විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 300ක් දවා ගත් පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වීමට Yuzvendra Chahal ඊයේ (02) සමත් වුනා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sunrisers Hyderabad සමඟ ඊයේ පැවති තරගයේ දී ඔහු එම කඩඉම පසු කළ අතර ඔහු විසින් එම සීමාව පසු කර ගියේ Harry Brookගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.
තරගය පුරාවට කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Chahal සිය පන්දුවාර හතර තුළ ලකුණු 17ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුනා.
මේ දක්වා විස්සයි විස්ස තරග 265ක් ක්‍රීඩා කර ඇති Chahal, 23.60ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 303ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහු ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් තරග 75ක් තුළ කඩුලු 91ක් දවා ගෙන තිබෙනවා.
- Gujarat Titans සුපිරි පිතිකරුවාට තරගාවලිය අහිමි වෙයි
- භානුකගේ මංගල අර්ධ ශතකය Punjab දිනවයි
- Punjab Kings කණ්ඩායමට Bairstowව අහිමි වෙයි
- චෙන්නායි කඳවුර දෙදරවමින් ගියවර ශූරයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
- මාර්තු 31 වැනිදා සිට ඇරඹෙන IPL උන්මාදය!
Sunrisers Hyderabad සමඟ පැවති තරගයෙන් ලකුණු 72ක පහසු ජයක් ලබා ගැනීමට Rajasthan Royals ක්‍රීඩකයින්ට හැකි වූ අතර Jos Buttler ලබා දුන් ආරම්භයත් සමඟ නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 203ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.
පිතිකරුවන් ලබා දුන් රිද්මය එලෙසෙම පවත්වා ගත් Rajasthan Royals පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන පන්දු යැවීම හමුවේ Sunrisers Hyderabad කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 138ක් පමණයි.
මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
Times of India ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















