තියුණු සටනකට පසුව සාන්ත ජෝසප් සුපිරි 8ට

323

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වටයේ පළමු තරගය අද (18) සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී පැවැත්විය. මේ තරගයෙන් ඉසිපතන විද්‍යාලය හමුවේ කඩුලු 2ක තියුණු ජයක් ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලය සුපිරි 8 වටයේ සිය අසුන වෙන්කර ගැනීමට සමත් විය.

17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

2018 සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග…

නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. සාන්ත ජෝසප් විද්‍යාලයේ අශාන් ද අල්විස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමේ වාසිය සිය විද්‍යාලය දෙසට නතුකර ගැනීමට ඉසිපතනය විද්‍යාලය අපොහොසත් විය. ඉසිපතන විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් පස්දෙනෙක් ලකුණු 35ක් තුල දැවී ගිය අතර යසිරු කළුආරච්චි හා ලෝමිත රවීන්ද්‍රනාත් එක්ව බිඳ වැටුණු ඉසිපතන ඉනිම යම්තාක් මට්ටමකට ඔසවා තබන ලදි. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් නොදැවී ලකුණු 23*ක් හා ලකුණු 15ක් රැස්ක රගන්නා ලදි.

අවසානයේ ඉසිපතන විද්‍යාලය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියලුම දෙනා දැවී ලකුණු 102ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී අශාන් ද අල්විස් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා වන විට ඔහුට සහය දුන් යෙසිත් රූපසිංහ හා මිරංග වික්‍රමගේ කඩුලු 2ක බැගින් දවා ගන්ාන ලදි.

ලකුණු 103ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි සත්කාරක සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම හට ද ඉසිපතන මුල්පෙළ පිතිකරුවන් මුහුණ දුන් අභියෝගයට මුහුණ දීමට සිදු වූයේ ඔවුන්ගේ ද පළමු කඩුලු කිහිපය ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගිය නිසාවෙනි. ඉන්පසුව පිටියේ එක්වූ දිනෙත් ජයකොඩි හා යෙසිත් රූපසිංහ සාන්ත ජෝසප් විද්‍යාලයට සාර්ථක පදනමක් සකස් කර දීමේ අරමුණ අතැතිව පිටියේ රැඳී සිටියත් ඒ වෑයම ද සාර්ථක නොවීය.

“SLC T20” ශූරයින්ටත්, අනුශූරයින්ටත් සුපිරි ත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය..

නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කිරීමට වරම් උදා කර ගත් දුනිත් වෙල්ලාල්ගේ අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැලවුම්කරු බවට පත්වෙමින් ලකුණු 31ක් රැස්කර ගත්තේ ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක් දියත් කරමිනි.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් අභියෝගාත්මක ලෙස පන්දු යැවීමේ නිරත වූ පිට දඟපන්දු යවන තෙවිඳු දික්වැල්ල ඉතාමත් හොඳ පාලනයක් සහිතව සිය පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කරන ලදි. දුනිත් වෙල්ලාලගේ දැවී ගිය පසුව සාන්ත ජෝසප් විද්‍යාලය යළිත් වරක් යම් පසුබෑමකට ලක්විය. ලකුණු 95කට කඩුලු 8ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්වූ ශෙරන් ෆොන්සේකා හා අශේන් ඩැනියල් සෙමින් සීරුවේ සිය විද්‍යාලය දිනුම් කණුව වෙත රැගෙන යමින් තරගයේ ජය වාර්තා කර ගන්නා ලදි.

ඉසිපතන විද්‍යාලය – 102 (46.3): යසිරු කළුආරච්චි 23*, ලෝමිත රවීන්ද්‍රනාත් 15, ඉසුරු සඳමාල් 11, අශාන් ද අල්විස් 3/16, යෙසිත් රූපසිංහ

2/15, මිරංග වික්‍රමගේ 2/13

සාන්ත ජෝසප් විද්‍යාලය – 103/8 (24.2): දුනිත් වෙල්ලාලගේ 31, තෙවිඳු දික්වැල්ල 2/10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<