු 31ක් ලබා ගත් අතර ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ අමිනුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

තම සගයාගේ දැවී යාමෙන් මද වේලාවකට පසු ඉනිමේ අණසක පැතිරූ රෝහිත් ද දැවී ගියේ පන්දු 43කින් ලකුණු 85ක් ලබා සිටිය දී ය. ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා දැවැන්ත හයේ පහර 6ක් අන්තර්ගත විය.

රිච්මන්ඩ් හා සාන්ත පීතර විදුහල් පළමු ඉනිම ජය ගනියි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව ………..

එතැන් පටන් යළිත් ක්‍රියාත්මක වෙමින් ඉන්දියාව ජයග්‍රහණය දක්වාම රැගෙන යාමට අංක 4 පිතිකරු ශ්‍රෙයාස් අයියර් සමත් වූයේ පන්දු 13ක දී වේගවත් ලකුණු 24ක් නොදැවී රැස්කරමිනි.  

අවසානයේ දී ඉන්දියාව පන්දුවාර 15.4ක දී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කරමිනි. ඉන්දීය ඉනිම අවසන් වන විට අයියර් සමඟ අනෙක් අන්තයේ රැඳී සිටි රාහුල් නොදැවී ලකුණු 8ක් ලබා සිටියේ ය.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය එළඹෙන ඉරිදා (10) නාග්පූර් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

බංග්ලාදේශය 153/6 (පන්දුවාර 20): මොහොමඩ් නයිම් 36(31), සෞම්‍ය සර්කාර් 30 (20), මහමදුල්ලා රියාද් 30(21), යුස්වේන්ද්‍ර චහාල් 2/28

ඉන්දියාව 154/2 (පන්දුවාර 15.4 ): රෝහිත් ශර්මා 85(43), ශිකර් ධවාන් 31(27), ශ්‍රෙයාස් අයියර් 24(13), අමිනුල් ඉස්ලාම් 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<