මුදිතගේ උත්සාහය අපතේ යවමින් සත්කාරකයෝ අවසන් 8

435

වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 වටයේ තවත් තරගයක් අද (19) නාලන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 38ක ජයක් ලබාගත් නාලන්ද විද්‍යාලය තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තියුණු සටනකට පසුව සාන්ත ජෝසප් සුපිරි 8ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වටයේ පළමු තරගය අද (18) සාන්ත ජෝසප් විදුහල්…

කොළඹ නාලන්ද විද්‍යාලය මේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ P කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගෙනයි. නාලන්ද පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 186ක් ලබා ගැනීමට සත්කාරකයින්ට හැකි වූ අතර එහි දී නදුන් සේනාරත්න හා අවිශ්ක පෙරේරා යන පිතිකරුවන් දෙදෙනා නාලන්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් බවට පත්විය. පන්දු යැවීමේ දී මලියදේව විද්‍යාලයේ ලක්ෂිත රණවක ලකුණු 24ට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 185ක හොඳ ලකුණු ප්‍රමාණයක් පසුපස හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ සංචාරක මලියදේව විද්‍යාලයේ පිතිකරුවන්ව පළමු පන්දුවාර කිහිපය තුලම සිය ග්‍රහණයේ රඳවා ගැනීමට සත්කාරක නාලන්ද ක්‍රීඩකයෝ සමත් වූහ. අනතුරුව පිටියේ ස්ථාවර වූ මුදිත ප්‍රේමදාස එක් අන්තයක් රැකගෙන සැලකිය යුතු පන්දු ප්‍රමාණයක් සඳහා මුහුණ දෙමින් වටිනා ලකුණු 65ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගත්තේය. එම ඉනිම 4 පහර 5කින් අලංකාරවත් විය.

17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

2018 සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වට දෙක පසුගිය දා අවසන් වූ අතර එහි දී ඒ ඒ පාසල් කණ්ඩායම් දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 16ක් තරගාවලියේ…

තරගයේ 36 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට මලියදේව විද්‍යාලය ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටි නමුත් ඒ පන්දුවාරයේ දී මුදිත ප්‍රේමදාසව පිටියෙන් ඉවත් කිරීමට නාලන්ද පන්දු යවන්නන් සමත් වීමත් සමඟම මලියදේව විද්‍යාලයේ කඩුලු බිඳ වැටීම ඉක්මන් විය.

මලියදේව විද්‍යාලයට මේ තරගය ජය ගැනීමට නම් අවසන් පන්දුවාර 14 තුල ලකුණු 65ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණ ද ඔවුන් සතුව ප්‍රමාණවත් කඩුලු සංඛ්‍යාවක් නොතිබීම ඔවුන්ගේ ජයග්‍රහණයට බාධාවක් විය. අවසානයේ සිය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙරාතුව මලියදේව ක්‍රීඩකයෝ සියල්ලන්ම ක්‍රීඩාගාරයට හැරී යන විට ඔවුන්ගේ ලකුණු සටහන ලකුණු 146ක් ලෙස දැක්විය. පන්දු යැවීමේ දී නාලන්ද විද්‍යාලයේ රවීන් ද සිල්වා කඩුලු 3ක් දවා ගන්නා විට රෂාන් දිසානායක හා චමෝද්‍ය රාජපක්ෂ අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

නාලන්ද විද්‍යාලය – 184 (50): නදුන් සේනාරත්න 43, අවිශ්ක පෙරේරා 28, ජයෝද් කල්දේරා 20, අනුද් විල්වර 20, ලක්ෂිත රණවක 2/24.

කුරුණෑගල මලියදේව විද්‍යාලය – 146 (45.3): මුදිත ප්‍රේමදාස 65, රවීන් ද සිල්වා 3/28, රෂාන් දිසානායක 2/24, චමෝද්‍ය රාජපක්ෂ 2/21.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<