මේක හොඳ දෙයක් කියලා සුමතිපාලත් මට කිව්වා – ක්‍රීඩා ඇමති

82

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත” පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් අද (07) ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. 

මෙම පනත ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම මුල් වරට ඉදිරිපත් වන පනතක් වන අතර මේ මඟින් තරග පාවා දීම්, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැනි වැරදිවලට එරෙහිව නීති රාමුවක් ඔස්සේ වැරදිකරුවන් බවට පත්වන්නන්ට දඬුවම් ලබා දීම සිදු  කරයි. මෙහි මූලික අරමුණ වනුයේ ක්‍රීඩාව සාධාරණ හා යුක්තිගරුක එකක් බවට පත්කොට ක්‍රීඩාවේ පිරිසිදු බව රැකගැනීමයි.

Asela Gunaratne back in action at T10 League

The 3rd edition of the T10 league, which is organized by the Indian….

මහාධිකරණයක නඩු විභාගයකින් අනතුරුව යමෙකු එවන් නීති විරෝධී කටයුත්තකට වැරදිකරු බවට පත් වුවහොත් එම පුද්ගලයාට රුපියල් මිලියන 100 දක්වා දඩයකට හෝ වසර 10ක් දක්වා සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇති අතර යම් අයෙකු එවන් සිදුවීමක් හෙළිකිරීම හිතාමතා මගහැරියහොත් හෝ වරදට වක්‍රාරයෙන් සහය දක්වන්නේ නම් එම පුද්ගලයාට රුපියල් ලක්ෂ තුනක දඩයකට හෝ වසර 2ක සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.

මෙම පනත ක්‍රීඩකයන්ට පමණක් නොව පුහුණුකරුවන්ට හා ක්‍රීඩා නිලධාරීන්ටද එරෙහිව බලපැවැත්වෙනු ඇත.

මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රථමයෙන්ම අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා පැවසූයේ මෙම පනත සම්බන්ධ කෙටුම්පත සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සියලුම කර්තව්‍යයන් අවසන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ පළමු වරටත්, දෙවන වරටත් කියවීමට අදට නියමිතව තිබූ බවයි. 

ඒ සඳහා තරුණ කටයුතු, ක්‍රීඩා, කලා හා උරුමයන් පිළිබඳව අධීක්ෂණ කමිටුවේ අදාල අනුමැතිය 2019-10-23 දින ලැබුණු බවත්, ඒ අනුව ඊට අදාළ පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය අද දිනට (2019-11-07) යෙදී තිබුණු බවත් ය. 

නමුත් යම් ප්‍රමාද දෝෂයක් මත එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව අද දින කියවීම අතපසු වූ බව ඒ මහතා කියා සිටියේ ය.

ෂාගේ අර්ධ ශතකයකට සුබ පතන්න ගිය ඉක්‍රම්ගේ කඩුල්ල දැවී යයි

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය අරඹමින්…..

අනතුරුව මේ සම්බන්ධව අමතර අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා කියා සිටියේ මෙම පනත සම්මත කර නීතියක් බවට පත් කිරීමට 2019-11-11 දින දක්වා පාර්ලිමේන්තුවේ කල් තැබීමට සිදු වූ වගයි.

ඊට අමතරව අමාත්‍යවරයා පවසා සිටියේ,

අපට කෙසේ හෝ මෙම පනත සම්මත කර ගත හැකි නම් ඒක ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ලබා ගන්නා විශාලතම ජයග්‍රහණයක් වෙනවා. එම පනත ක්‍රියාවට නංවා අනුගමනය කිරීම පිළිබඳව මෙතන කිසිම කෙනෙක් ගෞරවයක් බලාපොරොත්තු වන්නේ නෑ” ලෙසයි.

“මෙවන් දේවල් ක්‍රීඩාවට ගෙන එන එක ඉතාමත් හොඳයි කියලා මට තිලංග සුමතිපාල මැතිතුමාත් කිව්වා” යනුවෙන් ඇමතිවරයා අවසන් වශයෙන් පවසනු ලැබීය.

මෙම සුවිශේෂී ක්‍රීඩා පනත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා වලට අදාල වන පනතකි.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් පෙරේරා මැතිතුමා, ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද සහ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල ඇතුළු මහත්මයන් සහභාගී වූහ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<