මහින්ද විද්‍යාලයේ හදගැස්ම වැඩි වෙද්දී රාජකීයයින්ට පහසු ජයක්

278

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු දක්ෂයින් කල්තියා හඳුනා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (20) පැවැත්වූ අතර එම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය.

මුදතගේ උත්සාහය අපතේ යවමින් සත්කාරකයෝ අවසන් 8

වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 වටයේ තවත් තරගයක් අද (19) නාලන්ද විද්‍යාලය හා කුරුණෑගල……

අද පැවැත්වූ තරගවල දී රාජකීය විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 113ක ජයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වෙද්දී, ගාල්ල මහින්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති අනෙක් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගන්නට මහින්ද විද්‍යාලයට හැකි විය.

රාජකීය විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය

මහර බන්ධනාගාර ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සංචාරක රාජකීය විද්‍යාලයට ආරාධනා කළේය.

ඒ අවසරයෙන් පිටියට පැමිණි රාජකීය විද්‍යාලයේ පළමු කඩුල්ල පළමු පන්දුවාර තුන තුල දවා ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් විය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ තිතිර වීරසිංහ හා කමිල් මිශාර අගනා සබඳතාවයක් ගොඩනංවමින් රාජකීය ලකුණු පුවරුව සවිමත් කළ අතර එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 58ක් හා ලකුණු 55ක් ලබාගෙන ගුරුකුල විද්‍යාලයේ පන්දු යවන්නන්ට අර්ධ ශතකවලින්  සංග්‍රහ කරන ලදි. එම ඉනිම් ද්විත්වයම 4 පහර කිහිපයකින්ම අලංකාරවත් විය.

මීට අමතරව රාජකීය විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් වන ඉෂිවර දිසානායක ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් ලකුණු 49ක් ලබා ගත් අතර ඔහුගේ අර්ධ ශතකයට තවත් එක් ලකුණක් මෙපිටින් සිටිය දී ඔහුගේ ඉනිමට තිත වැටුණි. අවසානයේ රාජකීය විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී සසිත අශාන් හා ප්‍රවීන් නිමේෂ් අතරේ කඩුලු දෙක බැගින් බෙදී යන ලදි.

තියුණු සටනකට පසුව සාන්ත ජෝසප් සුපිරි 8ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට්……

ලකුණු 247ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ ගුරුකුල විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් දෙදෙනා එතරම් දුරට සාර්ථක නොවූවත් තෙමිර නයනතරු, ලික්ශාන් සසංග හා සිතිජ චමෝද් යන පිතිකරුවන් තිදෙනා ලකුණු 28 ඉක්මවා රැස්කර ගනිමින් ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත විය.

කෙසේ නමුත් ඔවුන් තිදෙනා හට තරගයේ අවසානය දක්වා  සිය කණ්ඩායම මෙහෙයවීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් හට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණි. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු මදුසංක හා දඟපන්දු යවන ක්‍රීඩක මනුල පෙරේරා පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් දවා ගත්තේය.

රාජකීය විද්‍යාලය – 246/8 (50): තිතිර වීරසිංහ 58, කමිල් මිශාර 55, ඉෂිවර දිසානායක 49, තෙවිඳු සේනාරත්න 29, ප්‍රවීන් නිමේෂ් 2.28, සසිත අශාන් 2/39.

ගුරුකුල විද්‍යාලය – 133 (38.1): තෙමිර නයනතරු 31, ලික්ශාන් සසංග 29, සිතිජ චමෝද් 28, මනුල පෙරේරා 3/15, ලහිරු මදුසංක 4/27.

තරග ප්‍රතිඵලය: රාජකීය විද්‍යාලයට ලකුණු 113ක ජයක්


වේල්ස් කුමර විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

උපේඛ ප්‍රනාන්දු හා අනූප හේෂාන්ගේ පිතිකරණයෙන් වර්ණවත් වූ මේ තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අතර ගුවනට නැගුණු කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තරණය කරන ලදි.  

කාසියේ වාසිය ද සමඟින් පිටියට පැමිණි වේල්ස් කුමර විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් දකුණතින් පිතිත් හසුරුවන උපේඛ ප්‍රනාන්දු හා අනූප හේෂාන් යන දෙදෙනා දැවී යාමත් සමඟම තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම දෙසට නතුකර ගැනීමට සත්කාරක මහින්ද විද්‍යාලය සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලකුණු 157ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කවිශ විමුක්ති ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගන්නා ලදි.

17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

2018 සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වට දෙක පසුගිය දා අවසන් වූ අතර…..

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි මහින්ද විද්‍යාලය පළමු පන්දුවාර 23 තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 93ක් ලබාගෙන ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ලදි.

එහි දී වමතින් පිත්ත හසුරුවන සිතිර හේලිත 4 පහර 4ක් සමඟ ලකුණු 41ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහු දැවී ගිය පසුව ශාක්‍ය සම්පත් හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ නවෝද් පරණවිතාන එක්ව මහින්ද විද්‍යාල ලකුණු සටහනට පිළිවෙළින් ලකුණු 24ක් හා ලකුණු 23ක් එකතු කළේය.

මහින්ද විද්‍යාලයේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් ඉතාමත් දුර්වල විලාසයකින් පන්දුවට පහර දීම නිසාවෙන් වේල්ස් කුමර විද්‍යාලය මේ තරගය ඉතාමත් තියුණු තැනකට රැගෙන ආ අතර මහින්ද විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 5ක් අවශ්‍යව තිබිය දී ඔවුන් අතැතිව තිබුණේ එක් කඩුල්ලක් වුවත් ඔවුන් එම කඩුල්ල රැකගෙන සිය කඩඉම වෙත ඇදීයන්නට වූයේ මොහොතකට නතර වී තිබූ සිය විද්‍යාලයේ ක්‍රීඩකයින්ගේ හදගැස්මට නව රිද්මයක් එකතු කරමිනි. පන්දු යැවීමේ දී අශාන් ප්‍රනාන්දු  ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලය – 157 (49.4): උපේඛ ප්‍රනාන්දු 69, අනූප හේෂාන් 53, කවිශ විමුක්ති 2/17.

මහින්ද විද්‍යාලය – 158/9 (47.4): සිතිර හේලිත 41, ශාක්‍ය සම්පත් 24, නවෝද් පරණවිතාන 23, අශාන් ප්‍රනාන්දු 3/24, ලක්ෂාන් පෙරේරා 2/18.

තරග ප්‍රතිඵලය: මහින්ද විද්‍යාලයට එක් කඩුල්ලක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<